Uber මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ ‘Uber Connect’ නමින් පාර්සල් බෙදාහැරීමේ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. මෙමගින් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට තමන්ගේ නිවෙස්වල සිටම ඉතාමත් පහසුවෙන් නගර සීමාව තුළ පාර්සල් යැවීමට හා ගෙන්වා ගැනීමට මෙන්ම, අලෙවිසැල් වෙතින් භාණ්ඩ ඇණවුම් කිරීමටද අවස්ථාව ලැබෙනු ඇත.
මෙසේ යවනු ලබන සියලුම පාර්සල් යතුරුපැදියක රැගෙන යා හැකි ආකාරයේ පාර්සල් විය යුතු අතර, කිලෝග්‍රෑම් 5කට අඩු බරකින් යුත්, සුරක්ෂිත ලෙස ඇසුරුම් කළ ඒවා විය යුතුය. ඇල්කොහොල්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීතිවිරෝධී භාණ්ඩ භාරගනු නොලැබේ. පාර්සලය භාරගැනීමට පෙර සිටම මෙන්ම, පාර්සලය රැගෙන යාම හා භාරදීම දක්වා ගමන්මග නිරීක්ෂණය කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන අතර, එම තොරතුරු පාර්සලය ලබන්නා වෙතද දැනුම්දීමට හැකිවීම විශේෂත්වයකි. තමන්ට නුදුරින් ඇති අලෙවිසැලකින් භාණ්ඩ ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පාරිභෝගිකයන් කළ යුතු වන්නේ දුරකථනය මගින් ඇණවුම ලබාදී, පාර්සලය ලබාගත යුතු ස්ථානය ලෙස අදාළ අලෙවිසැලෙහි ලිපිනය ඇතුළත් කිරීම පමණි.











