• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගුණ සපිරි කැත හිතෙන ඩොලර් දෙලක්ෂයේ කෝපි කෝප්පය

September 5, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ගුණ සපිරි කැත හිතෙන ඩොලර් දෙලක්ෂයේ කෝපි කෝප්පය
Share on WhatsAppShare on Facebook

ඉන්දූනීසියාවේ ජකර්තා අගනුවර සුපරි අවන්හලකි. පිරිසිදු ඇඳුමින් සැරසුණු සේවකයෙකු රන්හූයෙන් වැඩ දැමූ පීරිසි කෝප්පයකට උණු වතුර ගෙන ආවේය. කෝපි ලුවාක් නමැති ලේබලය සහිත සීල් කළ පැකට්ටුවක් ඔහු ඊළඟට ගෙන ආවේ භක්තියෙන් මෙනි. පැකට්ටුවේ ඇති දෙය කෝප්පයට හැලූ ඔහු ප්‍රවේශමෙන් එය කලතා පිළිගැන්වීය. විනාඩි දෙකකට පසු අමුත්තාට කෝපි කෝප්පයේ රස බැලිය හැකිය.

ඔබත් කෝපි ප්‍රේමියෙක්ද? එසේනම් ලුවැක් සිවෙට් කෝපි බොන්න කැමතිද?

කෝපි ප්‍රේමින් ලෙස වෙනමම කොටසක් ලොව පුරා විසිරී සිටින බව ඔබ දන්නවාද? කෝපි යන වචනය ඇසූ පමණින්ම බඩ වේළවන කොටසක්ද ඇත. ශ්‍රී ලංකාවේ අපි නම් කෝපි පානය කරනුයේ අධික සීතලෙන් මිදීමට, බඬේ අමාරුවක් ඇති වූ විට හෝ නිදිමැරීම අවශ්‍ය වූ විටය. එහෙත් ලොව පුරා විසිරී සිටින කෝපි හිතවත්හු එය නිතිපතා පානය කරති. මාද යම් තරමක කෝප ප්‍රේමියෙකි. ඒ එහි ඇති නැවුම් සුවඳත්, රසයත් නිසාය. කෝපි කෝප්ප දෙක තුනක් දිනකට පානය කිරීමෙන් වයස්ගත පෙනුම අඩු කරගැනීමට හැකිය.

කෙසේවෙතත්, අද වන විට වෙළෙඳපොළේ විවිධ කෝපි වර්ග සිය ගණනාවක් ඇත. විවිධ රසයන්ගෙන්, විවිධ මිශ්‍රණවලින් මෙන්ම විවිධ සුවඳින් යුත් කෝපි ලබා ගත හැකිය. එහෙත් ලොව වැඩිම වටිනාකමක් ඇති ලුවැක් සිවෙට් කෝපි කෝප්පයක ඔබ රස බලා තිබේද? ඒ ගැන අසා තිබේද? කෙදිනක හෝ බීමට බලාපොරොත්තුවක් තිබේද? ලුවැක් කෝපි කෝප්පයක් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන ඉන්දුනීසියාවේ විකුණා ඇති ඉහළ මිල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් පමණ වේ.

ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක්, ආසන්න වශයෙන් රුපියල් මිලියන විසි හයකි. ඒසා විශාල මුදලක් ගෙවා කෝපි කෝප්පයක් බීමට තරම් වත්කමක් ශ්‍රී ලංකාවේ කිසිම පුරවැසියෙකුට තිබේද? එය තමයි ඔබගේ හිතට එකවර ගලා ආ ප්‍රශ්නය. නමුත් එය නොමිලේ ලබා දුන්නොත් (කෝපි දන්සැලක්) ඔබ පානය කරනවාද? ඔබේ පිළිතුර ඔව් නම් තවත් මිනිත්තු කිහිපයක් ගෙන මේ ලිපියේ ඉතිරි කොටසත් කියවන්න.

ලුවැක් සිවෙට් කෝපි යනු කුමක්ද? එය නිෂ්පාදනය කරනුයේ කෙසේද? එය එතරම් මිල අධික වීමට හේතුව කුමක්ද? ඕනෑම මිල අධික නිෂ්පාදනයකම පොදු ලක්ෂණය නම් එහි දුර්ලභභාවයය. එසේ නම් ලුවැක් සිවෙට් කෝපි දූර්ලභ වන්නේ ඇයි? කෝපි යනු ඝර්ම කලාපීය රටවල ඉතා සුලභව වැවෙන බෝගයක් නිසා අනිවාර්යයෙන්ම එහි නිෂ්පාදන ක්‍රියාවලිය මිල අධික එකක් විය යුතුය. අනෙක එය සුලභව පැවතුණත් ඒ සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගත හැකිද?

සිවෙට් යන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම වන්නේ උරුලෑවා යන්නයි. උරුලෑවා ගියා වගේ යන කියමන අපේ ගම්මුන් යොදා ගන්නේ අහල පහළ තෙක් මානයක සිටින්නට බැරි තරම් දුඟඳක් වහනය වන විටදීය. උරුලෑවා එතරම් ගඳ සතෙකි.

කෙසේ වෙතත් මේ විශේෂිත කෝපි වර්ගය නිෂ්පාදනයට බළල් පවුලට අයත් උරුලෑවා යොදා ගන්නා බව ඔබ දන්නවාද? ඒ කෙසේද?

මෙම කෝපි නිෂ්පාදනාගාරයන් තුළ උරුලෑවන් සමූහයක්ද සේවය කරයි. ඔවුන්ට තිබෙනුයේ එහි සේවකයන් ලබාදෙන හොඳින් ඉදුණු කෝපි ඇට ගිල දැමීමයි. ඔබ මවිතයට පත්වන කාරණය එනුයේ ඉන් අනතුරුවය. එනම් එසේ ගිල දමන කෝපි ඇටවලින් එහි පොත්ත හා ගැටී ඇති රසවත් කොටස පමණක් මේ උරුලෑවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් අවශෝෂණය කරගෙන එහි ඇට අර්ධ වශයෙන් දිරවා ඔවුන්ගේ මල ලෙස නැවතත් පිටකරයි. ආයතනයේ සේවකයන් ඒවා එකතු කරගනී.

එසේ එකතු කර ගන්නා කෝපි ඇට හොඳින් පවිත්‍ර කර අව්වේ වේළා ගනී. ඉන් පසුව සාමාන්‍ය කෝපි මෙන් කුඩු කර කෝපි නිෂ්පාදනය කරයි. උරුලෑවන්ට ගිලවන්නේ නැතිව කෝපි නිෂ්පාදනය කළා නම් ඉවරයි යන්න ඔබට මෙන්ම මටද මුලින් ඇති වූ සිතුවිල්ලකි.එහෙත් උරුලෑවාගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් එකතු කරන එන්සයිම සහ එම සතා විසින් ආහාරයට ගන්න වෙනත් ස්වාභාවික මල් වර්ග කෝපි ඇටවලට ඉහළ සුවඳක් සහ රසයක් එක් කරයි.
මිනිසාට අධික මුදලක් ඉපයීමට තමා දායක වන බව මේ තිරිසන් සතා දන්නවාද? ඇත්තටම මේ උරුලෑවා අප කලින් දැන සිටි ලංකාවේ වෙසෙන දුඟඳ වර්ගයේ එවුන් විය නොහැක. එසේනම් එම ස්ථාන සඳහා සේවකයන් හට විශාල වේතනයක් ලබාදිය යුතුය. නමුත් විවිධ රටවල විවිධ වර්ගයේ සතුන් ඇත. දැනට මෙවැනි කෝපි නිෂ්පාදනය කරනුයේ ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල්වල පමණි. නමුත් ශ්‍රී ලංකාවේ අපිටද මෙය අත්හදා බැලිය හැකි කදිම ආයෝජන අවස්ථාවකි.

මෙවැනි මිල අධික කෝපි පානය වෙළෙඳ ගැටයක් බව බි්‍රතාන්‍ය ගාර්ඩියන් පුවත්පතට ලියන පීට් ක්ලාක් පවසයි. ඔවුන් මෙම කෝපි වර්ගය කොනෝෂර් එක්ස්ප්‍රසෝ ලෙස හඳුන්වයි. ලංකාවේ අපිට නම් බෙහෙතකටවත් නොමිලේ මෙවන් කෝපි කෝප්පයක් පොවා ගන්නට බැරි බව නම් සහතිකය. මෙම කෝපි වර්ග නිෂ්පාදකයින්ගේ සංගමයක්ද ඇති අතර ඔවුන්ගේ නවතම සොයා ගැනීම වී ඇත්තේ ඇරබිකා නමැති කෝපි ඇට වඩාත් සුවඳින් යුත් ලුවැක් සිවෙට් කෝපි ලබා දෙන බවත්ය.

ඉන්දුනීසියාවේදී උපත ලද ලුවැක් කෝපි වර්ගයට ලන්දේසි යටත් විජිත යුගයටත් වඩා වැඩි ඉතිහාසයක් ඇත. ලන්දේසීන් විසින් ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා ජාවා දූපත්වල කෝපි වගාව ව්‍යාප්ත කිරීමත් සමඟ ඉන්දුනීසියානු ජාතික ගොවියන්ට හා කම්කරුවන්ට තම පෞද්ගලික පරිභෝජනය සඳහා කෝපි නෙළීම තහනම් කරන ලදී. මේ නිසා ඉන්දුනීසියානු ජාතිකයන් කෝපි තහනමට විකල්පයක් සොයා යෑමේදී සිවෙට් නමැති උරුලෑවා විසින් කෝපි ගෙඩි ආහාරයට ගෙන බීජ මල සමඟ පිට කරන බව සොයා ගන්නා ලදී. ඒ අනුව ඉන්දුනීසියානු ජාතිකයන් විසින් උරුලෑ මලවල ඇති කෝපි ඇට එකතු කර පිරිසිදු කොට බැද කුඩු කර පානයට ගන්නා ලදී. මෙම කෝපි වර්ගයේ වූ මිහිරි රසය නිසා එය ලන්දේසි යටත් විජිත පාලනය දක්වාම පැතිර යන්නට විය. එය ඒ සමය තුළද මෙකල මෙන් මිල අධික කෝපි වර්ගයකි.

ක්‍රිෂාණි මල්ලව

SendShareShare
Previous Post

සඳනි හොරෙන්ම පටන්ගත්ත ලව් ස්ටෝරිය

Next Post

කොමර්ෂල් බැංකුව සහ HCL ටෙක්නොලොජීස් වෙතින් මෙරට සිසුන්ට සහන රැසක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.