• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

June 7, 2026
in Heart
Reading Time: 3 mins read
A A
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිසු දරුවන්ගේ මනසට කලාත්මක රසවින්දනයක් එකතු කරමින්, ඔවුන්ට කලාවට පිවිසීමට දොර විවර කරන ඇය ගුරුවරියක්. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් විවිධ චරිත හරහා ඔබට සමීප වන සිළුමිණි අලගියවන්න රංගන ශිල්පිනිය සමග කෙටි කතාබහකට අපි මෙලෙස ඇය සමග සම්බන්ධ වුණා.Sri Lanka Latest News

කාලයක් ඔබ නිහඬව ඉඳලා ප්‍රේක්ෂකයන් අතරට නැවත ඇවිත්?
පාසල් අවධියේ ඉඳලා කලාවට පුදුම ආශාවක් තිබුණේ. එදා ඉඳලා කලාවේ රැඳී සිටීමට නොහැකි වීම ගැන මම අදටත් දුක් වෙනවා. මම ගුරුවරියක් ලෙස උපරිම කැපවුණා. ඒ වගේම මම බිරිඳක් නිසා සහ පවුලේ වැඩකටයුතු නිසා මට කලාව වෙනුවෙන් ලොකු කාලයක් යොදවන්න අපහසු වුණා. දැන් මට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්. පුතා තමයි මාව කලා කටයුතු සඳහා සම්බන්ධ කරන්න උනන්දු කරන්නේ. ඒ වගේම මගේ පවුලේ මවුපියන්, සහෝදර පිරිසගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. ගුරු වෘත්තියේ නිරත වෙන ගමන් මම කලාවට සම්බන්ධ වෙනවා. මේ වනවිට මම බොරැල්ල සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ගුරුවරියක් ලෙස කටයුතු කරනවා.
සිළුමිණිගේ මේ දිනවල කලා කටයුතු මොනවද?
මේ දිනවල ‘සින්ටෝ’ ටෙලිනාට්‍යයේ කුල්වාන්ගේ අක්කා ලෙසට රඟපානවා. ඒ වගේම ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ ‘යමුනා’ චරිතය රඟපානවා. මේ චරිත දෙකටම ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරනවා. ‘කොටු’ ටෙලිනාට්‍යයටත් මට හොඳ ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා.

කොටු පැනිල්ලේ තවම අවසානයක් නැහැ නේද?
‘කොටු’ ටෙලිනාට්‍යය හරහා මාව ප්‍රේක්ෂකයන් අතරට ගියේ සිළු චරිතය හරහා. ටෙලිනාට්‍යයේ කොටුව නම් පැනලා ඉවරයි. දැන් ඉතින් සිනමාවෙත් කොටුවක් පනින්න තමයි මේ දිනවල සූදානම. ‘කොටු’ චිත්‍රපටයේ රූගත කිරීම් එක්ක තමයි මේ දිනවල මම කාලය ගතකරන්නේ. මම හිතනවා ‘කොටු’ ටෙලිනාට්‍යය වගේම ‘කොටු’ චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වේවි කියලා.
සමාජයේ කොටු ගැන විවිධ ආකල්ප තියෙනවා නේද?
ඔව්. සමාජයේ කොටු පැනිල්ල ඉතා බහුලව සිදුවෙන දෙයක්. ඒ තුළින් කැත වචනයක් විදියට ‘කොටු’ පාවිච්චි කරනවා. හැබැයි අසංක සායක්කාරගේ කොටු නිර්මාණය ඉතා කලාත්මක ඇහැකින් සැකසෙන නිර්මාණයක්. ඔහු වේදිකාවට කොටු ගෙනවා. ටෙලිනාට්‍ය හරහාත් කොටු නමින් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් නිර්මාණය කළා. ඔහු දැන් සූදානම චිත්‍රපටයක් කරන්න. වෙන කෙනෙක් කොටු වැරැදි විදියට වුණත් නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් ආපු නිසාමයි කොටු නිර්මාණය ගැන බලන්නට පෙලඹවීමක් ඇති වුණේ. අසංක සායක්කාර ඉතා නිර්මාණශීලී දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ලෙසයි මම දකින්නේ.
සිළුමිණි පාසල් කාලයේදීමද කලාව හඳුනාගත්තේ?
මගේ ගම්පළාත වැලිමඩ, මැදවෙල ප්‍රදේශය. මගේ මවුපියන් දෙන්නම ගුරුවරු. මගේ තාත්තා කලාවට ගොඩක් සමීප කෙනෙක්. බණ්ඩාරවෙල විශාකා බාලිකා විද්‍යාලයට තමයි මම මුලින්ම ගියේ. පසුව උසස් අධ්‍යාපනය සඳහා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට ගියා. පාසලේ බාහිර ක්‍රියාකාරකම් සඳහා මම ලොකු උනන්දුවක් දක්වපු කෙනෙක්. පාසල් සමස්ත ලංකා නාට්‍ය තරගවලින් මම ජයග්‍රහණ ලබාගත්තා.
‘රොමියෝ ජුලියට්’ ඔබේ කලා දිවියේ මැජික් එකක් වුණා?
ජයනාත් බණ්ඩාර අයියා හරහා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. රොමියෝගේ මව විදියට මම තවමත් රොමියෝ ජුලියට් වේදිකා නාට්‍යයේ රඟපානවා. ඔහු සහ තිමිර උඩලමත්තගේ ‘සංසාරණී’ මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය. කැමරාව ඉදිරියේ රඟපෑම ගැන මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් මට ඒ ගැන වැඩිදුර හැදෑරීමට මගේ වයස නොබලා මම අසංක සායක්කාරගේ රංගන වැඩමුළුවට සම්බන්ධ වුණා. ඉතින් මේ තුන්දෙනාගෙන්ම ලැබුණු සහායත් එක්ක තමයි මට අද මේ තැනට නැවත එන්න ලැබුණේ. ‘රොමියෝ ජුලියට්’ වේදිකා නාට්‍යය මට මැජික් එකක් වගේ තමයි.
අවසානයේ ‘සේරම හරිගියා’. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?
2025 රාජ්‍ය සේවක නාට්‍ය උළෙලේ ‘සේරම හරියයි’ මගේ තිර රචනයක්. මගේම අධ්‍යක්ෂණය තුළින් මම තනියම ‘සේරම හරියයි’ නාට්‍යයේ රඟපෑවා. මට එය විශේෂ මතකයක්. ඒ හරහා ඒ තරගාවලියේ ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් මගේ රංගනය වෙනුවෙන් ලැබුණා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.