මෙම වසරේ මෙතෙක් ගෙවුණු කාලය තුළ පමණක් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන ධාවනයේ යෙදුණු රියදුරන් 5400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධිර මහතා පවසනවා.Sri Lanka Latest News
අයිස්, හොරායින්,මජ්ජුවානා, කොකේන් මෙන්ම මත්පෙති භාවිතා කළ රියදුරන්ද ඒ් අතර සිටින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා බැවසුවා.
2025 අවුරුද්දටම මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් හසුවී ඇත්තේ 571ක් පමණක් බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා 2024 වසරේදී හසුවූයේ 88 දෙනෙක් පමණක් බවද පැවසුවේය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරින් හා එක්ව රටපුරා සිදුකරනුලබන මෙහෙයුම් වලින් මෙසේ මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන පදවන රියදුරන් හසුවන බවත් ඔවුන්‌ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමට පවා පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
ඊයේ දිනයේත් එවැනි මෙහෙයුමක් කළුතරදී සිදුකල බවත් ඒම මෙහෙයුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු ඉලක්කරගෙන සිදුකළ බවත් ඔහු පැවසුවේය. එහිදී බස් රථ රියදුරන් කොන්දොස්තරවරු 200ක් පමණ පරීක්ෂාකර ඇත. ඒ් අතර සිටි මත්ද්‍රව්‍ය භාවිතාකළ රියදුරන් 08 දෙනෙක් සහ කොන්දොස්තරවරුන් 02ක් හඳුනාගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.










