ඇස් දෙකට පේන ලස්සන රුව ඇතුළේ ඕනෑම සටනකට සූදානම් සටන්කාරියක් ඉන්නවා කියලා කවුද දන්නේ? ඒ විතරක් නෙවෙයි, මනෝ විද්‍යාවෙන් හිත කියවන්නත් ඇය දක්ෂයි. ‘හිරිපොද වැස්සේ‘ තමාෂි විදිහට ඇවිත් දැන් කාගෙත් හිත් වසඟයට ගත් අලුත් පරපුරේ සුපිරි තරුව, ඔෂී ඩිමල්ෂාගේ පළමු පුවත්පත් හමුවට ‘මව්රට හාට්’ අපි මෙන්න මෙහෙම ඉඩ වෙන් කළා. Sri Lanka Latest News
මේ දිනවල ඔෂී ගැන ගොඩ දෙනෙක් හොයනවා?
ඔව්. ඉතාම කෙටි කාලයක් තුළ මම ප්‍රේක්ෂකයන්ට දැනෙන්න නිර්මාණ දෙකක චරිත කරපු නිසා ප්‍රේක්ෂකයන්ට මම අලුත් කෙනෙක් නිසා මම ගැන හොයනවා ඇත.
හිරිපොද වැස්සේ තෙමුණු ප්‍රතිඵල වෙන්න ඇති?
මටත් එහෙම හිතෙනවා. හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ තමාෂි චරිතය තමයි මම රඟපාන්නේ. ඒ වගේම සිහිනෙක තනිවෙලා ටෙලිනාට්‍යයේ අමෝදි චරිතයත් මම රඟපානවා. මේ වනවිට මම ටෙලිනාට්‍ය දෙකක විතරයි රඟපෑවේ. ජොනී අයියා මගේ හොඳ යාළුවෙක්. ඔහු හරහා තමයි මට හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම හංස අයියත් මට ගොඩක් උදව් කළා.
ලැබෙන ප්‍රතිචාරත් එක්ක රංගනයට කැමැත්ත වැඩි වුණාද?
ඔව්. මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතුවා තව නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න තිබුණා නම් හොඳයි කියලා.

ඔෂීගේ වෘත්තියත් සමග විවිධ චරිත එක්ක ගනුදෙනු කරන්න ලැබෙන එකත් ඔබේ රංගනයට වාසියක් වෙයි?
මම තවම මනෝ විද්‍යා උපදේශකවරියක් ලෙස ඉගෙන ගන්නවා. ඒ හරහා විවිධ චරිත සමග මට ගනුදෙනු කරන්න ලැබෙන නිසාත් චරිත අවබෝධ කරගැනීමට මට ලොකු පහසුවක් වෙනවා.
සිනමාව පැත්තට යොමුවීම කොහොමද?
දැනටමත් මට සුදේශ් වසන්ත පීරිස්ගේ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ වැඩකටයුතු පටන්ගන්නකම් ඉන්නවා.
පවුලේ විස්තර සඳහන් කළොත්?
අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. අක්කත් නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන නිසා මටත් ලොකු පහසුවක්.
ඔබට රඟපාන්න පුළුවන් වගේම හොඳට සටන් කරන්නත් පුළුවන් නේද?
මම ඉන්ටර්නැෂනල් වූෂු ප්ලේයර් කෙනෙක්. මේ හරහා මට විදේශීය තරග සඳහා සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. මගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න වුණත් පුළුවන්.
ඔය පුංචි හිතේ සැඟවුණු බලාපොරොත්තු එහෙමත් තව ඇති?
මම ගොඩක්ම කැමැති වුණේ නිවේදනය පැත්තෙන් ඉදිරියට යන්න. ඒ වගේම හඬකැවීම් පැත්තෙන් ඉදිරියට යන්න. ඉදිරියේදී ඒ පැත්තෙන් යන්නත් මම බලාපොරොත්තු වෙනවා.
වසන්ත විතාරණගේ











