ඇත්තටම මොකක්ද මේ ‘චන්දරේගේ wife’ කියලා කියන්නේ? Sri Lanka Latest News
‘සංකාරා’, ‘කර්ම’, ‘28’, ‘දඩයක්කාරයා’ වැනි චිත්‍රපට නිර්මාණය කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩිගේ අලුත්ම සිනමා නිර්මාණය තමයි ‘චන්දරේගේ wife’ කියලා කියන්නේ.
පසුගිය කාලේ ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුළ ඉතා ජනප්‍රිය වුණු ‘එයා දැන් බැඳලා’ ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළේත් ප්‍රසන්න ජයකොඩි විසින්. ඉතින් ප්‍රසන්න ජයකොඩිගේ අලුත්ම සිනමා නිර්මාණය වන ‘චන්දරේගේ wife’ චිත්‍රපටයට සෞම්‍ය ලියනගේ, සරත් කොතලාවල, දුලීකා මාරපන, නදීශා හේමමාලී ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙනවා.











