• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කැරැලි කොණ්ඩකාරී ගහන ඩබල් ගේම

August 29, 2020
in Heart
Reading Time: 1 min read
A A
කැරැලි කොණ්ඩකාරී ගහන ඩබල් ගේම
Share on WhatsAppShare on Facebook

කැරැලි කොණ්ඩයකින් කලා ක්‍ෂේත්‍රයට අලුත් ගමනක් පැමිණි නව පරපුරේ රංගන ශිල්පිනියක් ගැන අද කතාකරන්න හිතුවා. ඇය චමීෂා දිසානායක. මුලින්ම ඇය අපේ නෙත ළඟ ගැටුණේ ‘රැස්’ ටෙලි නාට්‍යය හරහා. මේ දවස්වල චමීසා නැවත අපි අපේ ටෙලිනාට්‍යයේ සුවිශේෂී රංගනයක නියැළෙනවා. ඉතින් ඇයගේ මේ අලුත් කලා ගමන ගැන ඔබට කියන්නට අප හිතුවා.
චමීෂා ඔබේ කලා දිවියේ පටන්ගැන්ම ගැන මුලින් කතා කළොත්?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ වෙළෙඳ දැන්වීම් හරහා තමයි මුලින්. එතකොට මට වයස අවුරුදු දොළහක් විතර ඇති. ඔය වැඩකරගෙන යන අතරතුර තමයි මට ‘රැස්’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට ලැබුණේ. සංගීත් ප්‍රභූ අයියා මම එක්ක වෙළෙඳ දැන්වීම් කරලා තිබුණා. ඔහු තමයි ‘රැස්’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ අකිල අබේරත්න අයියාට කියලා තියෙන්නේ. ඉතින් ඔය විදියට තමයි ඇවිත් මෙතැන ඉන්නේ.
මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට ගොඩදෙනෙක්ට පෙනුම බලපානවා. හැබැයි ඔබට වාසනාව ගෙනාවේ ඔබේ කොණ්ඩය නේද?
ඇත්තටම ඔව්. මගේ කොණ්ඩය මට මේ ක්‍ෂේත්‍රයට එන්න අඩිතාලමක් වුණා.
‘රැස්’ ටෙලිනාට්‍යයට කැරැලි කොණ්ඩයක් තියෙන ගැහැනු ළමයෙක් හොයපු නිසා ඒ කොණ්ඩය මට තිබුණු නිසා ඔවුන් මාව තෝරාගත්තා.
සමහර අවස්ථාවල ඔබේ කැරැලි කොණ්ඩය නිසා ගොඩාක් ප්‍රශ්නවලටත් මුහුණ දුන් බව ආරංචියි?
ඔය ප්‍රශ්නය බලපෑවේ ‘රැස්’ ටෙලිනාට්‍යය කරන කාලය තුළ තමයි. අකිල අයියා මාව බලන්න එද්දි තිබුණේ කළු, කැරැලි කොණ්ඩයක්. පස්සෙ මම ඒ කොණ්ඩය කලර් කළා. මම අකිල අයියාට කිව්වා. පස්සේ මම කොණ්ඩය කලර් කළා කියලා. මට ලැබුණු වෙස්ටන් චරිතයත් එක්ක කලර් කොණ්ඩය ගැළපුණා. ‘රැස්’ ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයක් යන අතරතුර මම කොණ්ඩය නැවැත කළු කළා. මම ෂූටින් ගියේ ඒ විදියට. එදා ඉතින් ප්‍රශ්න ගොඩයි. එදා කොණ්ඬේ වහලා තමයි රූපගත කිරීම් කළේ. ඔය විදියට ඉතින් කොණ්ඩෙ විලාසිතා නිසා ප්‍රශ්න ගැටලු මතුවුණා.
රඟපෑමක අවබෝධයක් නැති ඔබට මුලදී චරිතයන් වටහාගත්තේ කොහොමද?
ඒකනේ මම කලින් කිව්ව අකරතැබ්බය වුණේ ඔය ප්‍රශ්න නිසා. මම දැනන් හිටියේ නැහැ චරිතයක් ලැබුණාම එයට බැහැලම වැඩකරන්න ඕනෑ බව. ඒ නිසානේ මගේ කොණ්ඩයට මම විලාසිතා දැම්මේ. දැන්නම් එය ගැන යමක්කමක් තේරෙනවා. අකිල අයියා මට ගොඩාක් උදවු කළා මගේ චරිතය ගොඩනඟා ගැනීමට. වැරැදුණු වාර අනන්තයි.
‘රැස්’ ටෙලිනාට්‍යයට ලැබුණු ජනප්‍රියතාවත් එක්ක චමීෂාව නැවැත ඩබල් ගේමකින් අපට හමුවෙනවා?
“අපි අපේ” ටෙලිනාට්‍ය මට ලොකු අභියෝගයක් වුණා. මම එහි චරිත දෙකක් රඟපාන නිසා කරගන්න ගොඩාක් අමාරු වුණා. ඒත් මම ඒ චැලේන්ජ් එක භාරගත්තා. මේ දවස්වල ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා මම චරිතයට සාධාරණය කරලා තියෙනවා කියලා.
මේ වන විට ඔබ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකුගේ නිර්මාණ දෙකක වැඩකරලා තිබෙනවා. ඔබට දැනුණු වෙනස කොයිවගේද?
‘රැස්’ ටෙලිනාට්‍යයේ මාව වෙස්ටන් චරිතයකට තමයි තෝරාගත්තේ. “අපි අපේ” ටෙලිනාට්‍යයේ අහිංසක චරිතයක්. මේ චරිත දෙක එකිනෙකට වෙනස්. රවීන්ද්‍ර විජේරත්න අයියාගෙන් වගේම, අකිල අබේරත්න අයියාගෙන් ලොකු සහායක් ලැබුණා. අපි අලුත් කියලා අපිව මරාගෙන වැඩගත්තේ නැහැ. ඉතාම සැහැල්ලුවෙන් නිදහස් රංගනයක නියැළෙන්න හොඳ වාතාවරණයක් මට සලසා දුන්නා කියලා පැවැසුවොත් හරි.
පිරිමි ගොඩක් එක්ක එකට වැඩක් කරන කොට බයක් දැනුණේ නැද්ද?
මුලදී මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමත් එක්ක එහෙම බයක් නැහැ කිව්වොත් බොරුවක්. මොකද මේ ක්‍ෂේත්‍රයේ ගොඩදෙනෙක් වැඩ කරන්නේ පිරිමි. ඔවුන් සමඟ තමයි අපිට ගනුදෙනු කරන්න වෙන්නේ. හැබැයි ඉතින් මගේ ළඟින්ම අම්මා හිටිය නිසා හිතට පොඩි සැහැල්ලුවක් දැනුණා. පස්සේ ඉතින් හැමෝම හොඳ යහළුවන් විදියට කතාබහ කරලා උදවු කරපු නිසා බයක් දැනුණේ නැහැ. හැබැයි ඉතින් ගැහැනු ළමයෙක්ට තනියම යන්න අමාරු ගමනක් තමයි මේ ක්‍ෂේත්‍රය. තමන් හොඳට හිටියොත් කිසි ප්‍රශ්නයක් නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පෙරේරා ඇන්ඞ් සන්ස් බේකර්ස් වසර 118ක විශිෂ්ටත්වය සමරයි

Next Post

කොළඹ වරාය නගරයේ සැලසුම් තරගාවලියකට සිසුන්ට අවස්ථාව

MORE NEWS

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.