විදෙස් රටවල සිට පැමිණ මෙරටදී ව්‍යාපාරික කටයුතු සිදුකරනු ලබන විදේශිකයන් කෙරෙහි විමසිල්ලෙන් සිටින ලෙස පොලිසිය කියයි.
මෙයට හේතුවී ඇත්තේ හබරාදුව ප්‍රදේශයේදී ව්‍යාපාරික කටයුත්තක් සිදුකර ගැනීම වෙනුවෙන් ව්‍යාජ ඩොලර් 400 ක මුදලක් මෙරට ව්‍යාපාරිකයකුට ලබාදී ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුවය.
මේ අනුව ව්‍යාජ මුදල් නෝට්ටු මෙරට ව්‍යාපාරික ගනුදෙනුවලදී යොදාගැනෙන බවට මෙම සිද්ධියෙන් තහවුරු වන බව පවසන පොලිසිය, ඒ අනුව ව්‍යාජ ඩොලර් නෝට්ටු රටපුරා භාවිත වීමට ඉඩ ඇතැයි පොලිසිය සැක පළකරන බව පොලිස් ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
හබරාදුවදී ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා පිළිබඳ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුකු අරඹා ඇති බවද, ඩොලර් නෝට්ටු සමග ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී කල්පනාකාරී විය යුතු බවද හෙතෙම කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර










