• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලොකු දෙයක් කළේ නැහැ…! එදා නම් බය හිතුණා…! දුර ගමනක් යන්න තියෙනවා…! ඉෂාරි කුමාරසිංහ I Sri Lanka Latest News

May 10, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ලොකු දෙයක් කළේ නැහැ…! එදා නම් බය හිතුණා…! දුර ගමනක් යන්න තියෙනවා…! ඉෂාරි කුමාරසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇගේ සුන්දර රූපය මෙන්ම රංගන හැකියාවත් නිසාම, ඔබට ඇයව පුංචි තිරයේ කොහේ හෝ අවස්ථාවක දැක ඇති බවට සැකයක් නැහැ. නිරූපිකාවක් ලෙස කලා ලොවට පාතබා, අද වනවිට රංගන ශිල්පිනියක් ලෙස තම හැකියාවන් විහිදුවමින් ඉදිරියට යන ඇය නමින් ඉෂාරි කුමාරසිංහ. දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙන ඇයගෙ ඒ බලාපොරොත්තු වගේම අලුත් කලා තොරතුරු දැනගන්න ඉෂාරිව අපගේ කතාබහට එකතු කරගන්න අපි හිතුවා.Sri Lanka Latest News

මුලින්ම ඔබට සුබ උපන්දිනයක් කියලා අපි සුබ පැතුම් එක් කරනවා. ඉතින් ඉෂාරි මොනවද මේ දවස්වල වැඩකටයුතු?
බොහොම ස්තුතියි. මේ දිනවල අලුතින් එන්න තියෙන ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වන ගමන් සුපුරුදු පරිදි මගේ පොටෝ ෂූට්වල කටයුතු කරගෙන ඉන්නවා.
‘නිකිණි කුසුම්’ ඔබේ පළමු රංගනයද?
මගේ පළමු නාට්‍ය නෙමෙයි. නමුත් ‘නිකිණි කුසුම්’ නවෝදාගේ චරිතය ඔස්සේ මම ප්‍රේක්ෂකයන් අතරට යනවා. එය මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඉතින් ‘නිකිණි කුසුම්’ නවෝදා කිව්වම තමයි මාව ගොඩක් අය හඳුනාගන්නේ.
‘නිකිණි කුසුම්’ සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මම තුෂාර තෙන්නකෝන් සර්ගේ ‘රාවණා’ නාට්‍යයේ ඔඩිෂන්වලට යනවා. එතැනින් මට සර්ව හඳුනාගන්න ලැබෙනවා සර්ගේ රාවණා නාට්‍යයට සම්බන්ධ වීමෙන්. රාවණා නාට්‍යයේ රූගත කිරීම් අවසන් වෙනවාත් සමගම නරේන්ද්‍ර අයියා සහ එරංග අයියා තමයි කිව්‍වේ සර්ගේ අලුත් වැඩක් පටන් ගන්න යනවා. පොඩ්ඩක් අහලා බලන්න කියලා. එතැනින් තමයි තුෂාර සර් මට ‘නිකිණි කුසුම්’ නවෝදාගේ චරිතයට අවස්ථාව ලබාදෙන්නේ.
ඉෂාරි මේ ෆීල්ඩ් එකට එන්නේ කොහොමද?
නිරූපණය ගැන හදාරමින් නිරූපණය ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඉන් පසුව තමයි රංගනය ගැනත් හදාරන්න පටන් ගන්නේ.
සැබෑ ජීවිතේ ඉෂාරි, නවෝදා වගේද?
බොහෝ දෙනා මගෙන් අහලා තියෙනවා නවෝදා වගේද කියලා. ඒ කාලේ පෙනුමින් මගේ ශරීරයේ කෙට්ටු ගතිය සහ තිබුණු නපුරු පෙනුම නිසා නවෝදා වගේ කියලා හිතුණට මගේ ජීවිතේ නවෝදා වගේ නෙමෙයි.
ෆීල්ඩ් එකට ඇවිත් වැඩි කාලයක් නැහැ නේද?
ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු පහ හයක් වෙනවා. ෆීල්ඩ් එකේ මම ගොඩක් හැලහැප්පීම් එක්ක හෙමින් ගමනක් යනවා. තව ඉස්සරහට මට දුර ගමනක් යන්න තියෙනවා. මේ වෙද්දී රාවණා, නිකිණි කුසුම්, එන්කවුන්ටර්, තුන්පනේ, පොහොය නාට්‍යයන් සඳහා රංගන දායකත්වය ලබාදීලා තියෙනවා.
ප්‍රථම රංගන අත්දැකීම මතකද?
අපේ පන්තියේ ටෙලිනාට්‍යයක පොඩි ෂූට් එකක් තිබුණා. එහිදී ලොකු දෙයක් මට කරන්න නොතිබුණත් ඒක තමයි මගේ පළමු අත්දැකීම වුණේ. ඉන් පස්සේ වෙළෙඳ දැන්වීමක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න අවස්ථාව හම්බවුණා. ඒ දවසේ නම් පොඩි බයක් ඇති වුණා.

දිගටම ක්ෂේත්‍රයේ ඉන්නද අදහස?
කලා වැඩකටයුතු සමග සමබරව කරගෙන යන්න පුළුවන් ජොබ් එකක් ලැබෙනවා නම් මම කැමැතියි.
ඔබ නිරූපණය කරන්න කැමැති චරිත තියෙනවාද?
මම ප්‍රේක්ෂකයාට දැනෙන වෙනස් චරිත කරන්න කැමැතියි. වෙනස් චරිතයක් හම්බ වුණොත් ඒකේ කතාව, ගුණාත්මක බව සහ මට ඒ චරිතයට සාධාරණයක් කළ හැකිද කියලා බලලා චරිත භාර ගන්නවා.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය?
මුල් කාලේ නම් ගෙදර අයගෙන් කැමැත්තක් තිබුණේ නැහැ. පවුලේ කිසි කෙනෙක් කලාවට සම්බන්ධත් නැහැ. නමුත් ටෙලිවිෂනයෙන් මාව දකිද්දි වැරදි පාරක ගිහින් නැහැ කියලා එයාලා දැන් මට උපරිම සහාය දෙනවා.
මේ ක්ෂේත්‍රයේදි බොහෝ විට කටකතා හැදෙන්න පුළුවන් නේද?
කටකතා හැදෙන එක සාපේක්ෂයි. ඕනෙ කෙනෙක්ට ඕනෙ විදිහට හිතෙන්න දකින්න දේවල් කියන්න පුළුවන්. නමුත් අපේ හැසිරීම්වලින් සහ සමාජයේ ඉන්න විදිහත් එක්ක ඇත්තද බොරුද කියලා ඔප්පු වෙනවා. ජීවත්වන විදිහ එක්ක තමයි ඒවයේ සත්‍යතාව ඔප්පු වෙන්නේ.
ඔබ ආදරවන්තියක්ද?
ආදරය දිහා හොඳින් දැක්කොත් හොඳයි. නරක විදියට දැක්කොත් නරකයි. අවංකව ආදරය දෙන්න. අපේ ආදරයෙන් කෙනෙක් මගහැරෙනවා නම් ඒ වෙන්නෙත් හොඳට කියලා තමයි මගේ අදහස. ඉතින් මම දැනට ආදරවන්තියක් නෙමෙයි.
ඉදිරි නිර්මාණ කටයුතු?
ඉන්ටර්නැෂනල් කෙටි චිත්‍රපටයක් හා තව සිනමා නිර්මාණයක් ඉදිරියට එන්න තියෙනවා. අලුත් ටෙලි නාට්‍ය කිහිපයක් විකාශනය වීමට තියෙනවා.

SendShareShare
Previous Post

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News

Next Post

කේළමක්…! කොස් ගෙඩියක් කරපු ඛේදවාචකයක්…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.