මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන මෙහෙයුම්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා සෑම සමාජ මට්ටමකම පාරිභෝගිකයින් හට ගැළපෙන පුළුල් පරාසයක නව්‍යතම සන්නිවේදන විසඳුම් පෙළක් සමග තවදුරටත් ස්ථාපිත වීමටත්, හච් සූදානම් වේ. ඉකුත් වසරේ එටිසලාට් හා ඒකාබද්ධ වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් සමාගමේ කැපී පෙනෙන පුනර්ජීවනයක් ඇති වුණු අතර, හොංකොංහි CK හචිසන් අනුබද්ධ දේශීය සමාගම, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉතා ශක්තිමත් කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි.
මෙම ලිපිය, හච් ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් පළ කෙරෙන්නක් වන අතර, සමාගමේ ජාල ආවරණය දීපව්‍යාප්තව පුළුල් කිරීම සහ හච් තම පාරිභෝගිකයින් හට හොඳම ජංගම දුරකතන සන්නිවේදන අත්දැකීම් ලබා දීමට සහය වන ආකාරය මෙහිලා විස්තර කෙරේ.
ඉකුත් වසරේ සිදු වූ සුවිශාල වෙනසක් ලෙසින් හච් හා එටිසලාට් ඒකාබද්ධ වීම මගින් ආවරණය සහ ධාරිතාව යන කරුණු ද්විත්වය සම්බන්ධයෙන්ම වඩාත් විශාල ජාල යටිතල ව්‍යුහයක් සඳහා, හච් ප්‍රවේශය එක රැයකින් ලබා දීමට අවස්ථාව සැලසුණි. සම්පූර්ණ පාරිභෝගික පදනමක් වෙත ළඟා වීමට එමගින් හච් වෙතට ඉඩ ලැබුණු අතර, සන්නිවේදන අවශ්‍යතා හඳුනා ගන්නා සන්නාමයක් සොයන, ඬේටා පිපාසාවෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් සේවාව සැලසීමට එමගින් අවකාශ සැලසුණි.











