එක හා සමාන නම් ඇති මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිසා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.
ඊයේ දිනයේදී අධිකරණ අමාත්‍ය M.U.M. අලි සබ්රි හට පාර්ලිමේන්තු තේරීම් කමිටුවක පත්වීමට අදාළ ලිපිය ලබාදීමට නියමිතව තිබුණද පසුව අනාවරණය වුයේ පාර්ලිමේන්තුවේ නිලධාරින් විසින් ඇතිවූ ව්‍යාකුලත්වයක් හේතුවෙන් අදාළ ලිපිය පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට ලබාදී ඇති බවකි.
සමගී ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කථානායකවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටිය අවස්ථාවේදී ඔහු කියා සිටියේ එක හා සමාන නම් දෙකක් තිබීම නිසා යම් ව්‍යාකුල භාවයක් මතුවීම එම වැරැද්දට හේතුව වූ බවකි.
මේ අතර පත්වීම ලැබූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් කියා සිටියේ ප්‍රදේශයේ සිය ජනතාවට සේවය කිරිමට ඇති බැවින් පාර්ලිමේන්තු තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තමන් පියවර ගන්නා බවයි.










