• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කැමරාව පිටුපස මැජික් මවන ජනා…! ලක්ෂ ගානක ලොකු පොල්ලක් කෑවා…! මොකක් හරි වලියක් දාගන්නවා… අයින් වෙනවා..! රස්සාව එපා වෙච්ච වාර අනන්තයි..! ඒත් දාලා යන්න හිත දුන්නේ නැහැ…! ජනක බණ්ඩාර I Sri Lanka Latest News

April 26, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කැමරාව පිටුපස මැජික් මවන ජනා…! ලක්ෂ ගානක ලොකු පොල්ලක් කෑවා…! මොකක් හරි වලියක් දාගන්නවා… අයින් වෙනවා..! රස්සාව එපා වෙච්ච වාර අනන්තයි..! ඒත් දාලා යන්න හිත දුන්නේ නැහැ…! ජනක බණ්ඩාර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අංග රචනා ශිල්පියෙක් කියන්නේ නළුවෙකුගේ හෝ නිළියකගේ හදවතට එබිලා, ඒ චරිතයට ගැළපෙන පෙනුම නිර්මාණය කරන නිර්මාණකරුවෙක්. ක්ෂේත්‍රයේ කා අතරත් ‘ජනා’ ලෙස ආදරය දිනූ ජනක බණ්ඩාර, අද වන විට ලංකාවේ සිටින දක්ෂතම අංග රචනා ශිල්පියෙක්. රස්තියාදු ගහපු කොල්ලෙකුගේ සිට ප්‍රවීණයන්ගේ ආභාෂයෙන් තමන්ගේ ගමනේ හිණිපෙත්තටම ආ ඒ ‘කටුක‘ ගමන ගැන ජනා මෙවර ‘කාපු කට්ට’ විශේෂාංගයට කිව්වේ මෙන්න මෙහෙමයි.Sri Lanka Latest News

කාහොමද ජනා මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. ටිකක් විවේකීව, නිදහසේ ගෙදරට වෙලා කාලය ගත කරනවා.
ලංකාවේ දක්ෂ අංග රචනා ශිල්පියෙක් විදියට ඔබ ආපු මේ ගමන පටන් ගත්තේ කොතැනින්ද?
ඇත්තම කිව්වොත් මේක මම අහම්බෙන් ආපු ගමනක්. මම ඒ කාලේ කාගෙවත් බහක් අහන්නේ නැතුව රස්තියාදු ගහපු කොල්ලෙක්. කරපු හැම ජොබ් එකකම මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන අයින් වෙනවා. මට අසාධාරණය පෙන්නන්න බැහැ. මේ රස්සාවට එන්න මම දැඩි ලෙස අකමැති වුණා. හැබැයි අපේ මාමා කෙනෙක් හරහා ‘වසූදා‘ ටෙලියට සහාය අංග රචකයෙක් විදියට සම්බන්ධ වුණා. පස්සේ ‘කාව්‍යා‘ ටෙලිනාට්‍යයේදී විදේශීය ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබීම මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වුණා.

ඔබ මේ වෘත්තියට සම්බන්ධ වුණේ හැදෑරීමක් ඇතිවද?
නැහැ. මම කිසිම පාඨමාලාවකට ගියේ නැහැ. මට හිටියේ දැවැන්ත ගුරුවරු. සුරංග අතපත්තු, චමින්ද කළුපහන, ජයතිලක ඇඹුල්දෙණිය, නිලංග, නයන උජිත්, ප්‍රියන්ත දිශානායක, සමරසිරි කඳනගේ, නලින් ප්‍රේමතිලක, ප්‍රියන්ත සිරිකුමාර වැනි ප්‍රවීණයෝ එක්ක වැඩ කරනකොට ලැබුණු ප්‍රායෝගික අත්දැකීම් ඕනෑම කෝස් එකකට වඩා වටිනවා. ඔවුන්ගෙන් ඉගෙනගත්ත දේවල් එක්ක මට රූපවාහිනී නාලිකාවලට දොර විවෘත වුණා. සිරසෙන් පස්සේ 2009 නයන උජිත් අයියා හරහා ස්වර්ණවාහිනියටත්, 2012 දී හිරු නාලිකාවටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
පසුකාලීනව ඔබට රූපවාහිනී නාලිකාවකට සම්බන්ධ වෙන්න දොර විවාර වෙනවා නේද?
මම මුලදි සිරස රූපවාහිනියේ වැඩ කරලා තමයි ඉන් ඉවත් වෙන්නේ. 2009 වර්ෂයේ නයන උජිත් අයියා හරහා ස්වර්ණවාහිනියේ අංග රචනා ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙනවා. 2012 වර්ෂයේ මම නැවත හිරු නාලිකාවට සම්බන්ධ වෙනවා.
ජනාගේ හැකියාවට ජනප්‍රිය ශිල්පීන් වගේම නාලිකා ප්‍රධානීනුත් ලොකු ඇල්මක් දැක්වූවා නේද?
අනිවාර්යයෙන්. හිරු ආයතනයේ අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත මහතා මගේ දක්ෂතාව හඳුනාගෙන මාව හැම වැඩකටම වගේ යොමු කළා. ඒ විශ්වාසයට මම අදටත් එතුමාට ස්තුතිවන්ත වෙනවා. අංග රචනා ශිල්පියෙක් ළඟ කලාකරුවෙක් වාඩිවෙන්නේ ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය රැකීම අපේ ලොකුම වගකීම.
ප්‍රවීණ නිළි ස්වර්ණා මල්ලවආරච්චි පවා ඔබේ අංග රචනය අගය කළා නේද?
ඒක අමතක නොවන අත්දැකීමක්. ස්වර්ණා අක්කාගේ ජීවිත කතාව ගැන කරපු වැඩසටහනකට මාව යොමු කළා. ඇත්තටම එදා මම ඇයව මේකප් කළේ හරිම බයෙන්. හැබැයි අන්තිමට ඇය මගේ වැඩේ දැකලා ගොඩක් පැහැදුණා. මාව අගය කළා.
ඔබේ සිනමා දායකත්වය සහ රංගනය ගැනත් මතක් කළොත්?
2008 දී විමුක්ති ජයසුන්දරගේ ‘අහසින් වැටුණා‘ චිත්‍රපටයේ සිට ‘කුසුමාසන දේවි‘, ‘මදර් ලංකා‘ වගේ නිර්මාණ රැසකට මම දායක වුණා. රඟපාන්න නම් ගොඩක් ආරාධනා ලැබුණා. ඒත් මම කැමරාව ඉස්සරහට යන්න බයයි. ‘යොවුන් වසන්තේ‘ ටෙලියේ රඟපෑවෙත් ඉන්දික ධර්මතිලක අයියට තියෙන ගෞරවයට, ඔහුට ‘බැහැ‘ කියන්න බැරිකමට විතරයි.
ඔබගේ හැඩවැඩ අතර ඔබට රඟපාන්න අවස්ථා ලැබුණේ නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. ඇත්තම කිව්වොත් මම රඟපාන්න කැමැති නැහැ. කැමරාව පිටිපස්සේ ලොකුවට කෑගැහුවට කැමරාව ඉදිරියේ රඟපාන්න මම බයයි. ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ ‘යොවුන් වසන්තේ’ ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. මම ඒ චරිතය කළෙත් ඔහුට බෑ කියන්න බැරිකමට. ඒ තරමට මට ඉන්දික අයියා වටිනවා. ඔහුගේ ඉල්ලීම අහක දාන්න මට ඒ අවස්ථාවේ බැරි වුණා.
මේ තරම් දුරක් එන්න ලෙහෙසි වුණේ නැහැ නේද?
ඒ පැත්තෙන් පොතක් වුණත් ලියන්න පුළුවන්. මගේ වෘත්තියත් එක්ක අනන්තවත් හිටගෙන ඉඳලා තියෙනවා. බැණුම් අහපු අවස්ථා එමටයි. මේ රැකියාව එපාවුණු අවස්ථා තියෙනවා. කොච්චර කළත් හොඳක් නැහැ. මගේ ජීවිතයේ සමහර අවස්ථාවල කඩාවැටුණා. ඒ හැම මොහොතකම මගේ බිරිඳ ශක්තියක් වුණා. ඒ මොන ප්‍රශ්න ආවත් මම ඉවසාගෙන හිටියා.
ඔබ දැන් නිදහස් අංග රචනා ශිල්පියෙක්. මේ ගෙවන ජීවිතය කොහොමද?
උපරිම නිදහසේ ගෙවනවා. ආදරණීය මිනිසුන් කිහිපදෙනකු මේ ගෙවන නිදහස සමග මට හමුවුණා. මේ දිනවල ඉන්දික ධර්මතිලකගේ ‘ආලේ’, ‘සමන්මලී’, ‘සෝනු මන්දාරා’ නිර්මාණවල අංග රචනා ශිල්පියෙක් ලෙස මම වැඩ කරගෙන යනවා.
විශ්වාසය මත වැඩ කරන්න ගිහින් ‘ලොකු පොල්ලක්‘ කෑවා කියන්නේ ඇත්තද?
අපොයි ඔව්. ලක්ෂ ගානක ලොකු පොල්ලක් කාලා තමයි මම මේ ඉන්නේ. මිනිස්සුන්ව ඕනෑවට වඩා විශ්වාස කරන්න ගිහින් වුණු වැරැද්දක් ඒක.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පාසල්වල උත්සවවලට එන්නෙ නෑ කියලා කලින් කිව්වා නේද? පාසලේ උත්සවයකට ආපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිගේ මුහුණටම මාධ්‍යවේදියෙක් අහයි! ඇමැතිතුමා දීපු උත්තරේ මරු! VIDEO I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් ඉන්න හෝටලේට ඇවිත් වෙඩි තිබ්බේ ‘මාසයේ හොඳම ගුරුවරයා’! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.