• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙතැන නෝ පාකින්

August 31, 2019
in Heart
Reading Time: 2 mins read
A A
මෙතැන නෝ පාකින්
Share on WhatsAppShare on Facebook

“මේ වැඬේ සිද්ධවෙන්නෙ පිළියන්දල – මොරටුව පාරේ. පුළුවන් නම් එන්න.” ඔය තොරතුරු ලැබුණෙ ලංකාවේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුගෙන්.
ඒ අපි කලින් කරපු ඉල්ලීමකට අනුව. පරක්කු කරන්න වෙලාවක් නැහැ. පිළියන්දලින් ටුක් ටුක් එකකට ගොඩවෙච්ච මම ඒකේ රියැදුරු මල්ලිට තැන කිව්වා. විනාඩි දහයෙන් මම අදාළ තැනින් බස්සවපු ටුක් ටුක් එක ආපහු ගියා. මං ටිකක් විපරමින් වටපිට බැලුවා. කන්ද මුදුනෙ තිබුණෙ දේව මන්දිරයක්. හරිම නිස්කලංක තැනක් වගේ පෙනුණට ඇතුළෙ ලොකු කලබලයක්. මං ඉක්මනට එතැනට කිට්ටු වුණා.

“තමුසෙ ඊයෙ කිව්වෙ පහන පත්තුකරන්න මාවත් එක්කගෙන එනවා කියලා. ඇයි දාලා ආවේ…?”
“මොන පහනද? පහන බැරිනම් ළිප හරි පත්තු කරගන්නවකො අපේ ගෙදර ගිහින්….”
දෙයියෝ සාක්කි. අර රූපවාහිනියෙ නිතරම දකින දෙන්නෙක් ඇතුළෙ ලොකු අවනඩුවකට පැටලිලා. මේ දෙන්නා මෙතැන පැටලෙද්දී වටේම කට්ටිය බලාගෙන ඉන්නවා.
එතැන බලාගෙන ඉන්න හොඳ තැනක් නෙවෙයි වගේ. මං තවත් ටිකක් එහාට ඇවිදගෙන ගියා. එතැනත් දෙන්නෙක් ලොකු කතාවක්. හොඳට දැකල පුරුදු මුහුණු දෙකක් නිසා මං තවත් ටිකක් විපරමෙන් ළං වෙලා බැලුවා. ඔව් එක්කෙනෙක් ගිහාන් ප්‍රනාන්දු. අනෙක් කෙනා ජගත් චමිල. මෙතැන නම් සිද්ධවෙන්නෙ එසේ මෙසේ කටයුත්තක් නෙවේ වගේ. ලංකාවේ සුපිරි තරුත් ඇවිත් ඉන්නෙ නිකම්ම වෙන්න බැහැනෙ.

මං ඊළඟට ගියේ එතැනින් එහා පැත්තේ තිබුණු කොටසට. මා ඉදිරියට පැමිණි රුවැත්තියක් ආඩම්බරයක් නැතිව හිනාවුණා. ඇය සුරංගා රණවක. ඒ අතරේ කට්ටියටම තේ පැන් සංග්‍රහයකුත් පිරිනැමුණා. කලින් වතාවේ හෝගාලා රණ්ඩුවට පැටළුණු දෙන්නත් හිනාවෙවී තේ බොන්න එකතු වුණා.
එමි මාස්ටර් රංගන වැඩමුළුව හරහා කට්ටිය එකතු කරගෙන මොකක්දෝ අමුතු වැඩක් කරන්න යන කසුකුසුවකුත් එක තැනකින් ඇහුණා. මහන්සි වෙන තරමට වාසි ගොඩයි. එහෙම කතාවකුත් ඇහුණා. ඔන්න ඔය කතා අතරේ ආයෙත් කලබලයක්. ඒ කියන්නේ අර මධුරියි, සයුරුයි කියන දෙන්නා ආයෙත් පැටලිලාවත්ද, නැත්නම් වෙන පටලැවිල්ලක්ද? ඇත්තටම ඊළඟට මොනව වෙයිද? කලබල වෙන්න එපා. කිසි ප්‍රශ්නයක් නෑ. මම මේ ඉන්නේ ‘නෝ පාකිං’ දර්ශන තලයේ. ඉතින් ඔබ පුංචි තිරයෙන් දකින රූපරාමු කිහිපයක් වෙනුවෙන් ටෙලිනාට්‍යයක කාර්ය මණ්ඩලය කොතරම් වෙහෙසක් ගන්නවාද යන්න ඔබට නොපෙනුණාට එය වචනයෙන් කිව නොහැකි අති විශාල කාර්යභාරයකැයි මේ මොහොතේ ලියා තබමින් ‘නෝ පාකිං’ දර්ශන තලය ‘හාට්’ එකේ අපට විවර කරදුන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස සහෝදරයාටත් ස්තුති කරමින් ආපසු එන්නයි මගේ මේ සූදානම.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සුනාමියටත් සෙලවුණේ නැති මහා බලගතු සීනිගම

Next Post

ගින්නෙන් දැවෙන ලෝකයේ හුස්ම

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.