කොවිඞ්-19 වසංගතයේ අහිතකර බලපෑම් තුළින් මතුවූ අභියෝගයන් සාර්ථක ලෙස කළමනාකරණය කරගනිමින් SDB බැංකුව 2020 වර්ෂයේ සිය ව්‍යාපාරික ඉලක්ක සපුරා ගැනීම සඳහා සාර්ථක ගමනක යෙදී සිටියි.
බැංකු ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදුකළ SDB බැංකුවේ 2020 දෙවන කාර්තුව අවසානයේ ශුද්ධ ලාභය රු.මිලියන 329ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලය තුළ බැංකුව උපයාගත් රු.මිලියන 109ක කාර්යසාධනය සමඟ සසඳන කල වසරක් තුළ තුන් ගුණයක වැඩිවීමකි. මෙම ලාභදායිතාවයේ වර්ධනයත් සමඟ SDBබැංකුවේ සමස්ත වත්කම් පදනම 18%ක වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කළ අතර එය 2020 ජුනි මස අවසානයේදී රු.බිලියන 115ක් ලෙස වාර්තා විය. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටි 2020 පළමු කාර්තුව තුළ මෙවැනි සාධනීය දියුණුවක් ළඟාකරගැනීම ඉතා විශාල ජයග්‍රහණයකි.
කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ කාල පරිච්ඡේදය තුළදී නව ඉතිරිකිරීම් ප්‍රවර්ධන සහ ආදායම් උත්පාදන උත්සාහයන් තුළින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ (MSME) ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් බැංකුව වෙත ආකර්ෂණය කරගනිමින් MSME අංශයේ ප්‍රමුඛ බැංකුවක් ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කිරීමට බැංකුව සමත් විය.











