• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලංකාවේ ටොප් ලෙවල් එකේ අලුත්ම ගායකයා

August 22, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ලංකාවේ ටොප් ලෙවල් එකේ අලුත්ම ගායකයා
Share on WhatsAppShare on Facebook

චරිත් අබේසිංහ කියන චිත්‍රපට නිෂ්පාදකවරාය ගැන බොහෝ දෙනෙක් දැන ගෙන හිටියා. ඒ වගේම චරිත් අබේසිංහ කියන සිනමා නළුවටත් බොහෝ දෙනෙක් ආදරය කළා. ඒත් චරිත් අබේසිංහ කියන ගායන ශිල්පියා ගැන ගොඩ දෙනෙක් දැන ගෙන හිටියේ නැහැ. ඒ සියල්ල වෙනස් වුණේ දෙරණ රූපවාහිනිය හරහා පසුගිය මාසයේදී විකාශනය වුණු “මා නොවන මම” වැඩසටහන හරහා. ඒ වැඩසටහන ප්‍රචාරය වීමත් එක්ක සිනමා ශිල්පියෙක් විදියට ජනප්‍රිය වෙලා හිටිය චරිත් අබේසිංහගේ ගායන හැකියාව ගැන බොහෝ දෙනා කතා කරන් පටන් ගත්තා. ඒ වගේම චරිත් ඇයි ගායන ශිල්පියෙක් වුණේ නැත්තේ කියලත් බොහෝ දෙනා අහන්න පටන් ගත්තා. ඒ හින්දා ඒ ගැන දැන ගන්න අපි චරිත්ට කතා කළා.
චරිත් අබේසිංහ ගායකයෙක් වුණේ නැත්තේ ඇයි කියන එක දැන් හැමෝටම ප්‍රශ්නයක් වෙලා. කතා බහට ආරම්භය ගන්න අපිත් ඒ ප්‍රශ්නෙම ඔබෙන් ඇහුවොත්?
ඇත්තටම ගායකයෙක් වෙන එක තමයි තිබුණු හීනේ. ඒත් ලංකාවේ සංගීත ශිල්පියෙකුට තියෙන අවදානම එක්ක ඒක වෙනස් වුණා කිව්වොත් හරි. ඒකට හොඳම උදාහරණයක් වර්තමානයෙන්ම හමු වෙනවා. කොවිඞ් 19න් පස්සේ සංගීත ප්‍රසංග හැර ජනතාව රැස් වෙන හැම දෙයක්ම පටන් අරන්. අන්න ඒ ස්ථිර නැති බව ගායකයෙක්ට තියෙනවා කියලා මට එදා ඉඳන්ම තේරුණා. ගායකයෙක් වෙන හීනය අත්හැරලා පිට රට යන්න තීරණය කළේ අන්න ඒ හින්දයි. හැබැයි එහෙ ගිහිල්ලත් සංගීතය සහ ගායනය අමතක කළේ නැහැ. පුළුවන් විදියට ඒ හැමදේමට සම්බන්ධ වුණා.
නළුවෙක්, නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වීම ගැන කතා කරන්න කලින් අපි චරිත් අබේසිංහට ගායනය සමඟ තියෙන සම්බන්ධය කතා කරලා ඉමු?
මම ලංකාවෙන් ගියේ වයස අවුරුදු 21දි. ඒත් ඒ වෙද්දී මම ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් කිහිපයකම නියාමක ගායන ශිල්පියා විදියට කටයුතු කරලා තිබුණා. සීදුවේ සකුරා, සමන් ඇන්ඞ් ද ක්ලෑන්, සියැක්, සන්ශයින් වගේ සංගීත කණ්ඩායම් කිහිපයක් එක්කම මම වැඩ කෙරුවා. අවුරුදු 16දි තමයි මම කණ්ඩායම් සංගීතයට සම්බන්ධ වුණේ. ඇත්තටම ඒ හරහා මගේ ගායන හැකියාව වැඩි දියුණු වුණා කිව්වොත් හරි.
අවුරුදු 16දි කණ්ඩායම් සංගීතයට යොමු වෙනවා කියන්නේ ඉතාම විශේෂ දෙයක්. ඊට පෙර කලාව සහ ඔබ අතර තිබුණු සම්බන්ධ මොන වගේද?
හඬ කැවීම් ශිල්පියෙක් විදියට ගුවන් විදුලියේ ළමා පිටියෙන් තමයි මම මුලින්ම කලාවට සම්බන්ධ වුණේ. ඊට පස්සේ තරුණ සේවා සභාවට සම්බන්ධ වුණා. ඒත් ගායකයෙක් විදියට නෙවෙයි.
අවුරුදු 21දී විදෙස් ගත වුණු චරිත් ගැන ඊට පස්සේ රටම කතා කරන්නේ ජූලියා චිත්‍රපටය හරහා. ඇයි පිටරට ඉඳන් එකපාරටම ලංකාවට චිත්‍රපටයක් කරන්න හිතුණේ?
ඒක එකපාරටම වුණු දෙයක් නෙවෙයි. ඒකත් හිතේ තිබුණු ලොකු ආශාවක්. ලංකාවෙන් ගියාට පස්සේ විශේෂයෙන් සිනමාව ගැන ගොඩක් දේවල් හදාරන්න මට අවස්ථාව ලැබුණා. ලංකාවේ අධ්‍යක්ෂවරයකුට නොලැබෙන ලොකු අවස්ථාවක් මට ඒ හරහා ලැබුණා. අපේ කාලයේදී තමයි ලෝකයේ ලොකුම තාක්ෂණික වෙනස්කම් සිද්ධ වුණේ. කලා ලෝකයටත් ඒක ඒ විදියටම බලපෑවා. ඉතිං ඒ නවීන තාක්ෂණය කලාවට සම්බන්ධ වෙන විදිය මම ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේ තමයි මම ජූලියා හරහා ලංකාවට අරගෙන ආවේ.
ජූලියා නිෂ්පාදකවරයා සහ ප්‍රධාන නළුවා වීම පමණක් නෙවෙයි ඒ චිත්‍රපටයේ ප්‍රධාන ගීතය ගායනා කළෙත් ඔබ. ගායකයෙක් වෙන්න තිබුණු ආශාව නේද ඒ හරහා ඔබ ඉෂ්ට කර ගත්තේ?
එහෙම කිව්වත් ඒක වැරැදි නැහැ. මොකද මම ලංකාවෙන් ගිහින් අවුරුදු හතරකට විතර පස්සේ තමයි ජූලියා නිෂ්පාදනය කළේ. ඒ වෙද්දී මම කවුද කියන එක මෙහේ අයට මතක නැහැ. ඉතිං එහෙම තත්ත්වයක කවුරුවත් මට ගීත ගායනා කරන්න අවස්ථාවක් දේවි කියලත් හිතන්න බැහැ. මගේ ආශාව ඒ හරහා ඉටු කර ගත්තා කියන එක වැරැදි නැහැ කියලා මම කිව්වේ ඒකයි. ජූලියාගෙන් පස්සේ මම නිෂ්පාදනය කළ ජූලි හතයි චිත්‍රපටයෙත් මම ගීතයක් ගායනා කළා. ඒ ගීත දෙකටම සම්මානත් හිමි වුණා.
අපි දැන් “මා නොවන මම” පැත්තට හැරෙමු. ඒ වැඩසටහනින් පස්සේ තමයි නැවත වරක් චරිත් ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ. “මා නොවන මම” වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ කොහොමද?
වැඩසටහන මෙහෙයවන කැළුම් අයියා මං ගැන දන්නවා. මොකද කැළුම් අයියා තමයි මගේ සරත් සඳේ ගීතය රචනා කළේ. නමුත් මා නොවන මම නිෂ්පාදක කණ්ඩායමේ ශර්මිලා සහ චින්තකගේ ආරාධනය අනුව තමයි මම ඒ සඳහා එකතු වුණේ. ඊට කලින් මම දෙවරක් දෙරණ නාළිකාවේ රියැලටි වැඩසටහන් එක්කත් එකතු වෙලා හිටියා. ඒ හින්දා මගේ ගායන හැකියාව ගැන ඒ අය දැනගෙන හිටියා. කොහොම වුණත් මේ වැඩසටහන මීට ගොඩ කාලෙකට කලින් කරන්න තිබුණු එකක්. ආරාධනා ලැබිලා තිබුණත් මට කිහිප වරක්ම ඒ අවස්ථාව ගිලිහිලා ගියා. ඊට පස්සේ කොවිඞ් 19 හින්දා වැඩසටහන කාලයක් පරක්කු වුණා. ඒත් නියම වෙලාවට මේක සිද්ධ වුණා කියලයි මම හිතන්නේ. ඒ හින්දා බොහෝ දෙනෙකුට මේක නරඹන්න අවස්ථාවත් ලැබුණා.
වර්තමානයේදී චරිත්ව මොන විදියටද ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙන්නේ?
මම අධ්‍යක්ෂණය කෙරුව සත්‍යා ටෙලි නාට්‍ය මේ දිනවල සති අන්තයේදී ස්වාධීන රූපවාහිනිය හරහා ප්‍රචාරය වෙනවා. ඒ වගේම ලංකාවේ පළමුවරට භැඑකෙසං වෙනුවෙන් නිර්මාණයක් කරන්න මට පුළුවන් වුණා. එහි වැඩකටයුතුත් මේ දිනවල සිද්ධ කර ගෙන යනවා.
අලුත් තාක්ෂණයත් එක්ක කලාව රස විඳින හැම දෙනාටම ඒක අපූරු ආරංචියක් වෙනවා කියලා අපිට විශ්වාසයි. ඒ හින්දා අපි ඒ ගැනත් තව ටිකක් කතා කරමු.
ඔව්. ඇත්තටම ඒක අහම්බයකින් ලැබුණු අවස්ථාවක්. ඒක කොටස් season 05 කින් සමන්විත ටී. වී. මාලා (T.V. series නාටකයක්. එහි කොටස් දෙකක් මේ වෙද්දී ඉවරයි. ඉතුරු කොටස් දැන් කර ගෙන යනවා. අපේ රටේ ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පීන් බොහෝ දෙනෙක් මේ වැඬේට එකතු වෙලා ඉන්නවා. අපි කරන වැඬේ හොඳද නැද්ද කියන එක ප්‍රේක්ෂකයෝ තමයි තීරණය කරන්න ඕනෑ. ඒත් මේ ලැබුණු අවස්ථාවෙන් අපේ අනෙක් කලාකරුවොත් ඉදිරියේදී ප්‍රයෝජන ගනීවි කියලා මම විශ්වාස කරනවා.
මේ නිර්මාණය කවදා වගේද ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙන්නේ?
ලබන ඔක්තෝබර් මාසය වෙද්දී ඒක දැක ගන්න පුළුවන් වේවි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මෛත්‍රි කොමිසමට හයිය පෙන්වයි: ප්‍රකාශ දෙන්න එන්න බෑ කියයි: ගෙදරට එන්න කියයි

Next Post

SDB කොවිඞ්-19 මැදිත් 2020 වසරේ අතිසාර්ථක ගමනක

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...

Read more
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.