• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක වෙළෙදපොළේ තෙල් මිල දැන් පහත වැටිලා තියෙද්දිත් මෙහේ තෙල් මිල වැඩි කරලා ආණ්ඩුව මහදවල් මංකොල්ලයක් කරලා! ලංකාවට හෙට අනිද්දා වෙන්න යන දේ මරික්කාර් හැමෝටම තේරෙන භාෂාවෙන් කියයි! VIDEO I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (10) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසී ය.

‘‘රට තුළ දින 26කට සරිලන පරිදි පෙට්ට්‍රල් තොග තිබෙන බවත් දින 30 ක පමණ ආසන්න කාලයකට අවශ්‍ය ඩීසල් තොග තිබෙන බවත් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ නිසා අනිසි බියක් ඇතිකරගත යුතු නැතැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරනු ලැබුවා. රට තුළ පෙට්ට්‍රල් සහ ඩීසල් තොග තිබෙන බව ප්‍රකාශ කර තිබියදී ඊයේ මධ්‍යම රාත්‍රීයේදී ඉන්ධන මිල වැඩි කරන්න ජාතික ජනබලවේග රජය කටයුතු කර තිබුණා. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් , ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්, වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ඩීසල් සහ පෙට්ට්‍රල් වැඩි කිරීම හරහා ආණ්ඩුව ජනතාවගේ මුදල් මංකොල්ල කෑමක් සිදුකර තිබෙනවා.

ඒ වගේම ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට අඩුවී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී ලංකාවේ ආණ්ඩුව ඉන්ධන මිලදි ගත්තානම් එම ඉන්ධන තොග ඊයේ දිනයේදී ලංකාවට ලැබෙන්නේ නැහැ. ඒ අනුව පරණ ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල ගණන් වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජනතාවගේ මුදල් මංකොල්ල කන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුවට ලැබෙන අති විශාල ලාභයක් ලැබෙනවා. ඒ වගේම ඉන්ධන මිල වැඩි කිරීම හරහා භාණ්ඩ හා සේවාවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ හරහාත් ලංකාවට විශාල ලාභයක් ලැබෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුවේ සිටින්නේ ජනතාව පිළිබඳව කිසිදු සංවේදිභාවයක් නැති පිරිසක්. කෙසේ නමුත් අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනතාවට සහනයක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක් සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ.

ඒ වගේම මැදපෙරදිග යුද්ධය නිසා රටේ අපනයනයට බාධා එල්ල වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ තේ අපනයනයට විශාල බාධාවක් ඇති වී තිබෙනවා. ඒ වගේම ඇගලුම් අපනයනයේ දී ලැබෙන ඩොලර් ආදායමට විශාලා බාධාවක් ඇති වී තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් ආදායමට විශාල බාධායක් ඇති වී තිබෙනවා. ඒ වගේම විශාල ඩොලර් ආදායමක් ලැබෙන විදේශ ප්‍රේෂණ අඩු වී තිබෙනවා. ඒ වගේම සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකිරීම නිසා ඒ සඳහාත් විශාල පාඩුවක් රටට සිදුවෙලා තිබෙනවා. ඒ වගේම අපනයනයෙන් රටේ ඩොලර් ආදායම අඩුවන විට ආනයන වියදම ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ යනවා. ලෝක වෙලඳ පොලේ තෙල් බැරලයක මිල වැඩි වනවිට ඉන්ධන මිල , ඖෂධ මිල , අත්‍යාවශ්‍ය ආහාරවල මිල , අමුද්‍රව්‍යවල මිල ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ අනුව මේ හරහා රටේ කර්මාන්ත ක්ශ්‍රේත්‍රයට , රැකියා ක්ශ්‍රේත්‍රවලට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම ආනයන අපනයන පරතරයත් වැඩි වෙනවා. මෙය තදින්ම රටේ ආර්ථිකයට බලපානු ලබනවා.

ඒ වගේම යුද්ධයක් පවතින්නේ ගල්ෆ් කලාපය තුළයි. නමුත් ඕස්ට්‍රේලියාවට , චීනයට , මැලේසියාවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන්න රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම ආයෝජකයන්ට තිබෙන බාධා ඉවත් කර ආයෝජකයන්ට ශ්‍රී ලංකාව විවෘත කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම බදු බාදා ඉවත් කර ආයෝජකයන්ගේ ඩොලර් ලංකාවට ගෙන ගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සේවයට සෘජු ගුවන් සේවා ඇතිකර ඩොලර් ආදායම් උපයන වැඩපිළිවෙළක් ආණ්ඩුව සකස් කළ යුතුයි. ආදයම් උපයන්න තිබෙන අවස්ථාවක් දුටු සැණින් ඒවාට සම්බන්ධ වෙන්න ආණ්ඩුවක් කටයුතු කළ යුතුයි.

ඒ වගේම අනුර දිසානායක ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්ද මංකොල්ල කන්න මැතිවරණ වේදිකාවලදී පොරොන්දු රැසක් ලබාදුන්නා. නැවෙන් ඉන්ධන ගොඩබාන මිලට ජනතාවට ඉන්ධන ලබාදෙන්න හැකියාවක් තිබෙන බව අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ වගේම හිටලු ඛණිජ තෙල් ඇමැති කංචන විජේසේකරගේ කොමිස් මුදල් ඉවත් කර ඉන්ධන සහන මිලට ලබාදෙන්න හැකියාවක් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් දැන් ආණ්ඩුවට නැවෙන් ගොඩබාන මිලට ඉන්ධන ජනතාවට ලබාදෙන්න හැකියාවක් තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව පරණ තෙල්වලින් මංකොල්ල කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. මේ අවස්ථාවේ ඉන්ධනවල තිබෙන බදු ඉවත් කර සහන මිලට ඉන්ධන ලබාදෙන්න රජය කටයුතු කළ යුතුයි. එසේ සිදුකළොත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ යාම , ඖෂධ මිල ඉහළ යාම අවම වෙනවා. රටේ ජනතාවට සහන දෙන්න කටයුතු කරමිනුයි ඩොලර් ආදායම් හොයන්න ආණ්ඩුව කටයුතු කළ යුත්තේ. ආණ්ඩුවට ජනතාව සම්බන්ධයෙන් සංවේදිභාවයක් නැහැ. විපක්ෂයේ සිටින විට රටේ ජනතාව කුපිත කරමින් , රටේ ආර්ථිකය විනාශ කළ ආණ්ඩුවේ පිරිසට තිබෙන්නේ හුන්ඩු මානසිකත්වයක්. ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ හුන්ඩු වැඩපිළි‍වෙළක්. ඒ වගේම රටේ ජනතාවට අසීරු අවස්ථාවකදී නායකයන් රටේ ජනතාව රැග ගන්නයි කටයුතු කළ යුත්තේ. නමුත් ජනතාවගේ රිරි මාංශ උරා බොමින් බදු ආදායම් වැඩි කරගන්නයි ආණ්ඩුව උත්සහ කරන්නේ. නමුත් ආණ්ඩුව විපක්ෂයේ සිටින විට මෙවැනි ප්‍රකාශ නිකුත් කළේ නැහැ. කෙසේ නමුත් පීඩාවට පත් ජනතාව පීඩාවෙන් ගලවාගන්න ක්‍රම ආණඩුව සෙවිය යුතුයි.

ඒ වගේම ආණ්ඩුව ගල් අඟුරු වංචාව යට ගසන්න දැඩි උත්සාහයක නිරත වෙනවා. නමුත් සමගි ජනබලවේගය ඒ දෙය කරන්න ආණ්ඩුවට ඉඩ ලබාදෙන්නේ නැහැ. 11 වැනි නැවේ තිබුණ ගල් අඟුරුත් ප්‍රමිතියෙන් තොර බව වාර්තා වෙලා තිබෙනවා. මේ හේතුවෙන් ලක්විජය බලාගාරයේ යන්ත්‍ර වලටත් හානි සිදුවී තිබුණා. එය යථා තත්ත්වයට පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම ගල් අඟුරු නැව් 11 පැමිණ තිබෙනවා. ඒ ගල් අඟරු නැව් 11 සඳහා ප්‍රමාද ගාස්තු අය කර ගන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. අප්‍රේල් 22 වන විට ගල් අගුරු නැව් 25 ම ලංකාවට පැමිණිය යුතුයි. ඒ වගේම ගල් අගුරු ගෙනා නැව් 9 යේ පාඩුව මිලියන 8400 ක් පමණ වෙනවා. ඉන්ධන මිල වැඩිවුණාට පසු ගල් අගුරු නැව් 9 යේ පාඩුව මිලියන 10,000 ක් පමණ වෙනවා.
ඒ අනුව නැව් 25 යේම පාඩුම මිලියන 35,000 ක් පමණ වෙනවා. කෙසේ නමුත් ගල් අගුරු වංචාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය රටට හෙළි කරනවා.
ගල් අගුරු වංචාව නිසා ඉදිරියේදී විදුලි බිලත් වැඩි වීමට නියමිතව තිබෙනවා. මේ වංචා දුෂණ නිසා ජාතික ජනබලවේගය බලය දුන්න මිනිස්සුත් දුක් විඳිනවා , නොදුන්න මිනිස්සුත් දුක් විදිනවා.

ඒ වගේම ගල් අගුරු වංචාවට සම්බන්ධ විදුලිබල ඇමැතිට විරුද්ධව අල්ලස් කොමිසම නඩු පවරලා තිබෙනවා. ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරනු ලබනවා. බලශක්ති ඇමැතිවරයා මිලියන , 10,000 ක් පමණ පාඩු කරලා තිබෙනවා. ලගඳීම බලශක්ති ඇමැතිවරයාට හිරබත් කරන්න වෙනවා. ඒ වගේම ගල් අගුරු වංචාවට ජයකොඩි ඇමැතිවරයා වගේම අනුර දිසානායක ජනාධිපතිවරයාත් වගකිව යුතුයි. දුෂණ චෝදනාවකට සම්බන්ධ පුද්ගලයෙකුට බලශක්ති ඇමැතිධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් වගකිව යුතුයි.

ඒ වගේම යටිතල පහසුකම් සහ උපායමාර්ගික අංශික අධික්ෂණ කාරක සභාවේ මම හිටියේ නැතිනම් ගල් අගුරු වංචාව වහන්න ආණ්ඩුව කටයුතු කරනවා. ගල් අගුරු වංචාවෙන් රටට වන පාඩුව සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තර රටට ඉදිරිපත් කරන්න හැකි වුණේ ඒ නිසායි. ගල් අගුරු වංචාවෙන් සිදුවුණ වංචාව ඉදිරියේදීත් හෙළි කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා.‘‘

SendShareShare
Previous Post

යෝෂිත හෝමාගම උසාවියට ඇවිත්! මුදල් විශුද්ධිකරණ නඩුවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න බය හිතෙන හෙළිදරව්වක්! හැමෝම බොන්නේ මැරිච්ච වතුර! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.