• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඉදල්ගස්හින්න තහනම් නෑ

August 19, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
ඉදල්ගස්හින්න තහනම් නෑ
Share on WhatsAppShare on Facebook

මීට සතියකට විතර කලින් ඉදල්ගස්හින්නෙ ගයිඞ් කෙනෙක් කන්දෙන් පල්ලෙහාට වැටුණු කතාව හැමෝම දන්නවා ඇති. මේ සිද්ධියත් එක්කම ඉදල්ගස්හින්න කෑම්පින් කරන්න තහනම් කියලා ලොකු කතාවක් ගියා. ඉතිං ගිය 07 වැනිදා අපි ඉදල්ගස්හින්නෙන් හල්දුම්මුල්ලට යන ගමන අතරමඟදි අපි බැලුවා මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න. අපි ගමනෙදි එකතු කරගත්ත විස්තර එයාලගෙ වචන එක්ක මේ ලිපියෙන් කියන්නම්.

ක්ෂනිකව වෙනස් වන කාලගුණය හින්දයි, වටපිටාවෙ තියෙන අලංකාරය හින්දයි, ලොකු අමාරුවක් නැති හයික් එකක් තියෙන ලස්සන විව් එකත් හින්දයි, ලංකාවෙ ලස්සනම දුම්රිය නැවතුම්පල විදියට කවුරුත් අඳුරන ඉදල්ගස්හින්න ලංකාවේ දේශීය සංචාරකයින් අතර ගොඩාක් ප්‍රසිද්ධ තැනක් වෙලා තියෙනවා.

ඉදල්ගස්හින්න පැත්තෙ ගොඩක් අය මේ අනතුර හින්දා ටිකක් කලබල වෙලා සහ කේන්තියෙන් ඉන්නේ. අපි නයිට්මේල් ගිහින් ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් බැස්සම අපිට ස්ටේෂන් එකෙන් වුණත් හම්බ වුණේ එච්චර හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. සංචාරකයෝ එනවට අකමැතිදෝ වගේ කතාවක් ඒ වචන වල තිබුණා.

ඊටපස්සෙ අපි පොඞ්ඩක් එළිය වැටෙනකන් ඉඳලා ගියා ඉදල්ගස්හින්න කන්ද නඟින්න. වෙනදා කොළ පාටට ලස්සනට තියෙන තණකොල ටිකයි රතු පාට මල් පිපුනු අසෝක මල් ගස් ටිකයි වෙනුවට අපිට දකින්න හම්බුනේ හරිම සංවේදී දර්ශනයක්. මුළු ඉදල්ගස්හින්න කන්දම (true peak එක නෙවෙයි. කෑම්පින් කරන තැන) ගිනි අරං. හැමෝම ඉදල්ගස්හින්න කෑම්ප් කළොත් ෆොටෝ එකක් ගහන අර කන්ද උඩ අසෝක මල් ගහත් ඒ ගින්නට අහුවෙලා පිච්චිලා. ගිනි තියලද, ගිනි අරන්ද කියලා හිතාගන්න බැරුව ඉඳිද්දී අපි වෙලාව ඉතුරු කරගන්න ඕනි නිසා ටක් ගාලා බහින්න පටන් ගත්තා.

බහිද්දි කවුරුත් දන්න ඉදල්ගස්හින්න ටෙන්ට් රෙන්ට් කරන ගෙදර ගාවදි ඒ ආච්චි හම්බ වුණා. එයයි එයාගෙ පුතයි එක්ක ටික වෙලාවක් කතා කරද්දි තමා අපිට මේ අනතුර ගැනයි ඉදල්ගස්හින්නෙ කෑම්පින් තහනම ගැනයි ලොකු විස්තරයක් දැනගන්න ලැබුණේ. එයාලා කියන්නෙ නම් මෙහෙම විස්තරයක්. “මේ කියන නුවර නඬේ එක්ක වැටුනායි කියන ගමේ දෙමළ මනුස්සයා ටිකක් රෑ වෙලා තමයි කට්ටියට පාර පෙන්නන්න කන්ද නැඟලා තියෙන්නේ. නැඟලා ඒ ආපු අයත් එක්කම බීලා එදා රෑ කන්දෙන් වැටිලා තියෙනවා. උදේ කට්ටිය නැගිටලා හොයද්දි මේ මනුස්සයා නැති නිසා කට්ටිය පල්ලෙහාට ඇවිත් ගමේ අයට කියලා බලද්දි කන්දෙන් පහල ගහක හිරවෙලා වැටිලා. අතක් ඇටෙන් වෙන් වෙලා. ඊටපස්සේ මේ සිද්ධිය නිසා ගමේ හුඟක්ම ඉන්න දෙමළ මිනිස්සු කලබල වෙලා. කෑම්පින් කරන්න දෙන්නෙ නැහැ කියලා තියෙනවා. මේ කෝපය හින්දම ගිය ඉරිදා (ජූනි 05) කන්ද නැග්ග පිරිසකට බහින්න බැරිවෙන්න කන්ද යටින් ගිනිතියලා තියෙනවා. මේකෙන් මුලු කන්දෙම ලස්සන විනාශ වෙලා. එහෙම්පිටින්ම. අපි යද්දිත් බදාදා ගින්දර තාම ඇවිලෙනවා”

නමුත් මේ අනතුර වුණාට පස්සෙ වනසංරක්ෂණ අධිකාරියෙන් මෙතැන බලන්න ඇවිත් තියෙනවා. ඒ අනුව ඉදල්ගස්හින්න කෑම්පින් වලට තහනම් නැති බවත් ඉදිරියේදි යම් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් කියලා තියෙනවා. ඔයාලට ඉස්සරහට ඉදල්ගස්හින්න නඟිද්දි ටිකට් එහෙම අරං නගින්න වෙයි.

ඉතිං එයාලා කියපු කතාව අහගෙන අපි බැස්සා පල්ලෙහාට. ඇක්සිඩන්ට් එක නිසා එයාලගෙ රැකියාවට බඬේ පාර වැදිලා ඉන්නෙ කියලත් අපිට ඒ කතාවෙන් තේරුණා. ගමේ සාමාන්‍ය මිනිස්සු ඉදල්ගස්හින්න කෑම්පින් කරනවට යම් අකමැත්තක් තියෙන බවත් සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන අයත් එක්ක පොඩි අමනාපයක් තියෙන බවත් අපිට තේරුණා.
පල්ලෙහාට බැහැලා රාජා මාමගෙ කඩෙන් උදේට කද්දිත් අපි ඇහුවා ඔය අනතුර ගැන විස්තර. එයාලා කියන්නෙත් මිනිස්සු පොඩි අකමැත්තක් දක්වනවා මිසක් කෑම්පින් කිරීමට තහනමක් නැහැ කියලා. තව එකක්. ආයෙ අර වතුර ටැංකියට නම් නගින්නෙපා. පහුගිය ටිකේ සෙට් එකක් ඒක උඩත් නැගලා බීලා. ඒකෙනුත් ගමේ අය කේන්ති අරං ඉන්නේ. ගමටම වතුර බෙදන ටැංකිය උඩ බීලා බෝතල් ටිකත් පැත්තකින් තියලම ගිහිල්ලා.

ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ ඉදල්ගස්හින්න කෑම්පින් සඳහා කිසිම තහනමක් නැහැ කියලා. ඉදිරියට විධිමත් වැඩපිළිවෙලක් එක්ක ඉදල්ගස්හින්න මාකට් වෙන්න ගනියි. හැබැයි සංචාරකයෝ යැයි කියාගන්නා උදවිය කරන වැඩ අනුව ඉදිරියේදී ඒක තහනම් වෙන්නත් බැරි නැහැ.
සචින්ත බණ්ඩාර

SendShareShare
Previous Post

කොළඹ ‘ඔටර්’ ක්ලබ් එකට ඉවත් වෙන්න නියෝගයක්

Next Post

අගමැතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.