• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පිටි කොටලා පිටි හලලා රටම හොල්ලපු ඒ නෝනා…! වයසට බූට් එක පෙනුමට රූට් එක! මගේ ඇස්වලත් තියෙන්නේ නැන්දගෙම ඒ ලු‍ක් එක…! තාමත් ජිප්සීස් එක්ක නටනවා..! පාරෙ යන්න බැරි තරමටම හිට් වුණා…! නිලන්ති ඩයස් I Sri Lanka Latest News

March 1, 2026
in Heart
Reading Time: 3 mins read
A A
පිටි කොටලා පිටි හලලා රටම හොල්ලපු ඒ නෝනා…! වයසට බූට් එක පෙනුමට රූට් එක! මගේ ඇස්වලත් තියෙන්නේ නැන්දගෙම ඒ ලු‍ක් එක…! තාමත් ජිප්සීස් එක්ක නටනවා..! පාරෙ යන්න බැරි තරමටම හිට් වුණා…! නිලන්ති ඩයස් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

90 දශකයේ අගභාගයේ ලස්සන රූසපුවක් තියෙන ෆොටෝජෙනික් පෙනුමක් තියෙන තරුණ කෙල්ලක් ජනප්‍රිය යොවුන් නවකතා පුවත්පතක කවරය හැඩ කරන්න ආවා. ඒ, එවක ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු විසින් කරපු ආරාධනාවකටයි. නිල් පාටට කෙටි ගවුමක් ඇඳලා මල් කූඩයක් අතින් ගෙන පියකරු සිනාවක් පාමින් ඈ හරි අගේට ඒ කවරයට මුහුණ දුන්නා. කාගෙත් සිත්ගත් ඒ අලංකාර මුල් කවරය නිසා පත්තරයත් වැඩිපුර අලෙවි වුණා කියන ආරංචියකුත් තිබුණා.Sri Lanka Latest News

ඉන් පස්සේ මේ ෆොටෝ ජෙනික් කෙල්ලට කාන්තා පත්තර ඇතුළුව තව තව පත්තරවල කවර් පේජ් හැඩ කරන්න එන්න කියලා හරි හරියට ආරාධනා ආවා. ඒ හැඩකාර කවර දැකලා සුපිරි මට්ටමේ සංගීත කණ්ඩායමක් වෙච්ච ජිප්සීස්ලාගෙන් ඇයට ‘පිටි කොටපන් නෝනේ’ සින්දුවට රඟන්න ආරාධනා ලැබුණා කියන්නකො. ආරාධනාව පිළිඅරගෙන අඋ පිටි කොටලා පිටි හලපු අලංකාරය කොයි තරම්දැයි කියනවා නම් එයට පසු මේ දිගැටි ඇස් ඇති සුන්දර තරුණියට චිත්‍රපටවලට වගේම ටෙලිනාට්‍යවලටත් ආරාධනා ආවා.

කවුද ඉතින් ඔය කියන ඔය තරමට හැඩකාර කෙල්ල?
ඈ නිලන්ති ඩයස්. තවත් විදියකට කියනවා නම් නිලන්ති ඩයස් කරුණාරත්න. සරල හැඳින්වීමක් තව අවශ්‍ය නම් පසුගිය දවස්වල සෝෂල් මීඩියාවල හිට් වෙලා තිබුණු ලස්සන ෆොටෝ පෙළක් දාලා 80 වැනි උපන් දිනය සැමරූ ප්‍රවීණ නිළි බියුලා ඩයස් ඇගේ ආදරණීය නැන්දණියයි.
කොහොමද නිලන්ති ඉතින් ඔයාගේ සුවදුක් එහෙම?
සුවෙන් සතුටින් ඉන්නවා. ඒ අතර කලා කටයුතුවලටත් දුවනවා පනිනවා.
පසුගිය දවස්වල බියුලා නැන්දගේ තනි නොතනිය වෙනුවෙන් සෑහෙන බිසී වෙලා හිටියා?
ඒකනේ. 80 වැනි උපන්දිනය සමරන්න නැන්දා ලංකාවට එන්න ප්ලෑන් කරපු දවසේ ඉඳන්ම මම හුඟක් බිසී වෙලා හිටියා. ඇය ආව දා ඉඳන්ම පාටිය ප්ලෑන් කළා.
ඉන් පස්සේ පාටියෙදි ගත්ත ෆොටෝස් ටික සෝෂල් මීඩියාවල හිට් වෙනකොට ඇයට ඉන්ටර්වීව්ස්වලට චැට් ෂෝවලට ආරාධනා ලැබුණා. මම තමයි ඇගේ කෝඩිනේටර් සහ යන එන තැන්වල ඇයව එක්කගෙන යන මාර්ගෝපදේශකයා වුණේ. මොකද කියනවා නම් නැන්දා පාරවල් දන්නේ නැහැ. කාවවත් හඳුනන්නෙ නැහැ. ඒ නිසා මම එයා වෙනුවෙන් කාලය දුන්නා. ඒ හැම දේම මම කළේ හරිම සතුටින්. ඒකට විශේෂම හේතුව වුණේ අවුරුදු පනස් ගණනක් ගිහිල්ලත් ප්‍රේක්ෂකයෝ ඇයට දක්වපු සැලකිල්ලට ආදරයට ඇගේ හිතේ වාගෙම මගේ හිතෙත් ගෞරවයක් ඇතිවුණු නිසයි.

ඔබ බියුලා ඩයස්ගෙ ඥාති දියණිය බව හැමෝම දැනගත්තෙත් ඒ උපන්දින පාටියෙන් පස්සේ තමයි?
ඔව්. එතෙක් බොහෝ දෙනකු එය දැනගෙන හිටියේ නැහැ.
ඔබේ පෙනුම බියුලා නැන්දගේ පෙනුමට බොහෝ සමාන බව කවුරුත් කියනවා?
හැමෝම වගේ ඒක කිව්වා. මුහුණු පොතේ කමෙන්ට්ස්වල පවා එය සටහන්ව තිබුණා. ඇගේ ඇස්වල පෙනුම කිසිම අඩුවක් නැතිව විශේෂයෙන්ම මට පිහිටලා තියෙනවා. ඒත් මට නම් හිතෙන්නේ ඈ මටත් වැඩිය හරි අමුතුම හැඩක් තියෙන කෙනෙක් වගෙයි.
රංගනයට යොමුවුණේ නැන්දා නිසාද නිලන්ති?
අනේ නැහැ. නැන්දා රඟපාන කාලේ මම ඉපදිලාවත් නැහැ. හැබැයි ඈ ගැන සහ ‘දුලීකා’ ෆිල්ම් එක ගැන අහලා තිබුණා. පස්සේ කාලෙක ඒක බලන්නත් ලැබුණා. ඒත් ඇය නිළියක් වූ නිසා නිළියක් වෙන්න ඕනෑ කියලා නම් හැඟීමක් කවදාවත්ම හිතට ආවේ නැහැ.
නර්තනය නිසාද රංගනයට ආවේ ඔබ?
නැන්දා ප්‍රසිද්ධ ඩාන්සර් කෙනෙක්. ෆිල්ම්වල ඇයට වැඩිපුරම ආරාධනා ලැබුණෙත් ඩාන්සර් කෙනෙක් විදියට රඟපාන්නයි. ඇය හැම තාලෙම නැටුම් දැනගෙන හිටියා. ඒ හැම දේම ක්ලාස්වලට ගිහින් ඉගෙනගෙන තිබුණා. ඒ වගේම ඇය අපූරුවට නර්තනයේ යෙදෙන ආකාරයත් මම ෆිල්ම්වල දැකලා තිබුණා.
සමහර වෙලාවට ඇගේ ඒ හැකියාව මටත් ඇඟෙන්ම ආවද දන්නේ නැහැ. හුඟක් ළාබාල වයසෙන් මමත් ඩාන්සින් ඉගෙන ගත්තා. පහතරට, උඩරට, බැලේ, ලතින් ඇමෙරිකන්, බැලේ කියන ඒ ඔක්කොම ඉගෙන ගත්තා කියන්නකො. ඒ අතරේ පත්තරවල මුල් කවරයක් සරසන්න ආරාධනා ආවා. ඒ කවරය හුඟක් ෆේමස් වෙනකොට තව තව පත්තරවලින් ආරාධනා ආවා. ඔය අතරේ ජිප්සීස් ගෲප් එකේ ‘පිටි කොටපන් නෝනේ’ සින්දුවට ආරාධනාව ආවා.
පිටි කොටලා, පිටි හලන රංගනය නියමෙට හිට් වුණා නේද?
ආයෙත් අහලා. හිතපු නැති විදියට ඒ සින්දුව ෆේමස් වුණා. මග තොටක යන්නත් බැරිවෙන විදියට ප්‍රේක්ෂකයෝ මාව වටකර ගත්තා. හිතට හරි සතුටක් දැනුණා. ඒ වගේම ‘පිටි කොටපන් නෝනේ’ සින්දුවත් එක්ක මුළු රට වටේම විතරක් නෙවෙයි පිටරටවලත් ගියා. මියුසිකල් ෂෝවලට ඒ සින්දුව නැතිවම බැරි වුණා. තවමත් අදටත් මම ජිප්සීස් සංගීත කණ්ඩායමත් එක්ක එයාලගේ ඩාන්සින් ගෲප් එකට සහභාගිව ඉන්නවා.
බියුලා නැන්දා වගේම ඔයාටත් වයඃ කල්‍යාණය පිහිටා තියෙනවද මන්දා?
අනිවාර්යයෙන්ම ඒක එහෙමයි. හැමෝමත් එහෙම කියනවා. අනෙක මම හිතන විදියට එහෙම වරමක් කියන එක වාසනාවක්.
චිත්‍රපට රංගනයට ආවේ ‘පිටි කොටපන් නෝනේ’ සින්දුවෙන් හිට් වුණාට පස්සෙයි?
බන්දු සමරසිංහ අයියාගෙන් ආරාධනාව ආවා කොමටියකට. හැබැයි ඩාන්සින්වලට තරම් රංගනයට ආසාවක් තිබුණෙ නැහැ. ගත් කටටම බැහැ කිව්වා. මොකද නිළියක් වෙනවා කියන කාරණය හිතකවත් තිබුණේ නැති නිසයි. ඒත් ඉතින් අපේ අම්මා මට ටිකක් බල කළා. අපරාදේ ඇයි බැහැ කියන්නේ, එක ෆිල්ම් එකක් හරි කරලා බලන්න කියලා.
නිකමට වගෙයි එහි රඟපෑවේ. චිත්‍රපටය දින 100ක ඉලක්කයත් පහුකළා. ඉන් පස්සේ චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා.
රංගනයෙන් සමුගෙනද මේ දවස්වල නිහඬව ඉන්නේ?
සමහර ආරාධනාවන් භාරගන්නවා. පසුගිද දවස්වල රජිත හිරාන්ගේ ‘සාක්ෂි’ චිත්‍රපටයේ සහ සනත් අබේසේකර අයියගේ චිත්‍රපටයක වැඩකටයුතු නිම කළා. ඉදිරියේදී ඒවා තිරගත වේවි. ඒ අතර ජිප්සීස් ගායක කණ්ඩායමත් එක්ක එයාලගේ ඩාන්සින් ගෲප් එක හැටියටත් ෂෝවලට යනවා.
මොනවද හිතන්නේ ජීවිතය ගැන?
ජීවිතය හුඟක් සුන්දරයි. මම ඒ සුන්දරත්වය අත්විඳිනවා. සතුටින් ජීවත් වෙනවා.
කතාව අවසාන කරන්න කලින් කියන්නට යමක්?
බියුලා නැන්දගේ ෆොටෝස් ටික මුහුණු පොතේ වයිරල් වෙද්දි ඒවට කමෙන්ට් කරපු හැමෝම වගේ මාවත් මතක් කරලා තිබුණා. ප්‍රේක්ෂකයන් මට අදටත් දක්වන අන්න ඒ ආදරය ගැන මම හද පතුලින්ම එයාලට ස්තුතිවන්ත වෙනවා කියන්න.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

මම ඒක පාර්ලිමේන්තුවට දෙන්නම්! ඔයාගේ නාළිකාවට ඕනේ විදිහට දෙන්නේ නෑ! හරිනේ..! දැන් ගිහින් කියන්න නාළිකාවට! VIDEO I Sri Lanka Latest News

Next Post

දුවලා දුවලා හති වැටිලද…? මීමුරේ සෙනසුනේ පැවිදි වෙලා සති තුනක් මහණදම් පුරන්න එන්න…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.