මැණික් ව්‍යාපාරයක් කරන ‘ලකී මුදලාලි’ මේ දිනවල ඔබ හමුවට එන්නේ ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යය හරහායි. ඉතින් ඒ චරිතයට පණ පොවන සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පී චන්දික නානායක්කාර අප සමග කෙටි කතාබහකට සම්බන්ධ කරගත්තේ මේ විදියටයි.Sri Lanka Latest News
නොකළ වරදකට ලකී මුදලාලිව අත්අඩංගුවට ගත්තා නේද?
ඒවා එහෙම තමයි. ජගත් බෙනරගම අධ්‍යක්ෂණය කරන ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ තමයි ලකී මුදලාලිගේ කතාව ඔය විදියට ගලාගෙන යන්නේ. ඒ සිදුවීම් පෙළ මම කියනවට වඩා ‘මම සහ ඔබ’ නරඹන ප්‍රේක්ෂකයන්ට හොඳටම දැනිලා නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
තවත් පැත්තකින් ඔබ ආදරණීය පියෙක් ලෙසත් අපි දකිනවා?
‘රොන් සොයා’ ටෙලිනාට්‍යයෙත් මම පියෙක්. එකිනෙකට වෙනස් විදියේ පියවරුන්ගේ චරිත තමයි මම රඟපාන්නේ මේ දවස්වල. ඒ අතර ‘රොන් සොයා’ ටෙලිනාට්‍යයේ පියාට ගොඩක් ප්‍රේක්ෂකයන් කැමැතියි. තාත්තා කෙනෙක් විදියට දරුවන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන දරුවට උදව් කරන ආදරණීය පියෙක්.
පසුගිය දවස්වල ඔබ විවිධ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ සමග ගනුදෙනු කළා. ඒ අතර ජගත් බෙනරගම සමග වැඩකරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
අනිවාර්යයෙන්ම මම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ, නවක අධ්‍යක්ෂවරුන් සමග විවිධ නිර්මාණවල වැඩ කළා. ජගත් ගැන කතා කළොත් ඔහු මට වඩා ප්‍රවීණයෙක්. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව මේ හැම පැත්තකින්ම ජයගත්ත කෙනෙක් ඔහු. ඉතින් ඒ වගේ ප්‍රවීණයෙක් සමග මට වැඩකරන්න ලැබීම ගැන සතුටුයි. ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ වේදිකාවේ, සිනමාවේ, ටෙලිනාට්‍යවල රඟපාපු ප්‍රවීණ ශිල්පීන් රැසක් රඟපානවා. අපි සියලු දෙනා එකතු වෙලා ජගත්ට උපරිම සහාය දීලා සාර්ථක නිර්මාණයක් ලෙසට ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න අද අවස්ථාව උදාකරලා තියෙනවා.
මේ වසරේ ඔබ සම්බන්ධ වුණු සිනමා නිර්මාණ කිහිපයක් තියෙනවා නේද?
නිපුණ මාරසිංහගේ ‘ගගන’, කුමාර තිරිමාදුරගේ ‘ඕල්ඩ් මෑන්’, සමීර හසුන්ගේ ‘සුදු පුතා’ සිනමා නිර්මාණ හරහා මාව දැකගන්න පුළුවන්. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.
වසන්ත විතාරණගේ











