• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කෙල්ල වෙනුවෙන් පණ ඇරලා ඕන දෙයක් කරනවා…! එදා නම් මට හිතාගන්න බැරි වුණා…! අම්මා එක්ක රඟපාන්නේ අවුරුදු අටකින්…! තේනිය රත්නායක I Sri Lanka Latest News

February 21, 2026
in Heart
Reading Time: 2 mins read
A A
කෙල්ල වෙනුවෙන් පණ ඇරලා ඕන දෙයක් කරනවා…! එදා නම් මට හිතාගන්න බැරි වුණා…! අම්මා එක්ක රඟපාන්නේ අවුරුදු අටකින්…! තේනිය රත්නායක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය රංගන ශිල්පිනී මාධනී මල්වත්ත සහ කීර්ති කේ. රත්නායක දෙපළගේ ආදරණීය පුත් තේනිය රත්නායක සමගයි මේ කතාබහ. තේනිය නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු අම්මා සමග ආදරණීය මිනිසෙක් හැඩ කරද්දී තවත් පැත්තකින් පියා සමග සුවිශේෂ නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් තේනිය සමග ඒ තොරතුරු ගැන කතාබහ කරන්න අපි ඔහුව සම්බන්ධ කරගත්තේ මේ විදියට. Sri Lanka Latest News

‘ආදරණීය මිනිසෙක්’ වෙලා නේද තේනිය?
මවුපියන්ට ආදරණීය පුතෙක්. ප්‍රේක්ෂකයන්ට ආදරණීය රංගන ශිල්පියෙක්. හැම පැත්තකින්ම මම ආදරය ලබනවා.
මේ දිනවල අම්මයි පුතයි එකට රඟපානවා. අපි කැමැතියි ඒ ගැන දැනගන්න?
‘ආදරණීය මිනිසෙක්’ ටෙලිනාට්‍යයේ තමයි අපි දේනනම එකට රඟපාන්නේ. මගේ මව විදියට රඟපාන්නේ ඇය. ඇත්තටම මට අම්මා සමග මේ විදියට රඟපාන්න ලැබුණේ අවුරුදු අටකට විතර පස්සේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි වසර කීපයකට පසු ඇය සමග රඟපාන්න ලැබීම ගැන. හැබැයි ඉතින් රඟපානවා කියලා දැනෙන්නේ නැති තරමට අංජන චරිතයට ආලෝකයක් වුණා මගේ අම්මා.
අංජන චරිතය ඔබට දැනුණේ කොහොමද?
අංජන චරිතය මගේ ජීවිතයට සමානකම් තියෙනවා. විශේෂයෙන්ම මම කලින් පැවැසූ විදියට මගේ අම්මා මම සමග රඟපාන එක. අංජන කියන්නේ ත්‍රීවීල් රියැදුරෙක්. ඔහු ආදරය කරන ගැහැනු ළමයා වෙනුවෙන් පණ ඇරලා ඕනෙම දෙයක් කරන කෙනෙක්. අංජනගෙ එකම අරමුණ ආදරය සැබෑ කරගන්න එක තමයි. ඒ වගේම අම්මාගෙන් ලැබුණු සහාය ගොඩක් වටිනවා. අම්මා නිසා අංජන චරිතය හදාගන්න අලුත් දේවල් සිදුවීම් එක්ක එකතු කරගන්න විදිය මම අම්මා සමග නිතරම ඒ ගැන කතාබහ කළා.
ඔබේ ආදරණීය මව මාදනී මල්වත්ත හැර වෙනත් රංගන ශිල්පිනියක් මවගේ චරිතයට යොදාගත්තා නම් ඔබට මීට වඩා වෙනසක් දැනේවිද?
අනිවාර්යයෙන්ම. මම හිතනවා මේ තරම් ළෙන්ගතුව අංජනගේ චරිතය මට කරන්න බැරිවෙයි කියලා.
තේනිය මේ දවස්වල ‘මූණු’ සමග චරිත දෙකක් රඟපාන බව ආරංචියි?
‘මූණු’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දවස්වල සිදුවෙනවා. ‘මූණු’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ මගේ තාත්තා කීර්ති කේ. රත්නායක. තාත්තා සහ මම නිර්මාණය කීපයකම රඟපාලා තියෙනවා. ප්‍රථම වතාවට තමයි මම ටෙලිනාට්‍යයක චරිත දෙකක් රඟපාන්නේ. මට එය අභියෝගයක් වුණා. ඉදිරියේදී අපි ඒ ගැන කතා කරමු.
ඔබ ප්‍රථම වතාවට රාජ්‍ය සම්මානයක් ලබාගත්තා. මොකද හිතුණේ?
එදා නම් මට හිතාගන්න බැරි වුණා. මට එය වෙනස්ම අත්දැකීමක්. 2024 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඉංග්‍රීසි අංශයෙන් හොඳම නළුවා දෙවැනි ස්ථානය. ඒ සම්මානය අතට ගත්තු කෙනෙක් දන්නවා ඒ හැඟීම කොයි තරම්ද කියලා. ඒ අවස්ථාවේ දැනුණු හැඟීම වචනයෙන් කියන්න බැරි තරම්.
පසුගියදා වැලන්ටයින් සැමරුවේ නැද්ද?
ආදරයට මොකටද දවසක්. අවංකව ආදරය කරනවා නම් මම හිතන්නේ නෑ එයට විශේෂ දවසක් ඕනෙ කියලා.
මවුපියන් හරහාද ඔබ කලාවට සම්බන්ධ වුණේ?
මගේ මවුපියන් ලොකු රුකුලක් වුණා. ඒ අතර මම ඔඩිෂන් පවා ගියා. හැම මොහොතකම මම ජීවිතය දකින්නේ ඉස්සරහට යන්න තමයි. මගේ මවුපියන් හැම මොහොතකම මම කැමැති දේවල් කරන්න මට ඉඩ දුන්නා. ඒ විතරක් නෙවෙයි මට යන්න පාර හදලා මට ශක්තියක් වෙලා මගේ ළඟින්ම හිටිය එක මට ආශීර්වාදයක් වුණා.
තේනිය අලුත් නිර්මාණයක් කරන්න මේ දවස්වල සූදානම් වෙනවා නේද?
ඔව්. මිනි සීරීස් වැඩක්. කොටස් 10ක ටෙලිනාට්‍යයක්. එය අධ්‍යක්ෂණය කරන්නේ මම. රාජ්‍ය නාට්‍ය උළෙලට පිටපතක් ලියාගෙනත් යනවා. ඉතින් මේ දවස්වල ඔය වැඩ කටයුතු ටික තමයි කරන්නේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බිම පෙරළි පෙරළි අධ්‍යක්ෂගෙන් ගුටි කකා කරපු වැඩක්…! ඒ පැය එකහමාර මගේ මුළු ජීවිතේම වෙනස් කළා..! හිටියේ පොඩි කොටසක වුණාට මතක හිටින වැඩක් කළා කියලා ගොඩදෙනෙක් කියනවා… I ආශා දිල්රුක්ෂි I Sri Lanka Latest News

Next Post

තමන්ව ලේ ගලනකල් හපාකන අනිත් අයට තුවාල කරන දරුවෙක් මිරකල් ඩෝම් ඇවිත් වුණු දේ දන්නවද? Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.