එකෝමත් එක දවසක වෙනස් කෙනෙක් මිරකල් ඩෝම් එනවා. එහෙම දරුවො එන යන එක මිරකල් ඩෝම් එකට අලුත් දෙයක් නෙවෙයි. ජීවිතේ නරකම කාර්තුවල ජීවිත අස්සට නොකියාම රිංගන වේදනාත්මක අත්දැකීම්වලට මුහුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. සමහර වෙලාවට සමහර මිනිස්සු මැරෙනකල්ම කරන්නෙ ජීවිතේ එක්ක පොරබදන එක. එහෙම පොරබැදලා පොරබැදලා අන්තිමට මිනිහෙක් පරදිනවා. ඒ මිනිස්සු හරි පව්.Sri Lanka Latest News
කකුල් අතපයවලට හයිය තියෙන කාලෙ මිනිහෙක් එක මොහොතකවත් දිනන්න ඕනේ. ඒකට ස්වභාවධර්මය වුණත් ඉඩ නොදී ඉන්නෙ නෑ. ඒත් සමහර මිනිස්සු ජයග්‍රහණය පේන මානෙදි බලාපොරොත්තු අතහරිනවා. උත්සාහ කරන එක නවත්තලා දානවා. හැබැයි හරි කෙනෙක් හයියට හිටියොත් ඒ විදියට අතහරින්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක්ට වුණත් අමුතු හයියක් ලැබෙන්න පුළුවන්. මේ කතාව ඇතුළෙ ඔබට මුණගැහෙන්නෙ එහෙම කතාවක්.
ජීවිතේ නරකම කාර්තුවෙ හේන්, කනතු අස්සෙ පරඬැල් වෙච්ච ජීවිත එක ගිනිකූරකට පුළුවන් අළු කරලා දාන්න. ඒත් ඒ අළු මතින් ආයෙ ඉපදෙන ෆීනික්ස් කුරුල්ලො ඉන්නෙ සුරංගනා කතාවල විතරයි. මේ වන්නි ගම්වල කටුසර පොළොවෙ දූවිලි පුසුඹ ඉවකරන වැහි මලක් පිපෙන කල් බලා ඉන්න මොනර රංචු මිසක් ෆීනික්ස්ලා නෑ. ඒ නිසා ඇවිළෙන්න බෑ. නිවෙන්නම ඕනෙ. තමන් විසින්ම නිවෙන්න දන්නෙ නැති අයව නිවන්න කවුරු හරි ඕනෙ. මිනිස්සු අහසෙන් පොළොවෙන් නොපෙනන ලෝකෙ ඉන්න කවුරු හෝ කෙනෙක්ගෙන් ඒ පිහිට ඉල්ලනවා. අපි කතාවට යමු.
දරුවෙක් කියලා කියන්නේ ඕනෑම තරාතිරමක අයෙක්ට වාසනාව සතුට ගේන ආරංචියක්. මේ පුංචි පවුලටත් ඒක එහෙමම තමයි. මේ ගෙදර තාත්‍තා වීරෝදාර රණවිරුවෙක්. කවුරු වුණත් දරුවෙක් කුසට ආපුවාම ඒ දරු ගැබ ආරක්ෂා කරන්නේ හරියට නායකයාගේ නාග මාණික්‍යය රකින්නා සේ. අම්මා අම්මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට හරව ගන්නවා. ජීවිතයේ තිබුණු සුන්දර දේවල් තමන්ගෙන් ඈතට ඉගිළිලා යනකොට අම්මෙක් කවදාවත් දුක් වෙන්නේ නෑ. පුංචි කාලේ ඉඳලම තමන් ආදරයෙන් රැකගත්ත තමන්ගේ සුන්දරත්වය තත්පරෙන් තත්පරේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ගෑනු ආසාවෙන් තමන්ගේ ශරීරය සරසනවා. ඒ සඳහා පාවිච්චි කරන විවිධ ආලේපන කුසේ වැඩෙන පුංචි පැටියට නරකයි කියලා දැනගත්ත දවසේ ඉඳලා අම්මා ඒ දේවල් අහලකටවත් ගන්නේ නෑ. තාත්තෙක් දරු කුසක් දරන්නේ නෑ. හැබැයි තාත්තා තමයි මේ කරඬුව රකින බහිරවයා. මොන තරම් විශාල කරදර ආවත්, පොළොව පළාගෙන අහස ගුගුරුවාගෙන කොයි ලෝකෙ ඉඳලා අභියෝග ආවත් තාත්තට ඒ වෙලාවට එන්නේ යෝධ බල යෝධ ශක්තියක්.
තාත්තෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපකිරීම මනින්න තාත්තගෙ සිරුරේ ලේ කිරි වෙන්නේ නෑ. ඒ නිසා තාත්තගේ ආදරයට නිර්වචන හැදිලා නෑ. මේ පවුලෙත් එහෙමයි. මේගොල්ලෝ ලස්සන නිරෝගී ගුණයහපත් දරු පැටියෙක් මේ ලෝකෙට බිහි කරන්න කරන්න පුළුවන් හැමදේම කළා. දරුවා පවුලේ හතර වැනියා. අක්කලා දෙන්නෙක් ඉන්න පවුලේ ඊළඟට ආවෙ පිරිමි දරුවෙක්. එයාගෙන් පස්සෙ මෙයා.
සමහර දේවල් සිද්ධ වෙන්නේ අපි හිතනවට වඩා වෙනස් විදියට. ලෝකේ එහෙම දේවල් වෙනවා කියලා දැනගෙන හිටියට අපි විශ්වාස කරන්නේ නෑ ඒක අපිට වෙයි කියලා. මේ පුංචි පවුලත් එහෙම විශ්වාස කළේ නෑ. දවසින් දවස දරුකුස මෝරද්දී හිත් සතුටින් පිරුණා. මොහොතින් මොහොත දරු පැටියා මේ ලෝකයේ එළිය දකින දවස ළං වුණා. අපේ වන්නි ගන්තුලානවල පැටිපස් පරාණෙම දරුවන් මේ ලෝකෙට බිහිවෙන දවස වෙනුවෙන් ලෑස්ති වෙනවා. ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා. ගේ දොරමංකඩ අලුත් මල් පිපෙනවා.
දවසක් අලුත් ඉර හිනාවෙන මොහොතක හැමෝගේම බලාපොරොත්තු ඉෂ්ට කරමින් මේ දරු පැටියා ලෝකේ එළිය දකින්න නියමිතයි. ඒත් හදිසියක කාටවත් අදන්න බැරි අවාසනාවක් මේ ගෙදරට එනවා. අලුත් දරුවා ඉපදෙන්න දවස් කීපයයි. මේ අම්මා අවුරුදු හතරෙ පුංචි පුතා එක්ක පාරෙ යන අතරෙ භයානක අනතුරකට මුහුණ දෙනවා. ඒ අනතුරෙන් අවුරුදු හතරක් වයස අයියා බරපතළ තුවාල ලබනවා. එහෙම තුවාල ලබපු අයියා දුක් විඳලා විඳලා මැරිලා යනවා.
එකමත් එක දවසක රෝහලේදි ඈට මෙහෙම ඇහෙනවා,
‘නීරෝගී දරු උපතක්’
අම්මයි දරුවයි දෙන්නම හිටියේ සුවෙන්. දැන් හරි. ජීවිතේ අසීරුම කාලේ ගෙවිලා ඉවරයි. හැමෝම විශ්වාස කළේ එහෙම.
දරු පැටියෙක් ඉපදිලා මාස තුන හතර යනකොට කොච්චර මහන්සි වුණත් පවුලේ උදවියට ඒ මහන්සිය දැනෙන්නේ නැතුව යනවා. පළමුවැනි කිරි හිනාව පිපෙනකං විතරයි හැම වෙහෙසක්ම තියෙන්නේ. පුංචි පැටියා ඉපදිලා ටික දවසකින් බඩගානවා, දණගහනවා, නැගිටිනවා, හුරතල් වචන කතාකරන්න පටන් අරගන්නවා, පුංචි පුංචි දඟ වැඩ පටන් අරගන්නවා. ගෙදර සතුටින් පිරෙනවා. අක්කලා දෙන්නත් එක්ක පුංචි මල්ලියා ජීවිතේ බෙදාගන්න ලෑස්තියි.
ඒත් ටික කාලයක් යනකොට මේ කතාව වෙනස් වෙනවා, මේ දරුවගෙ තත්ත්වය සාමාන්‍ය දරුවෙක්ට වඩා වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අම්මෙක් තාත්තෙක් හැම තප්පරයකම උත්සාහ කරන්නෙ තමන්ගෙ ආදරණීය සිඟිත්තට ඉඳිකටු තුඩක හානියක් නොවෙන්න පරිස්සමින් බලාගන්න. ඒත් අවාසනාවට මේ දරුවා තමන්ම තමන්ටම තුවාල කරගන්න පටන් ගන්නවා.
‘එයා එයාව කොනිත්තා ගන්නවා. එයාවම හපා ගන්නවා. එයා එයාගෙ අත පය මූණ බිත්තිවල අතුල්ලනවා. ලේ එනකල් අතුල්ලනවා…’
ඒ අම්මයි තාත්තයි දරුවා ගැන කියන්නෙ එහෙම.
ඒක එක පැයක, එක දවසක කතාවක්. මේ දරුවගෙ අවුරුදු දාහතරක ජීවිතේ කතාව. අවුරුදු දෙකේ ඉඳලා අවුරුදු දාහතරක් වෙනකල් අවුරුදු දොළහක් ගතවෙන්නෙ එහෙම.
‘ඊට පස්සෙ මෙයා පටන් ගත්තා අපිට ගහන්න. අපිට හානි කරන්න පටන් ගත්තා. රෑට ඇවිල්ලා ඇහැට අනිනවා. පිට අය මෙයා ගාවට එන්න බය වුණා. සමහර වෙලාවට මෙයා ඒ අයටත් හානි කරන්න, ඒ අය දැක්කම කෑගහන්න ගත්තා…’
මේ මිනිස්සු කාටද කියන්නෙ? මුළු ගමම ප්‍රතික්ෂේප කරන දරුවෙක් එක්ක කොහෙද යන්නෙ? තව දෙයක්. මේ මිනිස්සු දරුවා පරිස්සම් කරන්නත් ඕනෙ. දරුවගෙන් පරිස්සම් වෙන්නත් ඕනෙ. හයක් හතරක් නොතේරෙන, වේදනාව දුක නොදන්නා දරුවෙක්ව වේදනාවක් දුක නොදැනෙන්න හදන්න කවුරුවත් පොත්පත්වල ලියලා තිබුණෙ නෑ. ළමා මනෝවිද්‍යාවට සමහර විට මේ වගේ දරුවෙක්ව මුණගැහිලා නැතිව ඇති.
‘අපි තීරණය කළා මේ දරුවා බැඳලා තියන්න. දවසට පැය විස්සක් විතර බැඳලා තිබ්බා. බෙල්ලට ගාඩ් එහෙම දාලා දරුවට අපහසුවක් නොදැනෙන විදියට බැඳලා තිබ්බා…’
මම දන්නවා මේ ලිපිය කියවන ඔබට ‘දෙයියනේ’ කියැවෙනවා කියලා. ‘අනේ’ කියලා හිතෙනවා කියලා. ඒත් මොනවා කරන්නද? ඒ අම්මයි තාත්තයි හිටියෙ හති වැටිලා. දරාගන්න බැරිම වෙලාවට රහසින් ඇඬුවට දරුවගෙ අමාරුව නවතින්නෙ නෑ.
‘මෙයා ඇඳක බැන්දම ඇඳත් එක්ක ඇදගෙන එනවා…’
මේ මිනිස්සු රටේම තියෙන රෝහල්වලට යනවා. ප්‍රධාන පෙළේ රෝහල්වල විවිධ මට්ටමේ දොස්තරවරු උත්සාහ කරනවා. අපේ රටේ දොස්තර මහත්වරු අදක්ෂ අය නෙමේ. සාමාන්‍යයෙන් ලෝකෙත් එක්ක හැප්පෙන්න දැනුම තියෙන අය අපිට ඉන්නවා. ඒත් මෙතැනදි කිසිම පිළිතුරක් හොයලා දෙන්න දොස්තරට පුළුවන් වෙන්නෙ නෑ. අන්තිමට මේ අයට විශ්වාසෙ තියෙන්නෙ අංගොඩ මානසික රෝහල. එතැනත් සියලු උත්සාහයන් දරනවා. ඒත් මේ මිනිස්සු ගෙදර එන්නෙ හිස් අතින්. පරණ දරුවා, පරණ ලෙඩ රෝග සහිතවම.
‘කරන්න දෙයක් නෑ, මෙයාව හොඳ කරන්න බෑ…’
උත්තරය ඒක. අවාසනාවකට ප්‍රශ්නයත් ඒක. ප්‍රශ්නය සහ උත්‍තරය එකක් වීම තරම් අවාසනාවක් වෙන තියෙනවද?
ඔන්න ඔය අතරෙ යූටියුබ් නාලිකාවක අය මේ ගෙදරට එනවා. පින්තූර සහ නම් ගම් සහිතව කරන හෙළිදරව්වකින් පස්සෙ යූටියුබ් නාලිකාවෙන් අහන්නෙත් එක ප්‍රශ්නයක්.
‘කාටද මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන්…?’
විවිධ යෝජනා පහළ කමෙන්ට් තීරුවෙ එල්ලනවා. ඒ අස්සෙ වැඩියෙන්ම තියෙන්නෙ,
‘මිරකල් ඩෝම් යන්න…’
‘ජෙරම් ළඟට යන්න…’ කියන එක සහ ඊට සමාන ඒවා. ඇත්තටම ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවනෙ. ඒ වගේම මේ මිනිස්සුත් තකහනියෙම කටුනායක එනවා මිරකල් ඩෝම් එකට. දේවගැති ජෙරොම්ව මුණගැහෙන්න.
‘ඔව්වා හරියන්නෙ නෑ…’
‘වැඩක් නෑ…’
‘අනේ මන්දා…’ වගේ උත්තර ඕනෑ හැටියෙ මග තොටේදි මුණගැහෙන්න ඇති. ඒත් මේ අම්මයි තාත්තයි අතපය නොකඩා මේ දරුවව හදන්න තරම්ම හිත හයිය මිනිස්සු. දරුවන්ව මහපාරෙ දාලා යන අතරෙ මේ දෙන්නා දෙවිවරු. අපි වඳින්න ඕනෙ ඒ අම්මට තාත්තට ඒ ශක්තියේ බලය අපිටත් ලැබෙන්න කියලා.
කොහොම වුණත් එකෝමත් එක දවසක වෙනස් කෙනෙක් මිරකල් ඩෝම් එනවා. එහෙම දරුවො එන යන එක මිරකල් ඩෝම් එකට අලුත් දෙයක් නෙමේ.
මේක කලින් කියවා තියෙන වාක්‍යයක් නේද? ඔව්. මම පටන් ගත්තෙ එහෙම. අවසන් කරන්න ඕනෙත් එහෙම.
දරුවා මිරකල් ඩෝම් එනවා. මිරකල් ඩෝම් එකේ ක්‍රමවේදය යටතේ දරුවව දේවගැති ජෙරම්ට මුණගස්සනවා. හරිම සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය හමුවක්. සාමාන්‍ය විදියටම ජෙරම් අත තියලා ආශීර්වාද කරනවා.
කට්ටඬින්ගෙන්, දේවගැතිවරුන්ගෙන්, සාත්තර සූත්තර දන්නා අයගෙන් හෙම්බත් වෙලා හිටපු මේ මිනිස්සුන්ට ජෙරම් ගාව ලොකු දෙයක් නොවෙන එක ප්‍රශ්නයක් නෙමේ. කිසිම ප්‍රගතියක් නැති පරීක්ෂණවලින් පස්සෙ පරණ දරුවාම අරන් හැරිලා ඇවිල්ල දැන් හොඳටම පුරුදුයි.
ඒත් එහෙම වෙන්නෙ නෑ.
එකම එක වතාවකින් පස්සෙ දරුවා යම් තරමක වෙනස්කමක් පෙන්වනවා. දරුවා තමන්ටම තුවාල කරගන්න එක නවතිනවා. අවුරුදු දාහතරක් වෙනතුරුම එක වචනයක් කතා නොකළ දරුවා දැන් වචනයක් දෙකක් කියන බව මවුපියන් කියනවා.
ඒ වගේම තනියම අතින්වත් කෑම කාපු නැති දරුවා තනියම හැන්දෙන් කෑම කනවා කියලත්, කිසිම ගැටගැසීමක් නැතුව නිදහසේ අම්මටයි තාත්තටයි තුරුල් වෙලා දරුවා නිදාගන්නවා කියලත් මවුපියෝ කියනවා.
අපි කියන්නෙ නෑ දරුවා 100%ක්ම සුවවෙලා කියලා. විවිධ සාත්තර සූත්තර පස්සෙ ගිහිල්ලා වියළිලා තිබ්බ හිතට වැහි පොදක් වැටෙන්නෙ දේවගැති ජෙරම් ළඟදි බව අපිට දැනගන්න ලැබෙනවා.
මේ දරුවාට යම් සුවයක් ලැබුණු බව කියැවෙන වීඩියෝවක ලින්ක් එකක් අපි පහළ අමුණනවා. ඔබ ඒක බලන්න. කැමැති නම් විශ්වාස කරන්න. අකැමැති නම් විශ්වාස නොකර ඉන්න.
සුවවීම් හෝ හමුවීම් ගැන ඔබ ඒ අයගෙන්ම අහන්න. විශ්වාස කිරීම හෝ අවිශ්වාස කිරීම ඔබ ඉන් පසුව තීරණය කරන්න.
කතා කරන්න +94 117 774 877
වට්ස්ඇප් +94 773 477 477

ජීවන පහන් තිළිණ










