• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාල් සහ බාල්! රෝල්ස් රොයිස් හෙලිකොප්ටර් ජෙට්වල යන හාල්! Sri Lanka Latest News

February 21, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
හාල් සහ බාල්! රෝල්ස් රොයිස් හෙලිකොප්ටර් ජෙට්වල යන හාල්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය සතියෙ අපි ලංකාවේ හාල් මුදලාලිලාගෙ වාහන ගැන උජාරුවට කතා කළා. සමහරු අපිට බැන්නා, සමහරු අපිට හොඳ කිව්වා. හැබැයි ඔබ පරිස්සමට කියවගන්න ඕනෙ දේ තමයි අපි ලිපියෙ කියන්නෙ සාධාරණයි නම්, හොරයක් බොරුවක් නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අසාධාරණයි නම්, හොරයක් බොරුවක් නම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි හොරයක් බොරුවක් තියෙනවා නම් සෝෂල් මීඩියා ඇතුළෙ චෝදනා කර කර ඉඳලා වැඩක් නැහැ. නරකයි නම්, වැරදියි නම් සමාජ මාධ්‍ය ඇතුළෙ ඒ මිනිස්සුන්ට අපහාස කරලා වැඩක් නැහැ. දඬුවම් කරන්න ඕනෙ, වැරදිකරුවන් නම් ඔවුන්ව අත්අඩංගුවට ගන්න ඕනෙ, යළි මෙවැනි දේ නොවෙන්නට වගබලා ගන්නත් ඕනෙ. එහෙම නැතුව මේ වගේ දේවල් රට ඇතුළෙ වෙනකම් ඉඳලා, ඒවා වුණාට පස්සෙ කිසි වගේ වගක් නැතුව, කිසිම චෝදනාවක් නැතුව, කිසි ප්‍රශ්නයක් නැතුව, කිසිම දඬුවමකුත් නැතුව සමාජ මාධ්‍ය ඇතුළෙ මිනිස්සුන්ව පතුරු ගහගහ ඉඳලා වැඩක් නැහැSri Lanka Latest News

ඩඩ්ලි රෝල්ස් රොයිස් එකක් ගෙනාවා. ඩඩ්ලි රෝල්ස් රොයිස් එකක් ගේන්න කලින්ම රත්න හෙලිකොප්ටරයක් ගෙනාවා. දැන් ඩඩ්ලි හෙලිකොප්ටරයක් ගේන්න ගිහිල්ලා, රත්න රෝල්ස් රොයිස් තුනක් ගෙනාවා. පළමුවැනි වතාවට රෝල්ස් රොයිස් එස්.යූ.වී. එකක් ලංකාවට ගෙනාවා. ඒ වගේම ඩඩ්ලි හෙලිකොප්ටරයක් ගේන්න ලෑස්ති වෙනකොට රත්න ලෑස්ති වෙනවා ප්‍රයිවට් ජෙට් එකක් ගේන්න.

වැඩේ යනවා, හොඳට යනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. දෙන්නම ගේම් එක ලස්සනට ප්ලේ කරනවා. කාටවත් වරදක් කියන්න බැරි විදියට මේගොල්ලො මේක ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා. පොළොන්නරුව ස්වයංපෝෂිත කළේ සහලින්, ඒ පරාක්‍රමබාහු රජ්ජුරුවො. පරාක්‍රම සමුද්‍රය පාමුල ඩඩ්ලි හෝටලයක් හැදුවා. ඩඩ්ලිගෙ හෝටලයට අභියෝග කළා, හැබැයි අභියෝගය පැරදුණා, ඩඩ්ලි දිනුවා. වැටෙන් එහාට කවුරුවත් ආවෙ නැහැ.

රත්න, ඩඩ්ලි තරම් ප්‍රසිද්ධ නැහැ, රත්නට ඩඩ්ලිට තරම් ලොකු බලයකුත් නැහැ. හැබැයි ඩඩ්ලිට වඩා ඉස්සරහින් රත්න ඉන්නවා. රත්න ඩඩ්ලිව පහු කරනවා, ඩඩ්ලි රත්නව පහු කරනවා. මේ දෙන්නා ඉන්නෙ රේස් එකක. මේ රේස් එකෙන් කවුරු දිනුවත් මිනිස්සු පරාදයි කියලා මං දැක්කා සමාජ මාධ්‍ය ඇතුළෙ කියලා තියෙනවා.

ඔව්, හාල් මාෆියාවක්. මාෆියාවක් නම් ඇයි මාෆියා කල්ලිවලට නිදහසේ ඉන්න දෙන්නෙ? වහාම දඬුවම් කරන්න ඕනෙ. ඒ නිසා අපි හොයමු මේගොල්ලො අයථා විදියට සල්ලි හොයනවද කියලා. කොහොම වෙතත් ආණ්ඩුව බලයට ආවෙ ඩඩ්ලිලාට, රත්නලාට එරෙහිව අවි ආයුධ අමෝරාගෙන, දුටු තැන ගහනවා කියලා කටමැත දොඩවමින්. එක සතියෙන් දෙකෙන් රත්නලාව, ඩඩ්ලිලාව අල්ලලා පොළොවෙ ගහන්න ආපු ආණ්ඩුව අල්ලලා පොළොවෙ ගහන්න රත්නලාට, ඩඩ්ලිලාට පුළුවන් වුණා.
අද රත්නලයි, ඩඩ්ලිලයි, ආණ්ඩුවයි ඔක්කොම ඉන්නෙ එක මල්ලෙ පොල් වගේ, එක වල්ලෙ ගෙඩි වගේ. කවුරුත් කාටවත් වෙනසක් කරන්නෙ නැහැ, කවුරුත් කාවවත් රිදවන්නෙ නැහැ. හරිම ආදරෙයි, හරිම ළෙන්ගතුයි. අද ඩඩ්ලිලා විපක්ෂය විවේචනය කරන තැනටම ඇවිල්ලා. විපක්ෂය විවේචනය කරන්නෙ එහෙම විවේචනය කරොත් තමයි ඩඩ්ලිලාට කම්ෆර්ටබල් සෝන් එකක නිදාගන්න ලැබෙන්නෙ කියලා තියෙන විශ්වාසය නිසා වෙන්න ඇති.

ඩඩ්ලිලාව උස්සලා පොළොවෙ ගහන්න ආණ්ඩුවට බැරි බව ඩඩ්ලිලා ආණ්ඩුවට ඔප්පු කරලා පෙන්නුවා. හැබැයි දැන් ඩඩ්ලිලා අතින් පයින් වැඩ දානකොට ලංකාවේ හාල් ව්‍යාපාරිකයෝ සිව්සැට බරණින් සැරසෙනකොට, ලංකාවේ හාල් ව්‍යාපාරිකයෝ සකල කලා වල්ලභලා වෙනකොට, රාජ රාජ මහාමාත්‍යාදීන් වගේ සියලු සැප වළඳනකොට, හාල් වවන ගොවියෝ එල්ලිලා මැරෙනවා කියලා සමාජ මාධ්‍යවල මං දැක්කා ලිපියක් දාලා තියෙනවා.

මිනිස්සු ගොවිතැන් කළාට ඒ මිනිස්සු දැන් ණයකාරයෝ. ඒ මිනිස්සු පරම්පරා ගාණක ණයකාරයෝ. පරම්පරා ගණනකින් ඒ ණය බරින් නිදහස් වෙන්න බැරි විදියට ඒ මිනිස්සුන්ව එල්ලලා තියලා තියෙන්නෙ. ටික ටික පණ යනවා. එකපාර එල්ලිලා මැරුණොත් එකයි, නැත්නම් වෙන්නෙ මොකක්ද? බින්දුව බින්දුව පණ ගිහිල්ලා අන්තිමට මැරිලා යන්න. මේ අවාසනාවන්ත මිනිස්සුන්ගෙ අවාසනාවන්ත කතාව වාසනාවකින් කෙළවර වෙයිද කියලා අපි කවුරුත් දන්නෙ නැහැ.

රජරට බාගෙට බාගයක් වකුගඩු අමාරුවෙන් මැරිලා යනවා. රජරට මිනිස්සුන්ට ලොකු වකුගඩු ඉස්පිරිතාලයක් හදලා හයියෙන් අප්පුඩි ගහපු පාලකයෝ වකුගඩු අමාරුවට බෙහෙත් හොයන්න විවිධ උපක්‍රම හදපු ආණ්ඩුවට කැරකිලා වැටෙන්න ගැහුවා. වකුගඩු අමාරුව ඉතිරි වුණා, ආණ්ඩුව ගෙදර ගියා. රට පරණ තැනම ඉස්සරහට යනවා.
මේක සෙල්ලමක්. මේ සෙල්ලම ඇතුළෙ ඩඩ්ලිලා, රත්නලා අතේ තමයි තුරුම්පු තියෙන්නෙ. ආණ්ඩුව හිතුවා තුරුම්පු නැතුව වල් වාසිවලින් මේ ගේම ගහන්න පුළුවන් කියලා. හැබැයි ආසි, හේරා, පොරව, බූරු ඔක්කොම අතේ තියාගෙන කුට්ටම අනපු ඩඩ්ලිලාට, රත්නලාට විරුද්ධව හයේ, හතේ, අටේ, නවයේ කොලවලින් සෙල්ලම් කරන්න බැහැ කියලා ආණ්ඩුවට තේරුණා. දැන් ආණ්ඩුව ඩඩ්ලිලාට ඉඩ දීලා තියෙන්නෙ අත වහලා ගහන්න. දැන් සෙල්ලමේ යට අත සෙපෝරු හින්දා කොහොම ගැහුවත් ඩඩ්ලිලා දිනනවා.
හැබැයි ඊළඟ කතාව තමයි කොහොම ගැහුවත් අපි පරාදයි කියලා මිනිස්සු කියනවා මේ වෙලාවේ. අන්න එතැනයි නෝනාවරුනි, මහත්වරුනි, ප්‍රශ්නෙ තියෙන්නෙ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අද පාන්දර 2.30ට හැටන් පාරේ ජීවිතයක් බේරගන්න පැය එකහමාරක මෙහෙයුමක්! Sri Lanka Latest News

Next Post

ප්‍රභූ ක්‍රිකට්..! නිර්ප්‍රභූ මළල ක්‍රීඩා සහ 76 අවුරුදු සාපය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.