ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ හදිසි රැස්වීමක් හෙට (15) පස්වරු 3.00ට කැඳවන බව එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසනවා.Sri Lanka Latest News
බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අද(14) උදෑසන පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
එහිදී සභාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් මෙලෙස කැඳවනු ලබන්නේ 2012 වසරෙන් පසුව බවයි.
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක් බවයි.
එහිදී නීතීඥ සංගමයේ සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළා.
“අපරාධකරුවන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම ඒ තරුණ යූවල නිස්කාරණයේ මරා දමලයි තියෙන්නේ. ඒ නීතිඥ මහතාගේ පවුලේ අයට අපේ ශෝකය ප්‍රකාශ කරනවා.
අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. කවදාවත් හිතපු නැති දෙයක් වර්තමානයේ අපිත් බලනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ රජයටත්, පොලිසියටත් ලොකු වගකීමක් තියෙනවා. පළමුවෙන්ම මේ වගේ සිද්ධියක් වුණාම ඊට සම්බන්ධ වැරදිකාරයෝ අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකෙන් පණිවිඩයක් දෙන්න ඕනේ සමාජයට, පිටරට කට්ටියත් බලා ඉන්නවා මොකක්ද අපි කරන්නේ කියලා.
“සමාජ මාධ්‍ය මේ ගැන විවිධ දේ සඳහන් කරනවා. සිද්ධියට අදාළ සියලු විමර්ශන උසාවිය බලා ගනියි.සමාජ මාධ්‍ය වෙත වෙන කතා ඉදිරිපත් කරන්න පුළුවන්. බුද්ධිමය සාධාරණ පරීක්ෂණයක් උසාවිය මගින් සිදු කරයි. රටේ අපරාධවලදි නීතිමය සහයෝගයක් ලැබිය යුතුයි. අපරාධකරුවන්ට පෙනී සිටින්නේ නැහැ කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. සැකකරුවන් කොච්චර වැරදි කළත් නීතිඥ සහාය ලබා දෙන්න ඕන. කාට වුණත් ඒ සහාය ලබාදිය යුතුයි.
රටේ ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා . මේ වෙලාවේ සිද්ධියක් වෙලා තියෙනවා. මම කතා කරන්නේ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය වු සිද්ධිය සම්බන්ධයෙන්. මීට පෙරද මාධ්‍යවේදී ලසන්ත ඝාතනය ආදිය සිදුව තිබෙනවා.”
” රජයට වගකීමක් තියෙනවා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් . මහජනතාව ඡන්දය දෙන්නෙ රජයට පළමුව ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන්. අද වන විට පාරේ බැහැලා යන්න පුළුවන් විදියට ආරක්ෂාවක් නැහැ. අපි පහළ ජනතාව. රජය අපට ආරක්ෂකයෝ දීලා නැහැ. රජයෙන් වෙන දේවල් බලාපොරොත්තු වෙනවාට වඩා ජනතාව ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා.











