• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රවි කුම්භයට පනී! දුප්පත් වුණත් රජ කරවන ග්‍රහ පෙරළිය මෙන්න! Sri Lanka Latest News

February 14, 2026
in Astrology
Reading Time: 4 mins read
A A
ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞරග්‍රහ මණ්ඩලයේ රජු ලෙස සලකන රවි ග්‍රහයා 2026 පෙබරවාරි මස 13 වැනිදා කුම්භ රාශියට පිවිසෙන්නේ ලග්න 12 ටම සුවිශේෂී බලපෑමක් එල්ල කරමිනි. වසරකට වරක් සිදුවන මෙම රවිගේ කුම්භ රාශි ගමනය, මෙවර අනෙක් ග්‍රහයන්ගේ පිහිටීම අනුව ඇතැම් ලග්න හිමියන්ට අතිශය සුබපල ගෙන දෙන ”‍රාජ යෝග”‍ නිර්මාණය වන බව පෙනෙන්නට තිබේ. ඔබේ ලග්නයට අනුව ඉදිරි කාලය කෙබඳු වේදැයි සිදුකළ විස්තරාත්මක විග්‍රහයයි මේ.

මේෂ ලග්නය
සතුරු කරදරවලට තිත

මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ දිනවල ලග්නාධිපති කුජ දසවැන්නේ උච්චව සිටීමත්, පෙබරවාරි 13 වැනිදා රවි ඔබේ අයස්ථානය හෙවත් 11 වැන්නට පැමිණීමත් ඉතා හොඳ වාසනාවකි. පහුගිය කාලයේ රැකියාවල තිබුණු ගැටලු‍ සහ සතුරු කරදර මෙතෙකින් අවසන් වේ. ඔබ රැකියාවක් නැතිව සිටි කෙනෙක් නම්, නියම අවස්ථාවක් මේ දිනවල පෑදෙනු ඇත. විශේෂයෙන්ම සමාජයෙන් සහ යාළුවන්ගෙන් ලැබෙන උදව් ප්‍රතික්ෂේප නොකරන්න, මන්ද ඔබේ ඉදිරි ගමනට පාර කැපෙන්නේ ඒ හරහාය.

වෘෂභ ලග්නය
රාජ්‍ය අංශයෙන් උසස්වීමක්

වෘෂභ ලග්න හිමියන්ගේ කර්මස්ථානය හෙවත් 10 වැන්නට රවි පැමිණෙන්නේ ‘දික් බල’ ශක්තියත් රැගෙනය. ඔබ රජයේ රස්සාවක් කරන කෙනෙක් නම්, උසස්වීම් හෝ බලාපොරොත්තු වුණු ස්ථාන මාරු මේ කාලයේ ලැබීමට ඉඩ වැඩිය. යාන වාහන හීන සැබෑ කරගන්න අවශ්‍ය උනන්දුව රවිගෙන් ඔබට ලැබෙන අතර, විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටී නම් ඒ සඳහා පාර කැපෙන හොඳම කාලය මෙයයි.

මිථුන ලග්නය
පෙර පින මතු වන යෝගයක්

මිථුන ලග්න හිමියන්ගේ නමවැන්න හෙවත් පූර්ව පුණ්‍යස්ථානයට රවි පැමිණ බුධ සමඟ එක්වී ‘බුධාදිත්‍ය යෝගය’ නිර්මාණය කරයි. මෙය පියාගෙන් උදව් උපකාර ලැබෙන, වන්දනා ගමන් යෙදෙන සහ අධ්‍යාත්මික සුවය ලැබෙන කාලයකි. විදේශිකයන්ගෙන් ලැබෙන ආධාර නිසා ඔබේ ආර්ථිකය ශක්තිමත් වනු ඇත. කෙසේ වෙතත් නමවැන්නේ රාහුත් සිටින බැවින් පලක් නැති ගමන් බිමන් ගොස් ශරීරය මහන්සි කරගැනීමෙන් වළකින්න.

කටක ලග්නය
අටවැන්නේ රවි – කල්පනාවෙන්!

කටක ලග්න හිමියන්ට නම් මේ මාරුව ටිකක් බරපතළය. රවි පැමිණෙන්නේ ඔබේ අටවැන්නට බැවින් හදිසි ලෙඩ රෝග, විශේෂයෙන්ම අස්ථි සම්බන්ධ ගැටලු‍ මතු විය හැකිය. සතුරන්ගේ බලවේග ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බැවින් පෙබරවාරි 13න් පස්සේ ටිකක් ඉවසීමෙන් සහ බුද්ධිමත්ව වැඩ කරන්න. රිය පදවන විට වෙනදාට වඩා අවධානයෙන් සිටීම ඔබේ ආරක්ෂාවට හේතු වනු ඇත.

සිංහ ලග්නය
පවුලේ අවුල් ඉවරයි

සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි හත්වැන්නට පැමිණීමත් සමඟ පවුල් ජීවිතයේ තිබුණු ගැටලු‍ බොහොමයක් විසඳී යනු ඇත. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හොඳ තීරණ ගැනීමටත්, හවුල් ව්‍යාපාර දියුණු කිරීමටත් මෙය සුබ කාලයකි. එහෙත් ලග්නාධිපති හත්වැන්නේ සිටින විට ඔබ ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී ගතියක් මතු විය හැකි බැවින්, අන් අය කෙරෙහි දක්වන ආදරය සහ කැපවීම අඩු නොකිරීමට වගබලා ගන්න.

කන්‍යා ලග්නය
බුද්ධියෙන් ගොඩ යමු

කන්‍යා ලග්න හිමියන්ගේ හයවැන්නට රවි ඇතුළු ග්‍රහයන් හතර දෙනෙක්ම ඒකරාශී වේ. මේ හේතුවෙන් රැකියා ස්ථානයේ කුමන්ත්‍රණ සහ සතුරු බලවේග වැඩි විය හැකිය. මානසික පීඩනය පාලනය කරගනිමින් බුද්ධිමත්ව වැඩ කළ යුතු අතර, විවාහ ජීවිතයේ ඇති විය හැකි සුළු සුළු කටකතා සහ ප්‍රශ්න හමුවේ ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

තුලා ලග්නය
ලොතරැයි වාසනා, ධන ලාභ

තුලා ලග්න හිමියන්ට මෙය ඉතාමත් සුබ කාලයකි. ඔබේ පස්වැන්නට රවි පැමිණීම නිසා දරු සම්පත් බලාපොරොත්තු වන අයට සුබ ආරංචි ලැබෙන අතර, ලොතරැයි ජයග්‍රහණ වැනි හදිසි ධන ලාභවලට ලොකු ඉඩක් පවතී. පහුගිය කාලයේ තිබුණු මානසික පීඩනය ඉවර වී ඇඟට ලොකු ශක්තියක් දැනෙන මේ කාලය ඔබේ දියුණුවට උපරිමයෙන් පාවිච්චි කරන්න.

වෘශ්චික ලග්නය
දේපළ වාසනාව දොරකඩටම

වෘශ්චික ලග්න හිමියන්ගේ හතරවැන්නට රවි පැමිණීමත් සමඟ දේපළ වාසනාව මතු වේ. අලු‍තින් නිවසක් ගැනීමට, ඉඩමක් මිලදී ගැනීමට හෝ තිබෙන නිවස අලු‍ත්වැඩියා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. රැකියාවේ තිබුණු බාධා කුජගේ බලයෙන් ජයගන්න පුළුවන් වුවත්, කේතු දහවැන්නේ සිටින බැවින් රැකියාව සම්බන්ධ තීරණ ගැනීමේදී මඳක් විමසිලිමත් වන්න.

ධනු ලග්නය
වචනය රජ කරවන කාලය

ධනු ලග්න හිමියන්ගේ වික්‍රමස්ථානය හෙවත් තුන්වැන්නට රවි පැමිණීම නිසා ඔබේ පෞරුෂය සහ නායකත්ව හැකියාව ඉහළ යනු ඇත. ඔබ කියන දේට අන් අය අවනත වන අතර, අභියෝග හමුවේ නොසැලී සිටීමට රවිගෙන් ලොකු ශක්තියක් ලැබේ. කේන්තිය පාලනය කරගෙන සැමට ඇහුම්කම් දෙන නියම නායකයෙක් වීමට මින් මඟ පෑදේ.

මකර ලග්නය
ශනි අපලය ඉවරයි

මකර ලග්න හිමියන්ට දැන් ඇත්තේ වසර හතහමාරක කටුක කාලයකින් පසු නිදහසේ හුස්ම ගන්නා කාලයකි. රවි ඔබේ දෙවැන්නට පැමිණීම ආර්ථිකයට ගොඩක් හොඳය. පහුගිය කාලයේ තිබුණු නීතිමය ප්‍රශ්න සහ මුදල් ගැටලු‍ විසඳී ධනය රැස් කිරීමට අවස්ථාව උදා වේ. විවාහයෙන් පසු ජීවිතය සාර්ථක කරගන්නටත් මෙය කදිම අවස්ථාවකි.

කුම්භ ලග්නය
මහා පෙරළියක්

කුම්භ ලග්න හිමියන්ගේ ලග්නයටම රවි පැමිණීම නිසා ඔබේ පෞරුෂය සහ ආත්ම අභිමානය ඉහළ යයි. ඒරාෂ්ටකයේ අවසාන කාලය වුවත්, රවිගේ පැමිණීමෙන් අභියෝගවලට මුහුණ දෙන්න ලොකු පන්නරයක් ලැබේ. එහෙත් ශනි දෙවැන්නේ සිටින බැවින් මුදල් කළමනාකරණය ගැන පරෙස්සම් වන්න. අධ්‍යාත්මික පැත්තට නැඹුරු වීමෙන් ඔබට ලැබෙන සහනය වැඩි වනු ඇත.

මීන ලග්නය
නීතියෙන් පරෙස්සම් වන්න

මීන ලග්න හිමියන්ට මේ කාලය තරමක් අභියෝගාත්මක විය හැකිය. රවි පැමිණෙන්නේ ඔබේ 12 වැන්නට බැවින් නීතිමය ප්‍රශ්න හෝ අනපේක්ෂිත වියදම් මතු විය හැකිය. රජයට සම්බන්ධ වැඩ කරනවා නම් ඉතාමත් පරෙස්සම් විය යුතුය. ශනි ලග්නය උඩින් ගමන් කරන බැවින් මානසික වෙහෙස සහ ශරීරයේ වෙහෙස මතු විය හැකි නිසා, ඉවසීමෙන් සහ දහමට ළැදිව මේ කාලය ගත කිරීමෙන් අපල තත්ත්වයන් මඟහරවා ගත හැකිය.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

සජිත්ට ලැබෙන මිලියන 10න් කරන්න යන දේ මෙන්න! පාර්ලිමේන්තුවේ අනෙක් 224 දෙනාත් තමන්ට ලැබෙන සල්ලිවලින් කරන්න යන දේ කිව්වොත් නරකද? මිනිස්සු බලාපොරොත්තු වුණු වෙනස මේක නේද? I Sri Lanka Latest News

Next Post

සජිත්ගෙන් අනුරට යෝජනාවක්! අනුර මේක කළොත් වැඩේ ගොඩ! I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා...

Read more
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.