• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෙන්නට දෙන්නා හරියට ගලපාගන්න

August 15, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
දෙන්නට දෙන්නා හරියට ගලපාගන්න
Share on WhatsAppShare on Facebook

විවාහය ගැන කියද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන්
ඒක හරිම සරලයි, සාමාන්‍යයයි කියලා. එහෙම නැත්නම් විවාහය කියන්නේ ඒතරම් බරපතළව සිත සිතා තීරණ ගන්න ඕනෑ දෙයක් නොවෙයි කියලා. දෙන්නෙක් හඳුනාගත්තා නම් පොතක අස්සන් කරලා එක වහලක් යටට වීම එතරම් අමාරු දෙයක් නෙවෙයි කියලා. එහෙත් සත්‍ය ඊට වෙනස්. හේතුව තමයි ජීවිත කාලයක් ඇසුරු කළත් හරියටම අඳුරා ගන්න බැරි මිනිසුන් අතර දවසෙන්, දෙකෙන්, සතියෙන් දෙකෙන් කෙනෙක් ගැන තීරණය ගන්න බැහැ. ඒක හිතන තරම් සරල සාමාන්‍ය දෙයකුත් නෙවෙයි. එනිසා හැම කෙනෙක්ටම විවාහය කියන කාරණයේදී තරමක් කල්පනාකාරී වෙන්න සිදුවෙලා තියෙනවා.

වසර ගණනාවක් ආදරේ කරලා ළඟින් ඉඳලා විවාහ වෙන අයත් සතියෙන්, දෙකෙන් වෙන්වෙලා යන අවස්ථා අනන්තවත් අහන්න දකින්න ලැබෙනවා. එනිසා නොගැළපෙන දෙන්නෙක් කොයිතරම් ලොකුවට මංගල උත්සව ගත්තත්, කොයිතරම් ලොකු ප්‍රබලයන් සාක්‍ෂියට අස්සන් කළත් ඒ විවාහයේ නොගැළපීම් යට ගහන්න බැහැ. ඒවා සතියෙන්, දෙකෙන් නැත්නම් මාසෙකින්, එහෙම නැත්නම් වසරකින්, දෙකකින් හෝ ඉස්මතුවෙලා එනවා.

විශේෂයෙන්ම විවාහයක පැවැත්ම සඳහා බලපාන්නේ පවුල් බලය, ජනප්‍රියත්වය, ධනය, දේපොළ නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම දෙදෙනාගේ ලිංගික ශක්තිය, ලිංගික හැසිරීම් හා ඒ සම්බන්ධව පවතින රුචි අරුචිකම් සමානව පවතින්න ඕනෑ. එවිට තමයි දෙදෙනෙකුට වඩා සාර්ථක බැඳීමක් ගොඩනඟා ගන්නට ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි දෙදෙනාගේ දැනුම, බුද්ධිය වගේම අදහස්වලත් සමානකම් ගැළපීම් තියෙන්නට ඕනෑ. ආර්ථික කටයුතු වගේම දෙදෙනාම අරපිරිමැස්ම ගැනත් දැනසිටිය යුතුමයි. මේ සියලුම කාරණා ගැන උනන්දු වෙන අතරේ වඩාත් සැලකිලිමත් විය යුතු විවාහ දෝෂ ගණනාවක්ම ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. කෙසේ නමුත් මේ දෝෂ දුටු පමණින් කලබලවී තීන්දු වෙනස් කළ යුතුම නැහැ. ඒ ගැන හොඳින් අවධානය යොමු කළ යුතුයි. මොකද මේ දෝෂ භංගවෙන විදිහේ ග්‍රහ පිහිටීම් ඕන තරම් තිබෙනවා. ඒ වගේම කෙනකුගේ කේන්දරයේ දෝෂ අනෙකාගේ ග්‍රහ පිහිටීම් නිසා භංගවෙන අවස්ථාත් තිබෙනවා.
වඩාත් සැලකිලිමත් වියයුතු විවාහ දෝෂ
* අඟහරු දෝෂය (මෙය කුජ දෝෂය, භෞමං දෝෂය, අංගාර දෝෂය ලෙසද හඳුන්වයි)
* ශනි මංගල දෝෂය
* කඩහන්දි මාරක දෝෂය
* නාශාංශක දෝෂය
* විෂ කන්‍යා දෝෂය
* වැන්දඹු දෝෂය
* සරාගි දෝෂය (මෙය අධිධාවන කාමයෝග විකෘති කාමයෝග ලෙසද හඳුන්වයි)
* බහු විවාහ දෝෂය
* අවිවාහක දෝෂය
* වඳ දෝෂය
මෙම දෝෂ පිළිබඳව මූලිකව අවධානයක් යොමු කිරීම සිදුවුවද මෙයට අමතරව තවත් දෝෂ රාශියක් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒවා එතරම් බලවත් නොවන නිසා ඉහත සඳහන් දෝෂ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා සිටීම වැදගත් වෙයි.
අඟහරු දෝෂය

අඟහරු දෝෂය භෞම දෝෂය නමිනුත් හඳුන්වන අතර මෙම දෝෂය යෙදෙන්නේ අඟහරු ග්‍රහයාගේ පිහිටීම අනුවයි. ඒ අනුව කේන්දරයේ 1, 2, 4, 7, 8, 12 යන භාවයක අඟහරු ග්‍රහයා තැන්පත් වුණාම මෙම දෝෂය ගෙනදෙයි.

කෙසේ නමුත් අඟහරු දෝෂය එකම විදියට හැම කෙනකුටම බලපාන්නේ නැහැ. ඒ වගේම අඟහරු දෝෂය තදින්ම බලපාන්නේ අඟහරු 7 වැනි භාවයේ තැන්පත්වෙලා ඉන්නවා නම් පමණයි. ඒ වගේම අඟහරු 7 පිහිටීම ලග්න දොළහට බලපාන විදිහත් එකිනෙකට වෙනස්. බලවත් වූ ගුරු සමඟ හෝ චන්ද්‍රයා සමඟ කුජ සංයෝග වෙලා ඉන්නවා නම් මේ දෝෂය භංග වෙනවා. ඒ වගේම එක කේන්දරයක කුජ දෝෂය යෙදිලා තියෙන තැන අනෙක් කේන්දරයේ බලවත් සඳු හෝ සිකුරු ඉන්නවා නම් අර දෝෂය භංග වෙනවා.

ඒ වගේම කුජ 7 ඉන්න කෙනකුට කුජ 7ම ඉන්න අය හොයන එකත් මෝඩකමක්.
එහෙම අයට ගැළපෙන්නේ සිකුරු හෝ සඳු 7 ඉන්න කේන්දර පමණයි.
ශනි මංගල දෝෂය
කුජ සෙනසුරු සමඟ සංයෝග වෙලා ඉන්නවා නම් එයින් ශනි මංගල දෝෂය යෙදෙනවා. මෙයට කුජ – ශනි යෝගය කියලත් කියනවා. කුජ ඉන්න තැනින් 7 වැනි භාවයේ සෙනසුරු ඉන්නකොටත් මේ දෝෂය යෙදෙනවා. කේන්දර දෙකේම කුජ – ශනි යෝගය යෙදිලා තියෙනවා නම් දෝෂය භංග වන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඒ වගේම සඳු – සිකුරු බලවත්ව 7 වැන්නේ ඉන්නකොටත් මේ දෝෂය භංග වෙනවා.
මොනවා වුණත් කුජ – ශනි යෝගය පුරුෂයන්ට වඩා කාන්තාවන්ට අසුබ වෙනවා. මේ යෝගය යෙදෙන කාන්තාවෝ සැමියාට දෙවැනි වෙන්න අකැමැතියි. ඒත් එම තත්ත්වය පාලනය කරගත හැකිනම් ගැටලුවක් නොවී පවුල් කන්න පුළුවන්.
කඩහන්දි මාරක දෝෂය
දෙදෙනාටම වසරක් ඇතුළත එකම ග්‍රහයකුගේ මහ දශාවක් ලබනවා නම් එය කඩහන්දි මාරක දෝෂයයි. මෙය මාරක දෝෂයක් ලෙසත් සැලකෙන නිසා තරමක් අවධානය යොමු කළ යුතු කරුණක්. මොකද දෙදෙනාටම එකම වර අසුබ පල ලැබීම යුග දිවියකට හොඳ නැහැ. එක් අයකුට අසුබ වෙද්දී අනෙක් අයට සුබ වෙනවානම් තමයි සාර්ථක යුග දිවියක් වැදගත් වෙන්නේ.
උදාහරණයක් විදියට ගත්තොත් දෙදෙනාටම රාහු මහ දශාව ලැබුවොත් දෙන්නම ඔළුව නැති වැඩ කරන්න ගන්නවා. එවිට දරු පවුලම අමාරුවේ වැටෙනවා. එනිසයි මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුත්තේ.
නාශාංශක දෝෂය
මෙම දෝෂය යෙදෙන්නේ ගුරු – පුනාවස – විසා – පුවපුටුප යන නැකැත්වල ප්‍රථම පාදයේ ගමන් කරන විට උපත ලැබුවම සහ සෙනසුරු, අනුර, උත්‍රපුටුප යන නැකැත්වල දෙවැනි පාදයේ ගමන් කරන විට උපත ලැබුවමත්, ඒ වගේම සිකුරු, බෙරණ, පුවපල්, පුවසල නැකැත්වල තුන් වැනි පාදයේ ගමන් කරද්දිත් උපත ලැබුවාමයි.

එම අවස්ථාවලට අමතරව රවි, කැති, උත්‍රපල්, උතුරුසල නැකැත්වල ගමන් කරද්දී උපත ලැබුවාමත් මෙම දෝෂය යෙදෙනවා. යම් කේන්දරයක නාශාංශක ග්‍රහයෙක් 7 වැන්න අධිපති වුණාමත් එම ග්‍රහයෙක් 7 ඉන්න විටත් මෙම දෝෂය යෙදෙන බවට පැවසෙනවා. කෙසේ නමුත් කේන්දරයක නාශාංශක දෝෂය යෙදිලා තියෙන තැන අනෙක් කේන්දරයේ සඳු බලවත් වෙලා ඉන්නවා නම් මෙම දෝෂය භංග වෙනවා.
විෂ කන්‍යා දෝෂය
මෙම දෝෂය ක්‍රම කිහිපයකට යෙදෙනවා. එනම් 12 වැනි තිථිය යෙදුණු ඉරිදා දිනයක අස්ලිස, කැති, සියාවස යන නැකැතින් ඉපදීම දියවක තිථිය යෙදුණු අඟහරුවාදා දිනයක සියාවස නැකැතින් ඉපදීම.

සතවක තිථිය යෙදුණු අඟහරුවාදා දිනයක සියාවස හෝ විසා නැකැතින් ඉපදීම, සතවක තිථිය යෙදුණු සෙනසුරාදා දිනයක කැති නැකැතින් ඉපදීම ශනි ලග්නයේ හෙවත් පළමුවැන්නේ රවි 5 වැන්නේත්, කුජ 9 වැන්නේත් සිටින විට මේෂ ලග්නයෙන් ඉපිදීම ශනි ලග්නයේත්, කුජ – කේතු 6 වැන්නේත් සිටි විට මේෂ ලග්නයෙන් ඉපිදීම කුජ ලග්නයේත්, රවි – රාහු 6 වැන්නේත් සිටි විට සිංහ ලග්නයෙන් ඉපිදීම ශනි ලග්නයේත් රවි – කේතු 6 වැන්නේත් සිටින විට සිංහ ලග්නයෙන් ඉපිදීම කුජ – රාහු ලග්නයේත්, රවි – ශනි 10 වැන්නේ සිටින විටත් විෂ කන්‍යා දෝෂය යෙදෙනවා. මෙය ස්ත්‍රීන්ට පමණක් යෙදෙන දෝෂයක් වගේම ලග්නාධිපති ලග්නයේ සිටීම නිසා මෙම දෝෂය භංගවන බවද ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.
වැන්දඹු දෝෂය
වැන්දඹු දෝෂය සමාජගත වී ඇත්තේ කණවැන්දුම් දෝෂය ලෙසයි. ස්ත්‍රී – පුරුෂ කේන්දර දෙකේම වැන්දඹු දෝෂ යෙදෙන්නට පුළුවන්. ස්ත්‍රි කේන්දරවල යෙදෙන වැන්දඹු දෝෂ පුරුෂ මර යෝග විදියටත් පුරුෂ කේන්දරවල යෙදෙන වැන්දඹු දෝෂ ස්ත්‍රි මර යෝග විදියටත් හඳුන්වන්න පුළුවන්.
බහු විවාහ දෝෂ
බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නෙ බහු විවාහ දෝෂ කිව්වාම එයින් සිදුවන්නේ එක් විවාහයකට වඩා විවාහ සිදුකර ගැනීම කියලයි. ඒත් නීතියෙන් විවාහ නොවී බොහෝ පිරිසක් සමඟ කායික සබඳතා පවත්වන අයගේ කේන්දරවලත් බහු විවාහ දෝෂ පෙන්නුම් කරනවා.
සරාගි දෝෂ
සීමාව ඉක්මවා අසාමාන්‍ය ආකාරයෙන් කාමාශාවන් ඇති කිරීම සරාගි දෝෂය ලෙස සැලකෙනවා. ඒ වගේම විකෘති කාමාශාවන් ඇති වීමත් මෙම දෝෂයට අයත් දෙයක්. යම් ලෙසකට විවාහ වන කෙනකුගේ කේන්දරයේ මෙම යෝගය තිබුණොත් එම විවාහය වැඩිකල් පවතින එකක් නොවෙන්න පුළුවන්.
වඳ දෝෂ
දරුපල අහිමිකරවන දෝෂ තමයි වඳ දෝෂ විදියට බලපාන්නේ. ලිංගික හැකියාව දුර්වල කරන යෝගත් මෙම දෝෂයටම අයත් වෙනවා. වඳ දෝෂ බොහෝ වෙලාවට යෙදෙන්නේ 5 වැනි භාවය හරහායි. බොහෝ දුරට දෙදෙනකුගේ දරුපල සම්බන්ධව ජ්‍යොතිෂවේදීන් අවධානය යොමුකරන්නේ වෘක්‍ෂ පොරොන්දම හරහායි. එහිදීත් දෙදෙනාටම කිරි වෘක්‍ෂ යෙදුනොත් දරුපල අහිමි කෙරෙන බවයි පැවසෙන්නේ.
අවිවාහක දෝෂ
විවාහ වීමේ භාග්‍ය මුළුමනින්ම අහිමි කරවන යෝග මෙම ගණයට අයත් වෙනවා. අවිවාහක දෝෂ ඇත්නම් ඒ අයට විවාහයක් හෝ විවාහයකින් තොර ඇසුරක්වත් ලැබෙන්නේ නැහැ. මේ යෝග බොහෝ විට යෙදෙන්නේ 7 වැන්න ආශ්‍රිතවයි. මෙම ඕනෑම දෝෂයක් බලරහිත කරන්න පුළුවන්. ඉතාමත් සාර්ථක ක්‍රමවේද පාරම්පරිකව පැවැත එනවා. වසර දහස් ගණනක් පැරැණි ඉතා සාර්ථක ක්‍රමවේදයකුත් දැනට සොයාගෙන තිබෙනවා.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

BOC 81 වැනි සංවත්සරය සමරයි

Next Post

AIA කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා වැඩසටහනක් සංවිධානය කරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.