• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුෂාන්ත්ගේ බෙල්ලට තොණ්ඩුවදාපු රියා

August 16, 2020
in Heart
Reading Time: 1 min read
A A
සුෂාන්ත්ගේ බෙල්ලට තොණ්ඩුවදාපු රියා
Share on WhatsAppShare on Facebook

මෙලොව උපදින කුමන මට්ටමේ කෙරුම්කාරයකුට වුවද ‘මරණය’ යන අඳුරු අකුරු හතර නියම වේ.
දුප්පත් අතු පැලක උපත ලැබුවද රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුණද මරණය තුළ කිසිවකුට ගැළවීමක් නොවේ.
මේ කටුක නියමය අතර ඇතැමුන් නොසිතූ මොහොතක මරණය විසින් ගොදුරු කර ගන්නා අතර තවත් ඇතැම්හු මරණයේ සීතල සුවය ආයාසයෙන්ම අත්කර ගනිති.
සුෂාන්ත් සිං රාජ්පුට් යන කඩවසම් යෞවනයාද මරණයෙහි දොරටුව කරා ආයාසයෙන්ම ඇවිද ගිය අයෙකි.
ඉන්දීය යුවතියන්ගේ මෙන්ම තරුණයන්ගේද ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම්හි දුක පුරවමින් සුෂාන්ත් සිය දිවි නසා ගැනීම මත මරණයට පත්විය. ඒ මීට දවස් හැට ගණනකට පළමුවය.
සුෂාන්ත්ගේ මරණය සහතික වශයෙන්ම දිවි නසා ගැනීමක්දැයි යන කාරණය ඉන්දීය මාධ්‍ය පුරා අහුමුල්ලක් නෑර පැතිර යන්නට වූයේද ඒ දවස හැට ගණනින් පසුවය. කනින් කොනින් එහෙ මෙහෙ පාව ගිය සුෂාන්ත්ගේ දිවි නසා ගැනීම ගැන වූ සැකය නිසැක කාරණයක් බවට පත්වූයේ සුෂාන්ත්ගේ පියා පැට්නා පොලිසිය වෙත ගොස් ලියූ පැමිණිල්ලත් සමඟමය.
දිවි නසාගැනීමේ වුවමනාවක් හෝ ආශාවක් මගේ පුතාට තිබුණේ නැහැ. සුෂාන්ත්ගේ මරණය සැක සහිතයි. ඒ සැකය තුළ සුෂාන්ත්ගේ පෙම්වතියව සිටි රියා චක්‍රබෝර්තිටත් ඇගේ වැඩිමහල් සහෝදරයටත් මම චෝදනා කර සිටිනවා.
පැට්නා පොලිසියේ අපරාධ විමර්ශන අංශයේදී සුෂාන්ත්ගේ පියා විසින් ලියූ පැමිණිල්ලෙහි සාරාංශය එය විය.
මාධ්‍ය පැපරාසින් කඩි ගුලකට ගල් ගැසුවාසේ ඇවිස්සුණේ මෙතෙක් බලා සිටි යමක් සිදුවූ ලෙසිනි. විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේද ඒ පුවත ඉතා කඩිනමින් අලෙවි වන්නට විය.
අප දැන සිටියා සුෂාන්ත් තොණ්ඩුවක් ගසා බෙල්ලෙ දාගන්නට තරම් ඔබේ හිත දුර්වල නැති බව අපි දන්නවා.
සුෂාන්ත් මේ මරණය මිනීමැරුමක් බව ස්ථිරයි. කරුණාකර පාපතරයනට දඬුවම් දෙන්න.
සුෂාන්ත් වැනි සොඳුරු තරුණයකු මරණයට පෙලඹවූ අධමයාව හොයන්න.
සුෂාන්ත්ට සමීප ඔහුගේ ආදරණීය ට්විටර් සහ ඉස්ටග්‍රෑම් අනුගාමිකයන්ගේ දුක්බර විලාප සමූහයකින් උපුටාගත් කමෙන්ට්ස් කිහිපයක සඳහන්ව තිබුණේ එවැනි වදන්ය.
ඉන්දියානු පැට්නා පොලිසිය වහා ක්‍රියාත්මක වූයේ ඒ දුක්බර විලාපයට නම් නොවේය. නොසිතූ ලෙස නම් සැක සහිත දෑ ඔවුන්ගේ පොලිස් ඇසට සහ යටි සිතට ඉව වැටී තිබිණි. ඒ අනුව මිතුන් චක්‍රබෝර්තිගේ සුරතල් තරුණ දූ රියාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.
‘ඔබ පාගාගෙන සිටින වලිගය අත්හරින්න. සුෂාන්ත්ගේ මරණය ගැන දස දහස්වර කම්පා වන මට ඔබ කළ මේ නරක චෝදනාව ගැන ඔබේ අසරණ පුතා එලොව ඉඳන් ඔබට සාප කරාවි.
රියා චක්‍රබෝර්ති සුෂාන්ත්ගේ පියා හමුවේ කියා සිටියේ සිය සොඳුරු මුවකමල සීතල කඳුළෙන් නහවමිනි.
අපරාධ විමර්ශන අංශයට නම් ඒ කඳුළුවල වගක් නොවීය. රියාගේ අයිපෑඞ් එක සහ සෙල්ෆෝනයද අත්අඩංගුවට ගත් ඔවුන් සිය පරීක්ෂණ ආරම්භ කළේය.
දුරකතන සංවාද අනුසාරයෙන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කළ අය අතර සුපිරි නළු සල්මන් ඛාන්, මහේෂ් බාට්, කරන් ජොහාර්, සජීඞ් නදියමාලා, සංජය ලීලා බන්සාලි සහ එක්නා කපූර්ද විය.
රියා චක්‍රබෝර්ති හමුවේ ඔබ කළ චෝදනාව වගකීම් සහිතදැයි යන්න මාධ්‍ය පැපරාසියකු විසින් සුෂාන්ත්ගේ පියා ක්‍රිෂ්ණ ත්‍රිෂෝර්ගෙන් ප්‍රශ්න කළ මොහොතේ ඔහු පවසා සිටියේ,
රියා කියන්නේ මතුපිටින් පෙනෙන ආකාරයේ සියුමැලි අයකු නෙමෙයි. රියා විසින් සුෂාන්ත්ට කළ බලපෑම් අප හොඳින් දන්නවා. පවුලේ අය සමඟ සුෂාන්ත් දුරකතනයෙන් කතා කරනවා දකින්නවත් රියා කැමැති නැහැ. මූල්‍යමය වශයෙන් වගේම මානසිකව සහ කායිකවද රියා මගේ දරුවාට දැඩි මානසික පීඩනයක් එල්ල කොට තිබෙනවා. දිවි නසා ගැනීම සඳහා සුෂාන්ත්ව පොලඹවාලූයේ රියා තමයි. ඒ සඳහා රියා තම සහෝදරයාගේද සහාය ලබාගෙන තිබෙනවා යන්නය.
රහසිගත තොරතුරු කිහිපයක් දැන් දැන් සුෂාන්ත්ගේ මරණය ගැන අනාවරණය වෙමින් තිබෙන වග පැට්නා පොලිසිය විසින් අනාවරණය කර ඇති බව පුවත්පත් ආරංචිමාර්ග පවසයි.
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පසුගිය දිනෙක පළකළ අලුත්ම ප්‍රවෘත්තියෙහි සඳහන්ව තිබෙන්නේ ඉන්දීය රුපියල් කෝටි ගණනක වංචාවක සුලමුල සුෂාන්ත්ගේ මරණය පසුපස සැඟව ඇති බවය.
සිදුවූයේ කුමක්ද? රියා චක්‍රබෝර්ති සිය පෙම්වතාට බෙල්ලට තොණ්ඩුව දා ගන්නා තැනට ඔහුව ඩිප්‍රෙෂ් කළාද? නැත්නම් රියා කීවා සේ සුෂාන්ත්ගේ පියා වලිගය පාගෙනද?
කෙසේ වුවද සියල්ල අතර උණුසුම් වූ තවත් පුවතක වූයේ රියා දැමූ පැමිණිල්ලය. රියා එහි සඳහන් කර තිබුණේ සුෂාන්ත් මානසිකව ඇදවැටුණේ සිය පවුලේ අය නිසා කියාය. ඒ සමඟම තමාට නිතර එන මරණ තර්ජන නිසාද තමා තිගැස්මෙන් සිටින බවද එම පැමිණිල්ලෙහි සටහන්ව තිබිණි.
සුෂාන්ත් දිවි නසාගත්තාද? ඔහුව එයට පෙලඹවූවාද? තවම කිසිවකු හරිහැටි නොදනී.
එකක් හරියටම කියන්න පුළුවන. ඒ ලොවට පෙනෙන්නට අලංකාර සිනාසෙන බොහෝ මිනිසුන් බොහෝ විට මරණයේ සුව සොයන ඩිප්‍රෙෂන් රෝගීන් විය හැකිය.
ඒ නිසා “සුෂාන්ත් දිවි නසා ගැනීමට සිහිනෙන්වත් නොසිතන අන්දමේ සතුටු ප්‍රවාහයක තම ජීවිතය දියත්කර තිබුණායැයි” යනුවෙන් ක්‍රිෂ්ණ ක්‍රිෂෝර් සිය පුතණුවන් ගැන කී කතාව පදනම් සහිත යැයි අදහන්නට බැරිය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නායකකම ගන්න ආ කරුට වට කොට ප්‍රහාරයක් (රාජ්‍ය රහස්)

Next Post

හෂේන්ට කප් එක අරන් දුන්න කෝච් සනුක

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.