• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හෂේන්ට කප් එක අරන් දුන්න කෝච් සනුක

August 16, 2020
in Heart
Reading Time: 1 min read
A A
හෂේන්ට කප් එක අරන් දුන්න කෝච් සනුක
Share on WhatsAppShare on Facebook

‘කෝච් සනුක’ ඒ විදිහට තමයි පහුගිය කාලෙ බොහෝදෙනෙක් සනුකව හැඳින්නුවෙ. මියුසික්වලට වගේම කෝච් වැඬේටත් සනුක දක්ශයෙක් කියල වොසිය් ටීන් හරහා ඔහු මුළු රටටම ඔප්පු කරල පෙන්නුවා. වොයිස් ටීන් එකේදි ඇත්තටම මොකද වුණේ කියල සනුක කිව්වෙ මේ විදිහට.
සනුක දැන් ලොකු බරකින් නිදහස් වුණා වගේ දැනෙනවද?
ඇත්තටම ඔව්. ඒත් සම්පූර්ණයෙන්ම ඒකෙන් නිදහස් වුණා කියල දැනෙන්නෙ නෑ. මොකද සිරසෙ වොයිස් ටීන් එකට අනිත් කෝචස්ල තුන්දෙනයි මායි සෑහෙන්න මහන්සි වුණා. විශේෂයෙන් අන්තිම දවස් ටිකේ හොඳ අවසන් වැඩසටහනක් කරන්න ලොකු කැප කිරීමක් කළා. දැන් වැඬේ ඉවර නිසා සැහැල්ලුවක් දැනෙනව. නමුත් ඒකෙ උණුසුමේ තාමත් ඉන්නෙ.
මහන්සියේ ප්‍රතිඵල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
ඇත්තෙන්ම ඔව්. මහන්සියේ ප්‍රතිඵල සීයට සීයක්ම තියෙනව කියල මම හිතනව. මොකද අවසාන වට දෙකේදි එස්.එම්.එස්.වලින් තමයි ජයග්‍රාහකයන් තෝරගන්න අවස්ථාව දුන්නෙ. ටීම් හතරෙන්ම දක්ෂ ළමයි ටිකක් තමයි අපි අන්තිම තරගවලට ගෙනල්ල තිබුණෙ. මිනිස්සුන්ට තෝරගන්න තිබුණෙ අපි ඒ තොරපු දක්ෂයන්. ඉතින් ඇත්තටම සතුටුයි අවසානෙ ඒ ලැබුණ ප්‍රතිඵලය ගැන.
අවසානයේ ලැබුණ විනිශ්චය සාධාරණයි කියලද ඔබ හිතන්නෙ?
ඇත්තටම විනිශ්චය කිසිම ප්‍රශ්නයක් නෑ කියල තමයි මම හිතන්නෙ. මොකද අන්තිම වටයට ආපු ළමයි හතරදෙනාම තෝරගත්තෙ ජනතාව මනාපය ප්‍රකාශ කරල. මම වගේම අනිත් කෝචස්ලත් ඒ ප්‍රතිඵලය ගැන එකඟ වෙනව.
ඔබට හිතෙන්නෙ නැද්ද මීට වැඩිය දක්ෂතා තියෙන අය මීට කලින් කැපිල ගියා කියල?
එහෙම වෙච්ච අවස්ථා තිබුණ. මොකද එදා දවසෙ ඒ ඒ අයගෙ ඉදිරිපත් කිරීම අනුව තමයි ඒක රඳාපවතින්නෙ. පුහුණුවීම්වල හොඳටම ගායනා කරල තරගෙ වෙලාවෙදි ඒක හරියට කරගන්න බැරිවෙච්ච අවස්ථා අනන්තවත් තිබුණ. තරගයක ස්වභාවය ඉතින් ඒක තමයි.
ඒ ගත්ත තීන්දු තීරණ ගැන කෝචස්ල අතර මතගැටුම් ඇතිවුනේ නැද්ද?
එහෙම අපි අතර තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවුණේ නෑ. මොකද යම් ටීම් එකක ඉන්න අයගෙ දක්ෂතා හා ඒ අය කරන කැපවීම, ඒ අයගෙ ස්ටයිල් දන්නෙ ඒ අය ටේ්‍රන් කරන කෝච්. ඉතින් වෙන කෝච් කෙනෙක්ගෙ ළමයෙක්ට මම කමෙන්ට් එක දෙනකොට අපි දකින්නෙ එයාගෙ එදා දවසෙ ඉදිරිපත් කිරීම විතරයි. නමුත් එතන්ට එන්න එයා කොච්චර කැප කිරීමක් කරනවද, එයා කොහොම කෙනෙක්ද කියල හරියටම දන්නෙ එයාගෙ කෝච්. ඉතින් ඒ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි දෙන කමෙන්ට් හරිම දේවල් නොවෙන්න පුළුවන්. එහෙම වුණා කියල අපි අතර ප්‍රශ්න ඇතිවුණේ නෑ.
ඔබලා ගත්ත තීරණවලට සිරසෙන් මොනයම් හෝ බලපෑමක් තිබුණද?
සිරසෙන් කිසිම බලපෑමක් තිබ්බෙ නෑ. මොකද මේක තනිකරම පිටරට සමාගමක අධීක්ෂනය යටතේ සිදුකරන තරගාවලියක්. ඒක තියෙන කොන්දේසිවලට අනුව තමයි සිරස ලංකාවෙ මේක ක්‍රියාත්මක කරන්නෙ. එතකොට ඒගොල්ලන් එවනව නීති මාලාවක් මේ තරගය කොහොමද පවත්වන්න ඕනෙ කියල. රවුන්ඞ් එකෙන් එවුන්ඞ් එකට සින්දු තොරන විදිහ, ස්ටේජ් එක නිර්මාණය කරන විදිහ, ලයිට් ක්‍රියාත්මක වෙන විදිහ පවා ඒ නීති මාලාවට ඇතුළත්. ඉතින් සිරස ඒ නීති ඇතුළෙ ක්‍රියාත්මක වෙන හින්ද කිසිම බලපෑමක් කරන්න බෑ. ඒවා තනිකම කෝච්ල වශයෙන් අපි ඒ ඒ වෙලාවල්වල ගත්ත තීරණ. ඒකට සීයට සීයක්ම වගකියන්නෙ අපි.
මේ තරගයෙන් කළින් ඉවත් වුණු කෙනෙක් පහුගිය දවසක චෝදනා කරල තිබුණ සමහර තරගකරුවන්ට කෝච්ල විශේෂ සැලකිල්ලක් කරා කියල?
මං දැනුවත්ව කෝචස්ල හතරදෙනාගෙන්වත්, සිරස ආයතනයෙන්වත් කාටවත් අසාධාරණයක් හෝ කාටවත් විශේෂ සැලකිල්ලක් වෙලා නෑ.
මේ තරගකරුවන්ගේ අනාගතය මොනවගේ වෙයිද?
ඇත්තටම මගේ බලාපොරොත්තුවක් තියෙනව මේකෙ ඉන්න ළමයි වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න. සිරස ආයතනය එක්කත් කතා කරල ඒ වැඩකටයුතු කොහොමද වෙන්න ඕනෙ කියල බලන්න ඕනෙ. ඊට අමතරව අපිට පුළුවන් හැම වෙලාවකම ඔවුන්ගෙ ඉදිරි නිර්මාණ සඳහා අපේ දායකත්වය අපි ලබාදෙනවා.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

සුෂාන්ත්ගේ බෙල්ලට තොණ්ඩුවදාපු රියා

Next Post

රුවන් යූඑන්පී නායකත්වයට ගේන්න යන කවුද මේ ‘චන්න’ (රාජ්‍ය රහස්)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.