• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුවන් යූඑන්පී නායකත්වයට ගේන්න යන කවුද මේ ‘චන්න’ (රාජ්‍ය රහස්)

August 16, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 4 mins read
A A
රුවන් යූඑන්පී නායකත්වයට ගේන්න යන කවුද මේ ‘චන්න’ (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

පසුගිය සිකුරාදා වන විට එජාප නායකත්වය අත්හරින බවට ඉඟි කළ රනිල් ඊට දවස් කිහිපයක් යෑමෙන් පසු තවදුරටත් එජාප නායකත්වය දරන තැනට සිය ස්ථාවරය වෙනස් කරගැනීමට පියවර ගත්තේය. ඒ, එක්තරා විශේෂ හේතුවක් මුල්කරගෙනය. ඒ විශේෂ හේතුව රනිල්ගේ ඔළුවට දැම්මේ වෙන කවුරුවත් නොව රනිල්ගේ සහෝදරයකු වන චන්න වික්‍රමසිංහය.

චන්න පිළිබඳව රටේ ජනතාව වැඩි තොරතුරක් නොදන්නා නමුත් එජාපයේ මැති ඇමැතිවරුන්ට නම් චන්න යනු අලුත් කෙනෙක් නොවේ. මන්ද යත් පසුගිය දශක කිහිපය තිස්සේම රනිල්ගේ සියලු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් සිදුකරනු ලැබුවේ චන්නය. රනිල් වික්‍රමසිංහ ගන්නා තීන්දු තීරණ සියල්ල පිටුපස සිටියේ චන්නය. කොටින්ම කියනවා නම් කොළඹ අපේක්ෂක ලැයිස්තු පවා පසුගිය කාලේ රනිල් සකස් කළේ චන්නගේ අනුදැනුම මත චන්නට වුවමනා ආකාරයටය.

යන්න හිටපු රනිල්ගේ ඔලුව වෙනස් කරයි

එජාප නායකත්වයට රවි, වජිර, දයා, කරු, අකිල ආදීන්ගේ නම් පැමිණීමත් සමඟ වික්‍රමසිංහ පවුල ඇතුළේ එජාපයේ ඊළඟ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කීපයක් පැවැත්විණ. ඊට මුල්තැන ගත්තේත් මේ කියන චන්නමය. ඒ අනුව රනිල්ට හිතවත් හිටපු මන්ත්‍රිවරුන් මෙන්ම ජාතික ලැයිස්තුවේ හිටපු මන්ත්‍රිවරුන්ද, රනිල්ට හිතවත් ව්‍යාපාරික පිරිස්ද කොළඹ සිය කාර්යාලයට කැඳවූ චන්න, රනිල්ගෙන් පසු නායකත්වයට ගත යුතු පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් ඉඟියක් ඔවුන්ට ලබාදීමට කටයුතු කළේය. ඒ අනුව චන්නගේ අදහස වී තිබුණේ රනිල්ගේ නායකත්වයෙන් පසු එජාප නායකත්වයට වික්‍රමසිංහ පවුලේ ඥාතියකු මෙන්ම රනිල්ගේ මස්සිනා කෙනකු වන රුවන් විජේවර්ධන පත්කිරීමටය. පක්ෂ නායකත්වය පවුලේ අයෙක්ගෙන් පිටට ගියහොත් යළිත් එය පවුලට ලබාගැනීම අතිශය දුෂ්කර බව එහිදී පෙන්වා දුන් චන්න, කෙසේ හෝ රුවන් නායකත්වය සඳහා සූදානම් වන තෙක් ඒ අතරතුර කාලය රනිල් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බව පිරිසට අවධාරණය කර සිටියේය.

රුවන් එජාපය විනාශ කරපු හැටි

රනිල් මීට වසර කිහිපයකට කලින් රුවන්ව දේශපාලනයට ගෙනාවේද මෙම අදහස ඔළුවේ තියාගෙනය. රනිල් රුවන්ට දුන්නේද තමා තරඟ කළ බියගම ආසනයය. කොතෙකුක් දක්ෂයන් පක්ෂයේ සිටියත් ඒ සියල්ලන්ම කපා දමා රනිල් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්කම රුවන්ට දුන්නේය. වෙනකක් තියා ජනාධිපතිවරයා දැරූ ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය පවා රනිල් දුන්නේ රුවන්ටය. රනිල් ඒ සියල්ල කළේ තමාගෙන් පසු රුවන්ව පක්ෂ නායකත්වයට ගේන්නය. නමුත් රනිල් කළ ඒ සියල්ල අසාර්ථක විය. බියගම එජාප පාක්ෂිකයන්ට රුවන් එපා විය. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ රුවන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයේ සිටියදීය. ඒ අතින් බලන විට අසාර්ථකම ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වූයේ රුවන්ය. බොහෝ දෙනා කියා සිටින්නේද රුවන්ව මෙහෙයවන්නේ වෙනත් පාර්ශ්වයක් විසින් යැයි කියාය. (ඒ පාර්ශ්වයන් පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළිදරව් කිරීමට ‘රාජ්‍ය රහස්’ තීරය සූදානම්ය) එමෙන්ම තවත් චෝදනා රැසක් රුවන්ට එරෙහිව එල්ලවී තිබිණ. මේ නිසා සජිත්ට එරෙහිව රුවන් පක්ෂයේ ඉහළට ගෙන ඒමට රනිල් උත්සාහ කළත්, ඒ සෑම තැනකදීම රුවන්ට වඩා ගවු ගණනාවක් ඉදිරියෙන් සජිත් සිටියේය.
මේ නිසා චන්න අවසානයේදී රනිල්ට කියා සිටියේ මේ මොහොතේ රුවන්ව පක්ෂ නායකත්වයට ගෙන ඒමට නොහැකි නම් කළ හැකි හොඳම දෙය වන්නේ රුවන්ගේ කාලය එන තෙක් අපහසුවෙන් හෝ පක්ෂයේ බලය අල්ලාගෙන සිටීම බවය. ඒ අනුව මේ වන විට චන්න රනිල්ට පමණක් නොව රුවන්ටද ඉදිරියේදී වැඩකටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙන බව ආරංචිය. රුවන් කතා කළ යුත්තේ කෙසේද, හැසිරිය යුත්තේ කෙසේද යනාදී සියල්ල චන්න විසින් සිදුකරන බවද දැනගන්නට ඇත. පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටියත් අවසන් මොහොතේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පක්ෂ නායකත්වයට ව්‍යාජ අර්බුදයක් ගොඩනඟා තවදුරටත් නායකත්වය අල්ලාගෙන සිටීමට රනිල් දේශපාලන ගේමක් ගැහුවේ චන්නගේ මේ උපදෙස්වලට අනුවය.

නම කියපු ගමන් බරපතළ විරෝධයක්

කෙසේ වෙතත් රනිල්ගේත්, චන්නගේත් මේ උත්සාහය පසුගිය සිකුරාදා හබක් වුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට රුවන්ගේ නම නායකත්වය සඳහා යෝජනා කිරීමත් සමඟ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඊට එල්ල වූ විරෝධය හේතු කොටගෙනය. කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් යෝජනාව ආ අවස්ථාවේදී රනිල්ගේ අතිශය සමීපතමයකු වන ආශු මාරසිංහ රුවන්ගේ නම නව නායකත්වයට යෝජන කළ අතර සමන් රත්නප්‍රිය එය ස්ථිර කිරීමට පියවර ගත්තේය. නමුත් ඒ සමඟම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඊට එල්ල වූයේ බලවත් විරෝධයකි. රුවන් බියගම පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයම විනාශ කළ බව කියමින් විශාල දෝෂාරෝපණයක් එල්ල කළ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ධුරය දැරූ සමයේ එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුකොට ගෙන එජාපය විනාශම වී ගිය බවට ප්‍රබල චෝදනාවක්ද මෙහිදී එල්ල කළහ. මේ නිසා රුවන් එජාප නායකත්වයට කිසිසේත්ම සුදුසු නොවන බවද ඔවුහු කියා සිටියහ. මේ විරෝධය හරහා රුවන්ගේ නමටද වූයේ කරුගේ නමටම සිද්ධ වූ දේමය.

ජාතික ලයිස්තුවෙන් රනිල්!

ඉන් අනතුරුව සාකච්ඡා වූයේ එජාපයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එකම පාර්ලිමේන්තු ආසනයට පත්කරන්නා කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ය. ඊට නම් කිහිපයක්ම යෝජනා වී තිබීම නිසා රනිල් අවසානයේදි කියා සිටියේ දින නියමයක් නොමැතිව එය නම් කිරීම කල්දමන බවය. ඒ හරහා රනිල්ගේ සැලැස්ම වී ඇත්තේ අවසන් මොහොතේ තමන්ගේම නම එජාප ජාතික ලැයිස්තු ධුරය සඳහා නම් කරගෙන ඉන් පසු පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගන්නටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

හෂේන්ට කප් එක අරන් දුන්න කෝච් සනුක

Next Post

සමසමාජය ආණ්ඩුව ඇතුළේ පළමු ගල ගහයි

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.