• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පාර්ලිමේන්තුවේ ගේම් ගැහුව රන්ජන් සිනමාවේ ගහන්න යන ගේම

August 15, 2020
in Heart
Reading Time: 1 min read
A A
පාර්ලිමේන්තුවේ ගේම් ගැහුව රන්ජන් සිනමාවේ ගහන්න යන ගේම
Share on WhatsAppShare on Facebook

රන්ජන් රාමනායක කියන්නේ මෑත කාලයේදී වැඩියෙන්ම
කතාබහට ලක් වුණු චරිතයක්. නළුවෙක් විදියට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය රන්ජන් මේ වෙද්දී වැඩි දෙනා හඳුනන්නේ දේශපාලනඥයෙක් විදියට. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවැනියා විදියට මනාප ඡන්ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් හිමි කර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වන්න රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට හැකියාව ලැබුණා. දශක ගණනාවක් පුරා රංගන ශිල්පියෙක් විදියට රන්ජන්ට ආදරය කෙරුව බොහෝ රසික රසිකාවියන් පිරිසක් හිටියා. හැබැයි තමන්ගේ ආදරණීය කලාකරුවා දේශපාලනයට යොමු වීමත් එක්ක ඔවුන්ගෙන් එක්තරා චෝදනාවක් එල්ල වන විදියත් අපිට දකින්න ලැබුණා. රන්ජන් දැන් රඟපෑමට වෙලාව වෙන් කරන්නේ නැද්ද කියන එක තමයි ඒ චෝදනාව. මේ ගැන දැන ගන්න අපි රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට කතා කළා. මැතිවරණ උණුසුමෙන් මුළු රටම ගිනියම් වෙලා තියෙන මොහොතක අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක්ක දේශපාලනය අමතක කරලා කලාව ගැන කතා කළා.
මන්ත්‍රීතුමා අපි දේශපාලනය ගැන නෙවෙයි කලාව ගැන කතා කරමු. කොහොමද මේ දවස්වල කලා කටයුතු?
කොරෝනා වසංගතයත් එක්ක කරන්න හිටපු වැඩ ඔක්කොම නැවතුණානේ. ඒක මට විතරක් නෙවෙයි හැමෝටම එක වගේ බලපෑවා.
ඒ කියන්නේ ඉදිරියේදී රන්ජන්ව අපිට කලා නිර්මාණයකින් දැක ගන්න ලැබෙන්නේ නැහැ කියන එකද?
නැහැ. නැහැ. මම රඟපෑව සුරංග අල්විස් අධ්‍යක්ෂණය කළ ඔයැ ඨ්පැ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඒකත් කොරෝනා හින්දා තමයි පහුවෙලා තියෙන්නේ.
කවදා වගේද ඒ නිර්මාණය රසිකයන්ට දැක ගන්න ලැබෙන්නේ?
මේ දවස්වල හැමෝම තමන්ගේ නිර්මාණ එළිදක්වන්න ටිකක් බයවෙලා ඉන්නේ. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා නිෂ්පාදනය කළ “ද නිවුස්පේපර්” විතරයි තවමත් ප්‍රචාරය වෙන්නේ. ඒ හින්දා ඒ චිත්‍රපටය සිනමා ශාලාවලට එන්න තව ටික දවසක් ගත වේවි කියලයි මට හිතෙන්නේ.
ඊට අමතරව ඔබ සම්බන්ධ වුණු වෙනත් නිර්මාණ මොනවද?
දැනටනම් සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කෙරුව චිත්‍රපටයකට තියෙන්නේ ඒක විතරයි. ඒත් කරන්න හිටිය වැඩ ගොඩක් නැවතුණා. ඒ වගේම තව වැඩ කිහිපයක් බාර අරගෙනත් තියෙනවා. ඉදිරියේදී ඒවත් එක්ක සම්බන්ධ වෙනවා.
දේශපාලනඥයෙක් විදියට කාර්යබහුල වුණාට පස්සේ රන්ජන් රඟපෑමෙන් ඈත් වෙලා කියලා රසිකයන්ගේ චෝදනාවක් තියෙනවා?
නැහැ. නැහැ. එහෙම දෙයක් නැහැ. මේ දවස්වල රටේ ඇති වුණු තත්ත්වය හින්දයි කලා නිර්මාණ සඳහා සම්බන්ධ වෙන එක අඩුවෙලා තියෙන්නේ.
නමුත් දේශපාලනඥයෙක් කියන්නේ බොහොම කාර්යබහුල කෙනෙක්. ඒ අතරේ රඟපාන්න වෙලාව වෙන් කර ගන්න පුළුවන්ද?
අපෝ පුළුවන්. මම බොහොම නිදහස් මනුස්ස-යෙක්නේ. මොකද මට බැඳීම් නැහැ. යුතුකම් ඉටු කරන්න පවුලක් නැහැ. ඒ හින්දා කලාව වෙනුවෙන් වෙලාව වෙන් කර ගන්න එක මට අමාරු දෙයක් නෙවෙයි.
රන්ජන් රාමනායක තවමත් කලා නිර්මාණ සඳහා ලැබෙන ආරාධනා ප්‍රත්ක්ෂේප කරන්නේ නැහැ කියන එකද ඒකෙන් කියන්නේ?
පැහැදිලිවම ඔව්. මට ලැබෙන ආරාධනා මම කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

දරුවන් මරා දෙවියන් සනසන අරුම පුදුම පූජාවල්

Next Post

DFCC පැළ සිටුවීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.