• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම තරම් වැඩ රිජෙක්ට් කරපු කෙනෙක් නැතිව ඇති… ! අභියෝගයකට වඩා මට මේක ගෞරවයක්…! වේලාවකට කම්මැලියි… තවත් වෙලාවකට වැඩ කරන්න දැඩි පිපාසයකින් ඉන්නවා…! රොෂාන් රවීන්ද්‍ර I Sri Lanka Latest News

February 8, 2026
in Heart
Reading Time: 2 mins read
A A
මම තරම් වැඩ රිජෙක්ට් කරපු කෙනෙක් නැතිව ඇති… ! අභියෝගයකට වඩා මට මේක ගෞරවයක්…! වේලාවකට කම්මැලියි… තවත් වෙලාවකට වැඩ කරන්න දැඩි පිපාසයකින් ඉන්නවා…! රොෂාන් රවීන්ද්‍ර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් ලෙස ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ, සිනමා ක්ෂේත්‍රය තුළ බිහිවූ දක්ෂ කලාකරුවෙක් වූ රොෂාන් රවීන්ද්‍ර නවමු මුහුණුවරකින් ‘එදා රෑ’ චිත්‍රපටය හරහා නැවතත් ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන්නට සූදානම්. අද ‘මව්රට’ ‘හාට්’ අපේ කතාබහ ඔහු සමගයි.Sri Lanka Latest News

ලෙජන්ඩ් එකක් විදියට කාලෙකට පස්සේ රොෂාන් එළියට එනවා…
ඔව්. ඒකට ඇත්තටම මම ගොඩක් සතුටුයි. මම කරන වැඩ තෝරා බේරාගෙන කරන්නේ. චිත්‍රපටයක් කරන්න වුවමනාව තිබ්බා ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍යයෙන් පස්සේ. ඒක තමයි මම කරපු අවසාන ටෙලිනාට්‍යය. ඒකෙන් පස්සේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘මැයි මාර ප්‍රසංගය’ කියන නවකතාවෙන් නිර්මාණය කළ චිත්‍රපටයකත් මම රඟපෑවා. ඊට පස්සේ මම ආයේ අපේ රටේ අග්‍රගණ්‍ය ගායිකාවක් වූ ලතා වල්පොල මහත්මියගේ ජීවිත කතාව ගැන කරපු චිත්‍රපටයේ පොඩි චරිතයක් රඟපෑවා. ධර්මදාස වල්පොල කියන දක්ෂ ගායකයාගේ චරිතය. ඊට පස්සේ මට දැන් මිල්ටන් මල්ලවාරච්චි කියන අපි හැමෝම ආදරේ කරන, පරම්පරා කිහිපයක් ආදරය කරන චරිතයට මට ආරාධනා ලැබිලා තියෙනවා. මිනිස්සු අදටත් ඒ සින්දුවලට ආදරේ කරනවා. ඉතින් මං ගොඩක් සතුටු වෙනවා ඒ චරිතය මට ලැබීම ගැන. මේ දවස්වල ඒ චිත්‍රපටයේ රූ ගතකිරීම් පටන් අරගෙන තියෙන්නේ.
මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ලෙජන්ඩ් එකක්. ඔහුගේ චරිතයට පණ පොවන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
මම හරිම සතුටු වෙනවා. ඒ වගේම හැමෝම ආදරේ කරන කලා ක්ෂේත්‍රයේ දක්ෂයකුගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබීම ගැන. ඒ වගේම ඒ චරිතය මට අභියෝගයක් කියලා මම හිතනවට වඩා මට ඒ චරිතය ලැබීම ගොඩක් ලොකු ගෞරවයක්. මම ස්තුතිවන්ත වෙනවා මාව ඒ චරිතය වෙනුවෙන් තෝරගත්ත කණ්ඩායමට. ඒ වගේම මම මට පුළුවන් උපරිමයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිදි මේ චිත්‍රපටය වෙනුවෙන් වැඩකටයුතු කරන්න උත්සාහ කරනවා. අපි බලමු කාලයට ඉඩ දීලා. මම හිතනවා මේ චිත්‍රපටය ලංකාවේ ජනප්‍රිය චිත්‍රපටයක් වෙයි කියලා.

‘එදා රෑ’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වුණා. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නත් කලින්ම හැමෝම කියනවා චිත්‍රපටයට සුදුසුම චරිතය තෝරගෙන තියෙන්නේ කියලා…
මට කොහොමත් කවදත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුණා. ආදරණීය වස්සානය, සහෝදරයා, තණමල්විල කොල්ලෙක් මේ වගේ නිර්මාණ කරනකොට මට හොඳ ෆෑන් බේස් එකක් හැදුණා සහ මේ වෙනකොට මම වටා ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා මම ඒක පුන පුනා නොකිව්වට. මම මගේ ප්‍රේක්ෂක පිරිස ආරක්ෂා කරගන්න තමයි හැමදාම නිර්මාණය කළේ සහ නිර්මාණ කරන්නේ. මම වැඩක් භාරගත්තොත් මගේ ප්‍රේක්ෂකයාට ගෞරවාන්විතව ඒ චරිතය කරන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඒවා ගිලිහී ගිය අවස්ථාවනුත් නැතුවාම නෙවෙයි. නමුත් මම මගේ උපරිමෙන් ප්‍රේක්ෂකයා වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්.
රොෂාන් රවීන්ද්‍ර කියන්නේ නිතරම රංගන ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙන කෙනෙක් නෙවෙයි?
මම ආස කරන දෙයක් වෙන්න ඕනෙ. ප්‍රේක්ෂකයන්ට මම කරන නිර්මාණය වැදගත් වෙන්න ඕනෙ. ප්‍රේක්ෂකයෝ මාව පිළිගන්න දෙයක් වෙන්න ඕනෙ. මම නිර්මාණයට ලැබෙන මුදල් ගැන සලකා බලා වැඩකරන කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ මට ආපු වැඩ ප්‍රතික්ෂේප කරපු තරම් කෙනෙක් තවත් නෑ. ඒක එක පැත්තකින් මම ඇත්තටම වැඩ කරන්න ටිකක් කම්මැළියි. තවත් වෙලාවකට මම වැඩකරන්න ඕනේ කියන පිපාසයෙන් ඉන්නවා. ඉතින් ඒ වගේ මට හොඳ නිර්මාණයක් ලැබුණොත් මම වැඩ නොකර ඉන්නෙත් නෑ.
කාලෙන් කාලෙට ඔබ ඇවිත් කරන නිර්මාණ අතිශය සාර්ථක වෙනවා. මොකක්ද රහස?
රහස තමයි මගේ කැපවීම, උනන්දුව, මගේ හැදෑරීම, මගේ චින්තනය කියලයි මම හිතන්නේ.
‘සහෝදරයා’ ටෙලි නාට්‍යය තුළ සහෝදරයා කියන චරිතය ඔබේ සැබෑ ජීවිතයට කොයිතරම් බලපෑමක් ඇති කළාද?
සැබෑ ජීවිතයට බලපෑමක් ඇති කරාට වඩා මම හිතනවා දේශපාලනිකව ඒ චරිතය හරහා බලපෑමක් ඇති කළා කියලා. නාමල් ජයසිංහට මම අදටත් ස්තුතිවන්ත වෙනවා මාව මේ චරිතයට තෝරාගැනීම සම්බන්ධව.
ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?
ඉදිරි වැඩකටයුතු ඇත්තටම රටේ පවතින තත්ත්වය එක්ක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා තවමත් අපි බලන් ඉන්නවා අපිට සාධනීය වටපිටාවක් හැදිලා එනකන්. තාමත් කලාකරුවෝ එකම තැනක. මේ මොහොතේ වැඩකරන කලාකරුවන්ට තියන ප්‍රශ්න ටික විසඳන්න ඕනෙ මුලින්ම. මේ දේවල් හැදුණු දවසක කලාකරුවාට හොඳ තැනක් තියෙයි. ඒ බලාපොරොත්තුව මම වැඩකරපු අවුරුදු තිහ ඇතුළෙම තිබුණා. ඉතින් මේ ක්ෂේත්‍රයේ අදටත් තියෙන ගැටලු විසඳිලා නෑ. ඒක කනගාටුවට කාරණයක්.

කෞෂල්‍යා ලක්මිණි

SendShareShare
Previous Post

තෑගිත් අරන් ඉන්දියාව වතුකරයට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Next Post

‘මට ඡන්ද ලැබුණත් එකයි.. නැතත් එකයි.. අපි ඇත්ත කතා කරනවා..! මගේ ගාව බොරුව නෑ.. රැවටිලි නෑ.. ඇන්දවිලි නෑ..!’ ජනපති කාර්යාලය ඉදිරිපිට ධීවර උද්ඝෝෂණයට ආපු සජිත් ධීවරයන්ට දීපු පොරොන්දුව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.