• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දිනක්ෂි කියන්නේ බොලඳ කෙල්ලෙක් නෙවෙයි…! ආදරණීය තරුවට හරියන්නේ ශනු කියලා එයාත් දන්නවා…! සිනමාව වෙනුවෙන් කැපකිරීම් කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ…! චරිතය වෙනුවෙන් කෑම පාලනය කළෙත් ඒකයි…! දැනගන්න ඕනෙ නම් සිනමා ශාලාවටම එන්න… ! මේක හැමෝගෙම හිතේ පත්තුවෙන ආදර අන්දරයක් නළුවෙක්…! නිෂ්පාදකයෙක් වෙලා සිනමාවට අලු‍ත් දෙයක් දෙන එක මගේ හීනයක්…! සාරංග දිසාසේකර I Sri Lanka Latest News

February 8, 2026
in Heart
Reading Time: 4 mins read
A A
දිනක්ෂි කියන්නේ බොලඳ කෙල්ලෙක් නෙවෙයි…! ආදරණීය තරුවට හරියන්නේ ශනු කියලා එයාත් දන්නවා…! සිනමාව වෙනුවෙන් කැපකිරීම් කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ…! චරිතය වෙනුවෙන් කෑම පාලනය කළෙත් ඒකයි…! දැනගන්න ඕනෙ නම් සිනමා ශාලාවටම එන්න… ! මේක හැමෝගෙම හිතේ පත්තුවෙන ආදර අන්දරයක් නළුවෙක්…! නිෂ්පාදකයෙක් වෙලා සිනමාවට අලු‍ත් දෙයක් දෙන එක මගේ හීනයක්…! සාරංග දිසාසේකර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාරංග කියන්නේ හැමදාමත් මොනවා හෝ කලාවක නියැළෙන බොහෝ කාර්යබහුල චරිතයක්.Sri Lanka Latest News
‘මොනවා හෝ කලාවක’ කියලා මෙතැනදි සඳහන් කළේ ඔහු කරළිය තුළ විවිධ ඉසව්වල තම දස්කම් පෙන්වන නිසයි. නැවතිල්ලෙ හිතලා බලනකොට සාරංග මොනවද නොකරන්නේ? ටෙලි සිනමාව තුළ ජනප්‍රියම නළු සම්මානය කිහිප වතාවක්ම දිනාගනිමින් ඔහු සුපිරි තරුවක් වී හමාරයි. ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ හරි අපූරුවට රඟමින් වේදිකාව තුළත් රියැලිටි තරග මෙහෙයවමින් ප්‍රසංග කලාවත් ජයගත්තා කිව්වොත් හරියටම හරි.

එතැනින් නොනැවතුණු සාරංග චිත්‍රපට කලාවටත් සේන්දු වුණා. සිනමාව වෙනුවෙන්ද මතක හිටින යමක් කරන්නට හීන දකින මේ ජනප්‍රිය ටෙලි තරුව ඔහුගේ නවතම නිර්මාණය ලෙස ආදරණීය තරුවක් නිෂ්පාදනය කරමින් සිනමා ලෝලීන් වෙත අමතක නොවන යමක් කරන්නයි මේ දවස්වල ලහි ලහියේ එහෙ මෙහෙ දුවන්නේ පනින්නේ. ඒ දුවන පනින වෙලාවෙන් කලබලය අස්සේ පුංචිම පුංචි විරාමයක් අරගෙන අපි සාරංගට කතා කළේ ආදරණීය තරුවක් ගැන රසවත් තොරතුරු ටිකක් දැනගන්නයි.

මේ දවස්වල නම් ඔබව අල්ලගන්න එක ලේසි නෑ නේද?
ඔව්. ‘ආදරණීය තරුවක්’ ෆිල්ම් එක නිසා හුඟක් බිසී මේ දවස්වල. ඒ අතරට ටෙලි ඩ්‍රාමාවල ෂූටින්, රියැලිටි වැඩසටහන්, චැට් ෂෝවලට එන ආරාධනාත් තියෙනවා. හැම දේම බැලන්ස් කරගෙන පුළුවන් උපරිමය තුළ මගෙන් විය යුතු කොටස හරියට ඉටුකරනවා.
ආදරණීය තරුවක් ගැන ටිකක් කතා කරමු?
මේ දවස්වල ‘ආදරණීය තරුවක්’ ෆිල්ම් එකේ ලයිව් කොන්සට් තියෙනවා. ඒ හැම එකක්ම සාර්ථකව කෙරෙනවා. ඒ අතර ටේ්‍රලර් එකත් යනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ අවධානය මත ‘ආදරණීය තරුවක්’ ජයග්‍රාහී ගමනක් සඳහා සූදානමින් ඉන්නවා.
‘ආදරණීය තරුවක්’ කතා තේමාව ගැන කියනවා නම්?
ඒ ගැන මේ වෙලාවෙ අපි කතා නොකර ඉමු නේද? මොකද කියනවා නම් කතාවේ මුල අග අවසානය සහ තේමාව ගැන කතා කරනවට වඩා රහසක් කරන එක ප්‍රේක්ෂකයන්ට පුංචි ගැම්මක් කියලයි මට හිතෙන්නේ. ඒ හින්දා අපි ඒ ගැන පසුවට කතා කරන එක හොඳයි. හැබැයි ඒ ගැන යම් තොරතුරක් දැනගන්න, කතාව ගැන රසවත් ඉඟියක් දැනගන්න අපේ ප්‍රේක්ෂකයන්ට පුළුවන් ‘ආදරණීය තරුවක්’ ෆේස්බුක් පිටුවට යන්න.

දිනක්ෂි වෙනුවට ශනුද්‍රිව ආදරණීය තරුවකට තෝරාගත්ත හේතුව?
ප්‍රධාන චරිතයට හරියටම මැච් වෙන්නේ ශනුද්‍රිවයි. ඒ නිසයි ශනුද්‍රිව ගත්තේ.
දිනක්ෂි ඒ ගැන හිත් අමනාපයක් නැති වග ඔබට විශ්වාසයිද?
ඔබ ඇසූ ඔය ප්‍රශ්නයට මට හිනා යන්නත් එන තරම්. එය විහිළුවක් විදියටයි දැනෙන්නේ. මොකද කියනවා නම් දිනක්ෂි කියන්නේ ඒ තරම් බොලඳ විදියට හිතන පටු කල්පනාකාරියක් නෙවෙයි.
ඈ දන්නවා ඇයට ගැළපෙන චරිත. මොන වගේ විය යුතුද කියලා. ඒ වගේම ආදරණීය තරුවකට හරියටම හරියන්නේ ශනු කියන එකත් ඇය දන්නවා.
චරිත තෝරන්නත් දිනක්ෂි අපට සහාය දුන්න. අනෙක ෆිල්ම් එකේ රඟපෑවේ නැති වුණාට ඇය ඒ වෙනුවෙන් මට දෙන සහාය අපි හැමෝටම ලොකු ශක්තියක් බවත් මෙහිදී කිව යුතුයි.
මෙහි අධ්‍යක්ෂණ කටයුතු මෙහෙයවන්නෙත් ඔබමද?
නැහැ. මම එය භාරදෙන්න හිතුවේ නවතම නිර්මාණකරුවකුටයි. ඔහු දක්ෂ ටෙලි නිර්මාණ ශිල්පියකු වූ දේශාන් අමරසිංහ. ටෙලි නිර්මාණ කිහිපයකදීම මම දේශාන් එක්ක වැඩ කරලා තියෙනවා. අපි සමීපව ඇසුරු කරන අතරම මම දැක්කා ඔහුගේ දක්ෂතාවන්. අලුත් යමක් අලුත් විදියට කරන්න දන්න අද පරම්පරාවේ තරුණයෙක්.
අනෙක් කාරණය දේශාන් සමග වැඩ කිරීම හරි පහසුයි. ඔහු හැමෝගෙම අදහස්වලට කන් දෙනවා. ඒ සුහදතාව සහ ටීම් වර්ක් එක සමග හැම කාරණාවකදීම වඩා සාර්ථක පියවර මොකක්ද තීරණය කොයිකද කියන පොයින්ට් එක පැහැදිලිව හඳුනාගෙන තමයි දේශාන් මේ නිර්මාණ මෙහෙවර ලස්සන කරන්න අවැසි හැම දේම කළේ. ඒ වගේම චරිත සඳහා නළු නිළියන් තෝරන අවස්ථාවෙදිත් දේශාන් අපි හැමෝගෙම අදහස් ගත්තා.
ප්‍රවීණ නිළි සංගීතා වීරරත්නත් ‘ආදරණීය තරුවක්’ වෙනුවෙන් එක්වුණා?
එය අපට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම ආඩම්බරයක් සහ කලඑළියක් වුණා. සංගීතා වීරරත්න කියන්නේ අපට මඳක් කලින් පරම්පරාව නියෝජනය කළ ජනප්‍රිය තරුවක්. අතිදක්ෂ චරිතාංග නිළියක්. අපේ ආරාධනය පිළිගෙන ඉතා නිහතමානීව ඈ ‘ආදරණීය තරුවක්’ හා එක්වුණා. ඒ වෙනුවෙන් මා ඇතුළුව ආදරණීය තරුවක් සමග ඉන්නා හැමෝම ඇයට ස්තුතිවන්ත වෙනවා.
‘ආදරණීය තරුවක්’ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන්ද රිලීස් කරන්න අදහස?
ආදරය කරන්න දිනයක් වෙලාවක් නියම කළ යුතු නැහැ. ඒ වගේම ආදරණීය තරුවක් රිලීස් කරන්නත් අහවල් දවස අහවල් සිදුවීම කියන දේ මුල් කරගෙන නැහැ. බලමු කොහොම වෙයිද කියලා. කාලය සමග නිසි වෙලාවට ‘ආදරණීය තරුවක්’ සිනමා අම්බරේ පායාවි.
‘ආදරණී තරුවක්’ වෙනුවෙන් ඩයටින් කළා කියලා ආරංචියක් තියෙනවා සාරංග?
ඔව්. කෙට්ටු වෙන්න ඕනෙකමක් තිබුණා. ඒ චරිත නිරූපණයට අනුව. ඉතින් ඒ විදියට කෙට්ටු වෙන්න ඕනෙ නිසා කෑම පාලනය අවශ්‍ය වුණා.
සමහර ටෙලි ඩ්‍රාමාවලින් කාලයක් හැංගිලා වගේ හිටියෙත් ඒ ඩයට් ප්ලෑන් එක නිසා වෙන්නැති?
යම් චරිත නිරූපණයන් වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනවා. හිතාගන්න බැරි කැපකිරීම් ඒ වෙනුවෙන් කළ ප්‍රවීණයන් ඉන්නවා. ඒ මහ විශාල කැපකිරීම් එක්ක බලනකොට මේ ඩයට් ප්ලෑන් එක මොකක්ද? ඒක සුළු දෙයක්.
කෙට්ටු චරිත නිරූපණයකට මැදිවුණේ දුක් විඳින පෙම්වතකු වෙනුවෙන්ද මන්දා?
ඔබ හීන් සීරුවේ ‘ආදරණීය තරුවක්’ කතා තේමාවේ රහස හෙළිකර ගන්නයි ඔය සූදානම. අනේ ඉතින් අපි පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉමු. තව ටික දවසයි. බොහෝ පෙම්වතුන්ට මෙන්ම අනෙකුත් හැමෝටමත් එය රසාලිප්ත ආශ්වාදනීය ආදර අන්දරයක් වේවි.
‘ආදරණීය තරුවක්’ අතිසාර්ථක පියවරක් කරා යන බව විශ්වාසද සාරංග?
බලාගෙන ඉමු. කාලයට ඉඩ දෙමු. ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබෙන ආකාරයට එය තීරණය වේවි. එක දෙයක් කිව යුතුයි. ආදරණීය තරුවක් කියන්නේ කන්කලු ගීත නදින් පිරුණු අලංකාර තේමාවක් රැගත් සුන්දර කතා පුවතක්.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

මට කිසිම රේස් එකක් නැහැ…! ලෝකයක් පිනවන්න හදන කලාකරුවා අන්තිමට අසරණයි…! ගොඩක් අය හිතුවේ මම රට ගියා කියලා…! මනෝජ් දේවගේ I Sri Lanka Latest News

Next Post

තෑගිත් අරන් ඉන්දියාව වතුකරයට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.