• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කළු කෝට් එක ඇතුළේ හිටපු සොහොන්පල්ලා…! වැඩේ පොඩි වුණාට මේ වගේ වැඩක් මම කරලම නැහැ…! රංගනය කියන්නේ ඇත්තම ඇත්ත රියැක්ෂන් එකක්…! මැල්කම් මචාඩෝ I Sri Lanka Latest News

February 7, 2026
in Heart
Reading Time: 2 mins read
A A
කළු කෝට් එක ඇතුළේ හිටපු සොහොන්පල්ලා…! වැඩේ පොඩි වුණාට මේ වගේ වැඩක් මම කරලම නැහැ…! රංගනය කියන්නේ ඇත්තම ඇත්ත රියැක්ෂන් එකක්…! මැල්කම් මචාඩෝ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කළු කෝට් එක දාලා උසාවියේ තර්ක කරන නීතිඥයෙක්, රිදී තිරයේ ‘සොහොන්පල්ලා‘ වෙලා අපේ හිතේ බියත්, වේදනාවත් එකවරම ඇවිස්සුවා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඒ රංගනය ඇතුළේ තිබුණේ රඟපෑමකට එහා ගිය ඇත්තම ඇත්ත ජීවයක්. ඔහු නමින් මැල්කම් මචාඩෝ. නීතියේ අකුරු අස්සේ ජීවිතේ හොයන අතරේ, රංගනයෙන් හදවතට කතාකරන මේ අපූරු මිනිසා, අද අපේ ‘හාට්’ එක්ක සම්මුඛ වෙන්නේ මෙහෙමයි…Sri Lanka Latest News

මේ දවස්වල මැල්කම් සොහොන්පල්ලෙක් වෙලා කියලා ආරංචියි?
ඔව්, කතාව ඇත්ත. හැබැයි ඒ ‘ධර්මයුද්ධය 2’ චිත්‍රපටය ඇතුළේ. මුළු ෆිල්ම් එකම කුතුහලයයි ත්‍රාසයයි මැද ගලාගෙන යන්නේ. මගේ චරිතය සුළු එකක් වුණත්, මීට කලින් මට ලැබුණු චරිතවලට වඩා ඒක හරිම වෙනස්.
නීතිඥයෙක් විදියට සැබෑ ජීවිතේ නීතිය රකින ඔබ, සොහොන්පල්ලෙක්ගේ ඒ රළු බව ඇතුළට ගියේ කොහොමද?
ඇත්තටම අපි නිර්මාණයකට දායක වෙන්නේ කාලයක් තිස්සේ ලබාගත්ත අවබෝධයත් එක්කයි. නිකම්ම මූණෙන් රඟපානවාට වඩා ඒ සිදුවීම්වලට රියැක්ට් කරන එකයි වැදගත්. මගේ ජීවිත කාලය පුරාම රංගනය ගැන කරපු අභ්‍යාසයයි, අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීමයි තමයි මාව ඒ සොහොන්පල්ලාගේ චරිතය ඇතුළට අරන් ගියේ. ඒක රංගන ජීවිතයේ මම ලබපු ලොකු අත්දැකීමක්.
‘ඇල්බොරාදා’ ගැන කතාකරමු. ලෝක ප්‍රකට කවි පැබ්ලෝ නෙරූඩාගේ සේවකයා වෙන්න ලැබීම අභියෝගයක් නෙවෙයිද?
ඒක මාරම අභියෝගයක්. මොකද මේක 1920 ගණන්වල ලංකාවේ සිද්ධ වුණු ඇත්තම කතාවක්. නෙරූඩාගේ පෞද්ගලික ජීවිතය පවා හොඳට දැනගෙන හිටපු සේවකයෙක්ගේ චරිතයයි මම කළේ. නෙරූඩාගේ ජීවිතයයි ප්‍රේක්ෂකයායි අතරේ තිබුණේ හීනි හුයක් වගේ සම්බන්ධයක්. ඒක ගොඩනැගුවේ මගේ චරිතයෙන්.
ඉතිහාසගත චරිතයකට පණ දෙන එක ලේසි නැහැ, ඒකට කොහොමද සූදානම් වුණේ?
ඒ ඉතිහාසය ගැන හොයලා බලලා, කාලයක් තිස්සේ අභ්‍යාස කරලා තමයි මම ඒකට ලෑස්ති වුණේ. නිකම්ම ඇක්ට් කරන්නේ නැතුව ඒ සිද්ධිවලට රියැක්ට් කරන එකයි වැදගත්. මගේ රංගන ජීවිතේ අත්දැකීම් ඒකට මට ගොඩක් උදව් වුණා.
ඒ අභියෝගයට ලැබුණු ප්‍රතිඵලය ගැන මොකද හිතෙන්නේ?
ඒක මගේ රංගන ජීවිතේ ලොකු සන්ධිස්ථානයක්. සිග්නිස් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා වුණෙත්, දෙරණ සිනමා උළෙලේ නිර්දේශ වුණෙත් ඒ චරිතය නිසා. මම ඒකට කරපු කැපවීම මිනිස්සු පිළිගත්තා කියලා ඒකෙන් තේරුණා.
‘අමුතු දොස්තර’ එකේ ඔබව දකින්නේ රෝහල් පරිපාලකයෙක් විදියට. ඒකත් වෙනදා වගේම පීඩිත චරිතයක්ද?
මට ගොඩක් ලැබෙන්නේ පීඩාවට පත්වුණු චරිත. හැබැයි මේ වෛද්‍යවරයා ඊට වඩා වෙනස්. ඔහු කලාවට ඉවක් තියෙන, ලෝකය දිහා හරිම නිර්ව්‍යාජ විදියට බලන කෙනෙක්.

ඒ කියන්නේ අපි සමාජයේ දකින සාමාන්‍ය වෛද්‍යවරයෙක් නෙවෙයි?
කොහෙත්ම නැහැ. තමන්ගේ ස්වාමියා මියගිය කාන්තාවක් එක්ක සම්බන්ධයක් පවත්වලා, ඇයව විවාහ කරගන්න තරම් මානුෂික, හරිම විවෘත මනුස්සයෙක් ඔහු. පිටපත කියවද්දී මටත් හිතුණා ”‍මට මේක කරන්න පුළුවන් වෙයිද?”‍ කියලා. ඒත් අධ්‍යක්ෂවරයා මාව විශ්වාස කළා.

නිර්මාණ ලබාගැනීමේදී ඔබ හරිම තෝරාබේරා ගැනීමක් කරනවා නේද?
මට ආරාධනා කරන්නේම මම ඒ චරිතයට සුදුසු නිසයි. මම ගොඩක් වෙලාවට සාධනීය මැදිහත්වීමක් කරන්න පුළුවන් ඒවට තමයි යන්නේ. කාලය කළමනාකරණය කරගන්න බැරි වෙලාවට විතරයි නිර්මාණ අතහරින්නේ.

අශෝක හඳගම වගේ දැවැන්තයෙක් එක්ක වැඩ කිරීම ගැන මොකද හිතෙන්නේ?
ඔහු මේ කාලයට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්. සමාජය කියවන්න ඔහුට පුදුම හැකියාවක් තියෙන්නේ. ලබන මාසෙත් ඔහුගේ අලු‍ත් චිත්‍රපටයක් එනවා. ඒකත් වෙනස්ම අත්දැකීමක් වෙයි. සිනමාවේ වාරණයන්ට ලක් වුණත්, හඳගම කියන්නේ අපේ සිනමාව නව මාවතකට ගෙනාපු සන්ධිස්ථානයක්.

හිමාෂි මධුවන්ති

SendShareShare
Previous Post

65%ක් වී මිලදී ගන්න කුඩා-සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ආණ්ඩුව දෙනවා කියපු සහන පොලී ණය තවම ලැබිලා නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙළවගන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න! කෙවිට අතට දුන්නේ අමුඩෙ අස්සේ ගහන් ඉන්න නෙවෙයි!Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.