අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දයාරත්න අවුරුදු 48ක පමණ කාලයක් ඔහුගේ පරිහරණයට පමණක් වෙන්කරගෙන භාවිතා කළ අම්පාර දිසාපති කාර්‍යාලයට අයත් B 8 විධායක ශ්‍රේණියේ ‘අම්පාර දයාරත්න බංගලාව’ නමින් ප්‍රසිද්ධ බංගලාව සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කර දිස්ත්‍රික්කයේ ආබාධිත දරුවන්ගේ රැකවරණ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට වෙන්කර දී ඇත.Sri Lanka Latest News
ආණ්ඩුවේ විශේෂ අවධානයෙන් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම මෙවැනි රැකවරණ මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ සැළසුම පරිදි දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහා ප්‍රජා සවිබල ගැන්වීම් නියොජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්සගේ යෝජනාවකට අනුව මෙම නිල නිවස ආබාධිත ළමා රැකවරණ මධ්‍යස්ථානයක් සඳහා යොදා ගැනීමට නියමිතයි.











