ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
78 වන නිදහස් දිනය යෙදී ඇති අද දින (2026 පෙබරවාරි 04), “මලෛයහ තමිල් ජනතාවනි, ජයග්‍රහණය තෙක් අරගල කරමු” යන තේමාව යටතේ හැටන් ක්‍රිෂ්ණභවන් ශාලාවේදී දැවැන්ත ජනතා සමුළුවක් පැවැත්විණි.Sri Lanka Latest News
මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම් හා නිවාස අයිතිය, මාසික වැටුප සහ පුරවැසි අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වූ විශේෂ ප්‍රකාශනයක් ද මෙහිදී එළිදැක්විණි.
සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතාව ව්‍යාපාරය සහ සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ මෙම සමුළුව ආරම්භ වූයේ වතු කම්කරු අයිතීන් වෙනුවෙන් අරගල කර දිවි පිදූවන් සිහි කරමිනි.
සමුළුව ඇමතූ සම අයිතිය ව්‍යාපාරයේ වීරසිංහම් සහ සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතාව ව්‍යාපාරයේ මෝහන් යන මහත්වරුන් සමුළුවේ මූලික අරමුණු පැහැදිලි කළහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, කල්ප රාජපක්ෂ සහ විජය කුමාර් යන මහත්වරුන් මලෛයහ ජනතාවගේ දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් සහ සූරාකෑමට එරෙහිව කළ යුතු මැදිහත්වීම් පිළිබඳ දීර්ඝ දේශන පවත්වන ලදී.
සත් ගුරු නාදන් සහෝදරයාගේ අභාවප්‍රාප්ත ඥාතියෙකු වෙනුවෙන් ශෝකය පළ කරමින් ඔහුගේ දේශනය ජෝන් සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලදී.
කාන්තා විමුක්තිය සහ අයිතීන් වෙනුවෙන් නිරෝෂා ගුරුගේ, ඥාන දේවී සහ ප්‍රසාදිනී සිය හඬ අවදි කළ අතර, සුගතා නන්ද හිමි, ඉන්ද්‍රානන්ද, මහේන්ද්‍රන්, ජීවන් රාජේන්ද්‍රන්, සුරේන්ද්‍ර සහ ගනේශ් යන මහත්වරුන් ද අරගලය නියෝජනය කරමින් අදහස් දැක්වූහ. මලෛයහ තමිල් ජනතා අයිතිය පිළිබඳ යෂ් විසින් ඉදිරිපත් කළ කවිය සමුළුවට උද්යෝගයක් එක් කළේය.
මෙම ඓතිහාසික සමුළු ප්‍රකාශනය සිංහල භාෂාවෙන් ලහිරු වීරසේකර සහ දෙමළ භාෂාවෙන් කමල් විසින් ඉදිරිපත් කළ අතර, පැමිණ සිටි සියලු දෙනා ඒ සඳහා ප්‍රතිඥා ලබා ගත්හ. ලංකාවේ නිදහස් දිනය සැමරෙන අද වැනි දිනක, මෙතෙක් අයිතිවාසිකම් අහිමි වූ මලෛයහ ජනතාවගේ හඬ හැටන් නගරයෙන් මෙලෙස ප්‍රබලව නැගී සිටියේය.

















