සෙලාන් බැංකුව සිය පාරිභෝගිකයන් හට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස පදවිය ශාඛාව පසුගියදා නව පරිශ්‍රයකට ගොඩවදින ලදී.
වඩාත් පරිපූර්ණ බැංකුකරණ අත්දැකීමක් පිරිනමමින් අංක:387-A බණ්ඩාරනායක මාවත, පදවි පරාක්‍රමපුර, අනුරාධපුරය යන ලිපිනයෙහි ස්ථාපිත කෙරුණු එම ශාඛාව සෙලාන් බැංකුවේ ශාඛා අංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී චිත්‍රාල් ද සිල්වා මහතා අතින් නිල වශයෙන් විවෘත කෙරිණි. සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන මෙම ශාඛාව මඟින් උපරිම බැංකුකරණ පහසුවක් සමඟින් සෙලාන් බැංකුව පිරිනමන පුළුල් සේවා රැසක් අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ.










