ලංකා බැංකුවේ 81 වැනි සංවත්සරයට සමගාමීව කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානයේ 2020 අගෝස්තු මස 04 වැනි දන සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සමරු උත්සවයක් පැවැත්විණි.
1939 අගෝස්තු මස 01 දින කොළඹ කොටුව බි්‍රස්ටල් වීදියේ අංක 41 දරන ස්ථානයෙන් ආරම්භ වී දිවයින පුරා ශාඛාවන් ව්‍යාප්ත කරමින් ඉන් නොනැවතී විදේශීය ශාඛාවන් 04ක් සහ ලන්ඩනයේ උප සමාගමක් පවත්වා ගනිමින් අද වන විට දිවයිනේ අංක එකේ බැංකු සන්නාමය බවට පත්වන්නට ලංකා බැංකුව සමත්වී ඇත.
සියලු ගම්දනව් ආවරණය කරමින් ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඇති කරමින් සහ ක්ෂුද්‍ර මූල්‍ය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයතනික ව්‍යාපාර සඳහා මූල්‍ය ශක්තියක් වෙමින් ජාතික ආර්ථික සංවර්ධනය සඳහා ලංකා බැංකුව සිය දායකත්වය නිබඳවම ලබාදෙයි.
මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න, ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ, ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරි ඩී.පී.කේ. ගුණසේකර යන මහත්වරුන්, ආයතනික සහ විධායක කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීන්, ගනුදෙනුකාර භවතුන් රැසක් සහභාගි විය.











