36 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේදී (2025) ආසියානු වෘතාන්ත චිත්‍රපට අංශයෙන් හොඳම රංගනයට හිමි සම්මානය හිමි කරගත් සිංහල සිනමාවේ රංගන විශ්වකෝෂය, මහේන්ද්‍ර පෙරේරා නැවතත් සිනමා තිරය ආක්‍රමණය කරන්න සූදානම්. ඒ, ලබන පෙබරවාරි 06 වැනිදා සිට දිගහැරෙන‘අභීත’ සිනමා නිර්මාණය හරහායි.
කොළොම්පුරයේ වීදිවල ජීවත් වන යාචකයකු වටා මේ කතා ගොඩනැගෙනවා. මින් පෙර අප නොදුටු ඒ අපූරු මෙන්ම සංවේදී මිනිසුන්ගේ ලෝකය අස්සේ, තමන්ගේ මව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් වුණු නිර්භීත පුතෙකුගේ සත්‍ය කතාවක් මෙහි දිගහැරෙනවා. ආදරය සහ සෙනෙහස වෙනුවෙන් කරන ඒ අරගලය තුළ ත්‍රාසය, කුතුහලය වගේම හාස්‍යයත් නොඅඩුව මුසු කරන්නට තම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයෙන්ම මෙහි අධ්‍යක්ෂ ශ්‍රැති ප්‍රභා සමත් වී තිබෙනවා. Sri Lanka Latest News
‘අභීත’ මුළු පවුලටම එකට හිඳ රසවිඳිය හැකි අපූරු සිනමා අත්දැකීමක් වනු නිසැකයි. ශ්‍රියානි අමරසේන, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ පබෝදා සංදීපනී, අභීත් ප්‍රකාශ්, රොඩ්නි වර්ණකුල, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මිහිර සිරිතිලක, ඉම්ෂා සෙනෙවිරත්න වැනි දක්ෂ රංගන පෞරුෂයන් රැසක් අත්වැල් බැඳගන්නා ‘අභීත’, 2026 වසරේ සිංහල සිනමාවේ සුවිශේෂී සලකුණක් වනු ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ











