• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

වසර 150ක ලංකා තේ ඉතිහාසය වෙනස් කරමින් SpectrifyAI හඳුන්වා දුන් නව තාක්ෂණයට තේ පර්යේෂණ ආයතනයේ (TRI) නිල අනුමැතිය හිමිවෙයි! Sri Lanka Latest News

January 26, 2026
in Business
Reading Time: 4 mins read
A A
වසර 150ක ලංකා තේ ඉතිහාසය වෙනස් කරමින් SpectrifyAI හඳුන්වා දුන් නව තාක්ෂණයට තේ පර්යේෂණ ආයතනයේ (TRI) නිල අනුමැතිය හිමිවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි තාක්ෂණික සමාගමක් වන SpectrifyAI විසින් තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය මැනීම සඳහා විප්ලවීය AI තාක්ෂණික වේදිකාවක් හඳුන්වා දෙනු ලැබීය. එය පසුගිය ජනවාරි මාසයේදී නිල වශයෙන් අනුමත වී ඇත. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ (TRI) නිල සහතිකය හිමි වූ මෙම නව නිපැයුම, වසර 150කට අධික ලංකා තේ ඉතිහාසය තුළ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ දැවැන්ත පෙරළියක් ලෙස සැලකිය හැකිය.Sri Lanka Latest News

සාම්ප්‍රදායික ISO ප්‍රමිතීන්ට අනුව තේවල තෙතමනය පරීක්ෂා කිරීම සඳහා අවන් එකක් (Oven) භාවිතයෙන් පැය 6ක පමණ කාලයක් ගතවන වෙහෙසකර ක්‍රියාවලියක නිරත වීමට සිදු වේ. එහෙත් SpectrifyAI විසින් හඳුන්වා දී ඇති නවීන තාක්ෂණය මඟින් තත්පර 15කට අඩු කාලයක දී 95%කට වඩා වැඩි නිවැරදිතාවයකින් එම ප්‍රතිඵල ලබා ගැනීමට මේ වන විට හැකියාව පවතී. මෙමඟින් තේ වල තෙතමනයට අමතරව, එහි ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන මුළු පොලිෆෙනෝල් (Total Polyphenols – TPP) මට්ටම සහ සමස්ත පත්‍රයේ ගුණාත්මකභාවය ද මැනිය හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම, වසර තුනක පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මෙම තාක්ෂණය මඟින් තේ දල්ලේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා වූ ගමන් මඟෙහි විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය සහතික කිරීමට ද හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳව SpectrifyAI හි ප්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් මහතා මෙසේ අදහස් දැක්වීය. “තේ පර්යේෂණ ආයතනය සමඟ වසර ගණනාවක් පුරා සිදුකළ සමීප සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස අපගේ තාක්ෂණයට අනුමැතිය හිමිවුණා. මෙමඟින් තේ නිෂ්පාදකයින්, කර්මාන්තශාලා හිමියන්, තැරැව්කරුවන් සහ අපනයනකරුවන් යන සැමට අඩු කාලයක් තුළදී විශ්වාසදායක දත්ත ලබා ගැනීමට හැකි වෙනවා. මේ හරහා අපගේ ඉලක්කය වන්නේ සාම්ප්‍රදායික සැපයුම් ක්‍රියාවලීන්වලට ඉහළ වටිනාකමක් එකතු කිරීමයි.”

කෙන්යාව වැනි රටවල් විශාල ප්‍රමාණයකින් තේ නිෂ්පාදනය කළ ද, ලාංකේය තේවල පවතින සුවිශේෂී ගුණාත්මකභාවය හේතුවෙන් ලෝකයේ ඉහළ ඉල්ලුමක් ලාංකේය තේ සඳහා පවතී. SpectrifyAI හි මෙම නවෝත්පාදනය හරහා ලාංකේය තේවල ප්‍රමිතිය තවදුරටත් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කරමින්, ඉහළ මිලක් සහ තරඟකාරීත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එම්. ඒ. බී. රණතුංග මහතා පවසන්නේ, “කළු තේ වල තෙතමනය ඉතා වේගයෙන් හා නිවැරදිව මැනීම සඳහා මෙම පහසුවෙන් අතේ ගෙන යා හැකි NIR උපාංග සතු හැකියාව අපගේ පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙනවා.” යනුවෙනි.

තේ කර්මාන්තයෙන් ආරම්භ කළ ද, SpectrifyAI සිය තාක්ෂණය කෝපි ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ද ව්‍යාප්ත කිරීමට මේ වන විටත් පර්යේෂණ මෙහෙයවමින් සිටියි. මෙය ශ්‍රී ලංකාව කලාපීය කෘෂි තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට දිරිගැන්වීමක් වනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

‘මාක්ස්වාදියෝ කියන්නේ මෝඩයෝ..!’ I Sri Lanka Latest News

Next Post

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.