මේ දවස්වල ඔමන්දි ජීවිතය පරදුවට තබා අමුතුම ගේමක් ගහන අපූරු චරිතක් නිරූපණය කරන අයුරු අපට දකින්න ලැබෙනවා. ඉතින් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඔමන්දි චාමිනී සමගයි ‘හාට්’ අපේ මේ කතාබහ.Sri Lanka Latest News
මේ දිනවල ඔබ අපූරු ගේමක් ගහනවා. ඒ ගැන කතා කළොත්?
ඒක ඉතින් නරඹලාම තමයි තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ ඔබ මේ අහන්නේ මම රඟපාන රන්ධාරා චරිතය ගැන වෙන්න ඇති. ඇත්තටම මම ගොඩක්ම ආශාවෙන් සම්බන්ධ වුණු ටෙලිනාට්‍යයක් ‘ආලේ’ ටෙලිනාට්‍යය. ඒ වගේම රන්ධාරා චරිතය. කාලෙකට පස්සේ හොඳ චරිතයක් රඟපාන්න ලැබුණා. මම මෙතෙක් රඟපාපු ටෙලිනාට්‍ය අතර වැඩිම ප්‍රේක්ෂක ආදරය හිමිවුණේ ‘ආලේ’ ටෙලිනාට්‍යයේ රන්ධාරා චරිතයට.
මෙය ඔබ තනියම ආපු ගමනක් නෙවෙයි නේද?
අනිවාර්යයෙන්ම. තනි අතින් කොහොමත් අත්පුඩි ගහන්න බෑ. ඉතින් රන්ධාරා චරිතය වෙනුවෙන් ‘ආලේ’ කණ්ඩායමෙන් ලැබුණු සහාය ගොඩක් වටිනවා. තේ හදන මල්ලිගෙ ඉඳලා මට ලැබුණු ශක්තිය නිසාමයි මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් මග තොටේදි මට හිමිවෙන්නේ.

ඒ ලබපු ප්‍රේක්ෂක ආදරය නිසාම ඔබට විදේශගත වීමට අවස්ථාවක් ලැබුණා කියලා ආරංචියි?
ඔව්. ඩුබායිවල සංවිධාන කරන අවුරුදු උත්සවයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම සමග කලා ක්ෂේත්රයේ ශිල්පීන් කිහිප දෙනකු අවුරුදු උත්සවය සඳහා සම්බන්ධ වෙනවා. මට මේ ගමනත් වෙනස්ම අත්දැකීමක් වෙයි. මහේෂ් බණ්ඩාර අයියා හරහා තමයි මටත් මේ අවස්ථාව ලැබුණේ.
ඔමන්දි සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක්ද?
අනුන්ගේ දුකට පිහිට වෙන සංවේදී කෙනෙක්. කාට හරි උදව්වක් කරලා සතුටින් ඉන්න තමයි මම උත්සාහ කරන්නේ. මොකද තව කෙනකුගේ වේදනාවක් මට දරාගන්න අමාරුයි. උණුවෙන හදවතක් මට තියෙන්නේ.
යම් කෙනකුගේ වේදනාවකට පිහිටවෙන එක හොඳ දෙයක්. හැබැයි ඔබට වැරැදුණු වාරත් ඇති?
මොකද නැත්තේ. උදව් ගත්තට පස්සේ පාරක දැක්කත් අඳුනන්නේ නෑ වගේ යන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා හරිම පරිස්සමට තමයි මම දැන් උදව් කරන්නේ.
වර්තමානයේ නිළියක් වෙන එක ඒ තරම් අසීරු කටයුත්තක් නෙවෙයි නේද?
දක්ෂතාවයි, ටැලන්ට් එකයි තියෙනවා නම් ඉතින් මොකටද කාගෙවත් පස්සෙන් යන්නේ? හැදෑරීමක් ඇතිව මේ ගමන යනවා නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ.
සමහර චරිත අපි දකිනවා ප්‍රේක්ෂකයා බලන කෝණය වැරැදියි?
අඩ නිරුවත් චරිතයක් රඟපෑවොත් ඇතැම් ප්‍රේක්ෂකයෝ හිතන්නේ ඒ චරිතය නිරූපණය කරන කෙනාගේ පෞද්ගලික ජීවිතයත් එහෙම වෙන්න ඇති කියලා. නමුත් දැන් ප්‍රේක්ෂකයන් බුද්ධිමත්. මට වුණත් එහෙම චරිතයක් රඟපාන්න කතා කළොත් චරිතය කොහොමද, මගේ ජීවිතයට ඉන් හානියක් වෙනවද කියලා බලනවා. ඒ අනුව චිත්‍රපටයට හානියක් සිදු නොවන විදියට මම රඟපානවා.
වසන්ත විතාරණගේ











