• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘පවන්සිරි’ නිසා මගේ ඇත්ත නමත් අමතක වෙලා…! වැටුණු තැන් ගොඩක් තිබුණා…! හෂාන් රත්නායක I Sri Lanka Latest News

January 24, 2026
in Heart
Reading Time: 3 mins read
A A
‘පවන්සිරි’ නිසා මගේ ඇත්ත නමත් අමතක වෙලා…! වැටුණු තැන් ගොඩක් තිබුණා…! හෂාන් රත්නායක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන ටෙලි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිහතමානී තරුණයකු අපට හමුවිය. ඔහු නමින් හෂාන් රත්නායක. ‘මායාවී‘ ටෙලිනිර්මාණයේ ‘පවන්සිරි‘ ලෙසින් කාගේත් ආදරය දිනා සිටින හෂාන්, තම කලා ජීවිතයේ අලුත් තොරතුරු අප සමග මෙසේ බෙදාගත්තේය.Sri Lanka Latest News

හෂාන්, මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
ඇත්තටම 2025 දෙසැම්බර් මාසයේ ඉඳලා මම ටිකක් කාර්යබහුල වුණා. මේ දවස්වල වැඩිපුරම කාලය වැය වෙන්නේ ‘මායාවී‘ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වෙනුවෙන්. ඒ කාර්යබහුලත්වයත් එක්ක සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවෙනවා.
අපි කතා කරමු ‘මායාවී’ නිර්මාණයට සම්බන්ධ වුණු විදිය ගැන?
මම හරිම ආසාවෙන් හිටපු චරිතයක් තමයි ‘පවන්සිරි’ කියන්නේ. සරමක් ෂර්ට් එකක් ඇඳලා ගැමි කොල්ලෙක්ගේ චරිතයක් කරන්න මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඔය අතරේ තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. විශේෂයෙන්ම නිෂ්පාදක ලලිත් වසන්ත මහත්මයා, තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයා සහ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මහත්මයා මතක් කරන්න ඕනේ. මේ තුන්දෙනාගේ තේරීමක් විදියටයි මට පවන්සිරි වෙන්න ලැබුණේ. මුලින් මම හිතුවේ නැහැ මට මේ චරිතය ලැබෙයි කියලා.

දැන් පවන්සිරි කියන්නේ කාගේත් ආදරය දිනාගත් චරිතයක්. මොකද හිතෙන්නේ ඒ ගැන?
දැන් මායාවී විකාශනය වෙන්න පටන් අරන් අවුරුද්දකට වැඩියි. ලැබෙන ප්‍රතිචාර හිතුවටත් වඩා වැඩියි. මගේ නම හෂාන් වුණාට දැන් ගොඩක් අය මට කතා කරන්නේ පවන්සිරි ‘පවන පණ’ කියලා. ඇත්තටම මගේ නම මටත් අමතක වෙලා තියෙන්නේ. ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් ඇතුළත චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට මෙතරම් සමීප වෙන්න ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මගේ සහෝදර රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගයත් මෙයට ලොකු හේතුවක්.
ඔබ කලාවට එන්නේ අහම්බෙන්ද?
ඔව්, මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ උපාධිධාරියෙක්. මුලින්ම නිරූපණ ශිල්පියෙක් විදියටයි ක්ෂේත්‍රයට ආවේ. 2018 හිරු අවුරුදු කුමරා සහ 2019 සිරස අවුරුදු කුමරා තරගවලින් මම දෙවැනි ස්ථානය දිනා ගත්තා. 2018 වර්ෂයේදී මිස්ටර් යුනයිටඩ් (ඒෂියා) තරගාවලියේ අවසන් රටවල් 10 අතරට ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ ජයග්‍රහණයවලින් පසුව මම මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණා. රංගනයට මුලින්ම පදනම වැටුණේ දෙරණ නාලිකාවේ ‘ධරණි‘ ටෙලිනාට්‍යයේ දේවින්ද කියන චරිතයෙන් තමයි ටෙලි ප්‍රේක්ෂකයා මාව මුලින්ම හඳුනා ගත්තේ.
අද තරුණ රංගන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?
කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් ඒ ගැන ලොකු ආසාවක් වගේම ගෞරවයක් තියෙන්න ඕනේ. හැමවිටම තමන් කරන නිර්මාණයෙන් ප්‍රේක්ෂකයාට වටිනාකමක් දෙන්න ඕනේ. රංගන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රයේ පැවැත්ම තියෙන්නේ ප්‍රේක්ෂක ආදරය සහ ගෞරවය මත කියලයි මම විශ්වාස කරන්නේ.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා, තාත්තා සහ මල්ලිලා දෙන්නා තමයි මගේ පවුල. මම පවුලේ වැඩිමලා. මම පොඩි කාලේ ඉඳන් හැදුණේ අම්මගේ අක්කා (ලොකු අම්මා) එක්ක. එයා මම කලාවට එනවා දකින්න ගොඩක් ආසාවෙන් හිටියා. පවුලේ හැමෝගෙන්ම මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා.
ක්ෂේත්‍රයට ආපු ගමන ගැන ආපහු හැරිලා බැලුවොත්?
මම ආවේ හෙමින් ගමනක්. මේ ගමන ඇතුළේ මම ඕනෑ තරම් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. සමහර තැන්වල වැටෙන්න ගිය අවස්ථා තිබුණා. ඒත් අපි ආස කරන දේ අත්නොහැර කළොත් අත්දැකීම් එක්ක ඉදිරියට යන්න පුළුවන්. මම හැමදාමත් හෙමින් ගමනක් යන්න කැමැති කෙනෙක්.
ඉදිරි නිර්මාණ ගැනත් මතක් කරමු?
මට අභියෝගයක් වෙන චරිත භාරගන්න මම කැමැතියි. මගේ උපරිමය දෙන්න පුළුවන් චරිතවලට පණ පොවන්න ලොකු ආසාවක් තියෙනවා. දැනටමත් අලුත් නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා, ඒවා ඉදිරියේදී විකාශය වෙයි. ඒ වගේම සිනමාවටත් ආරාධනා ලැබුණා. දැනට සිනමා නිර්මාණ දෙකක වැඩ ආරම්භ කරලා තියෙන්නේ. ටෙලි නාට්‍ය වගේම සිනමාවත් සමබරව කරගෙන යෑමයි මගේ බලාපොරොත්තුව.

හිමාෂා නෙත්මිණි

SendShareShare
Previous Post

ලංකාවේ හොඳම මියුසික් ක්ලාස් එක කියන්නේ මගේ හීනයක්….! මම පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්…! ප්‍රසිද්ධියයි ජනප්‍රියත්වයයි කියන්නේ අහසයි පොළොවයි වගේ…! මහේෂා සඳමාලි I Sri Lanka Latest News

Next Post

මට දරාගන්න අමාරුයි…! ටැලන්ට් එක තියෙනවා නම් මොකටද කාගෙවත් පස්සෙන් යන්නේ? උදව් ගත්තට පස්සේ දැක්කත් හඳුනන්නේ නෑ වගේ යන අයත් ඉන්නවා…! දැන් ලව් එකට අවුරුදු හතයි…! ඔමන්දි චාමිනී I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.