• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ආර්ථිකය බිමටම වැටී චීන හීන කුඩුපට්ටම්

August 10, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ආර්ථිකය බිමටම වැටී චීන හීන කුඩුපට්ටම්

Chinese Vice President Xi Jinping (C) kicks a Gaelic football as he visits at Croke Park in Dublin, Ireland on February 19, 2012. Xi Jinping, China's leader-in-waiting, arrived on February 18 for a three-day visit to Ireland, nine years after he first visited the country. Xi will hold talks with Prime Minister Enda Kenny and attend an Ireland-China trade forum in Dublin involving about 300 companies. AFP PHOTO/ PETER MUHLY (Photo credit should read PETER MUHLY/AFP/Getty Images)

Share on WhatsAppShare on Facebook

චීනය එක් දහස් නම සිය අනූවේ (1990) සිට ප්‍රථම වතාවට මේ වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිත ඉලක්කය මෙපමණකැයි යන්න වාර්ෂික ජාතික මහජන කොංග්‍රසයේදී නිවේදනය කළේ නැත. චීනයේ ආර්ථිකය මේ වසරේ (2020) පළමු කාර්තුවේදී සියයට හයයි දශම අටකින් (6.8%) පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශය පසුගිය අප්‍රේල් දාහත් (17) වැනිදා ප්‍රකාශ කෙළේය. තම රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවක් එක් දහස් නමසිය හැත්තෑ හයේ සිට (1976) මේ වනතුරුම චීනය ප්‍රකාශ කර නැත. මේ එසේ කළ පළමු අවස්ථාවයි. අඩසිය වසක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව නොවැටී ආ ආර්ථිකයේ වර්ධනය දැන් මරණ මංචකයට ළඟාවී ඇත. චීනය විසින්ම ලෝකයට අනුකම්පා විරහිතව කොරෝනා මාරයා මුදාහැර ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට මරණය අත්කර දීමේ මහා පාප කර්මයේ මේ විපාකයද? හරිද? වැරදිද?
කොරෝනා වෛරසය පැතිරෙන්නට පෙර සොලවන්නටවත් බැරිව ලෝකයේ දෙවැනි තැනට තිබූ ලොකුම ආර්ථකය කොරා්නාවෙන් පසුව පිරිහෙන්නට පටන් ගෙන තිබේ. අතිසුන්දර අති චමත්කාර විචිත්‍ර පාලන ක්‍රමයක් බවට මවා පෙන්වූ චීන කොමියුනිස්ට් පාලන ක්‍රමය මැද කුණුවී පණුවන් ගැසූ වට්ටක්කා ගෙඩියක් බවට දැන් ලෝකයා හඳුනාගෙන තිබේ. චීනයේ අනභිභවනීය සුපිරි ආර්ථික බලාත්මක ප්‍රතිරූපය යනු හුදු මුළාවක් රැවටිල්ලක් බව ඇස් පනාපිට සනාථ වී තිබේ.
චීන ආර්ථික වර්ධනය යනු චීනයම මුළාවූ වැරදි මාවතකි. එය වර්ෂා අවස්ථාවක මතුවූ දිය බුබුළක් වැන්න. දැන් ඒ දිය බුබුළ පිපිරී යාමට ආසන්නය. දෙදහස් තුනේ (2003) සිට චමත්කාරජනක මනබඳින අඛණ්ඩ වර්ධනයක් දැක්වූ චීන ආර්ථිකය ඉහළම අගයක් දැක්වූ දෙදහස් හතේ (2007) දී සියයට දාහතරයි දශම දෙකක් (14.2%) වූවේය. ඉන්පසු එය අවරෝහණ තත්ත්වයට හෙවත් පල්ලම් බහින තත්ත්වයට පත්වුණේය. දෙදහස් දහඅටේදී ඒ මට්ටම සියයට හයයි දශම හයකි (6.6%). දෙදහස් දහ නමයේදී (2019) සියයට හයයි දශම එකකි. (6.1%) එය එක් දහස් නමසිය අනූවේ (1990) සිට වාර්තා වූ පහළම තලය වූවේය.
මේ වැටීමට ප්‍රධාන හේතුව අවුරුදු ගණනාවක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට ගොඩ නැගෙමින් පැමිණි ව්‍යුහාත්මක දෝෂය. අධි ආයෝජන, ඉහළ ණය මට්ටම, කාර්මික නිෂ්පාදන පහළ මට්ටමකට වැටීම ඒවා අතර ප්‍රබල හේතුකාරක විය.
එක් දහස් නමසිය අනූව දශකයේ (1990) සහ දෙදහසේ (2000)මුල් කාලවකවානුවේදී චීනය අවශ්‍යතා මතුවූ ඉදිකිරීම් කර්මාන්තයට බැස්සේය. තරගකාරී නිෂ්පාදන සඳහා කර්මාන්ත ශාලා බිම්මල් (හතු) පිපෙන්නාක් මෙන් හැදුණේය. හැතැප්ම ගණන් පාලම්, එකිනෙක නගර සම්බන්ධ කරනු වස් ඒ අන්දමේම සැතපුම් ගණන් දිග මංමාවත් ඉදිකෙරුණේය. මේ සඳහා කළ ආයෝජනවලින් රටේ මජනයාට ආදායමක් උපයා ගත හැකි අන්දමේ රැකියා අවස්ථා මෙන්ම රටේ නිෂ්පාදන කටයුතු විදාරණය වීමේ මාර්ගද ඇතිවූ බව සැබැවි. එතකුදු වුවත් චීනය තවමත් ඒ මාර්ගයේම වැරදි අන්දමින් ගමන් ගනියි. මන්ද මංමාවත් පාලම් ආදිය ඉදිකළාට ඒ හා සමාන වියදමකට අත්වන නිෂ්පාදනයක් නැත. ඒ නිසා පසුගිය දශකයේ චීනයේ නිෂ්පාදන සෑහෙන නොව නෙසෑහෙන අන්දමින් පහළ වැටී තිබේ.
ඔන්න ඔය කියන අන්දමේ යටිතල පහසුකම් සඳහා නිෂ්ඵල ආයෝජන කරන චීනය ඒහා සමානවම කර්මාන්ත සහ පාරිභෝගික කටයුතු සඳහාද පවත්නා ණය කන්ද ගැන නොසලකා වැය කරයි. මේ වන විට චීනයට මහ පට්ට ණය තොගයක් ගෙවීමට තිබේ. දෙදහස් දහ නමය වන විට චීනයේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ටි්‍රලියන හතළිහක් හෙවත් කෝටි හතළිස්දාහ (4,00,00,00,00,000) ඉක්මවා තිබේ. ලෝකයේ වෙනත් රටවල් ණය උගුලට අල්ලා ගත් චීනය දැන් තමන් වැටී සිටින ණය උගුලෙන් ගැලවෙන මං සොයයි. අනුන්ට කපන වළේ තමන්ම වැටුණු බව කියන්නේ ඔන්න ඕකටය.
චීනා ඔය ණය ගෙවන්නේ කෙසේද? ඒ සඳහා ඥානාන්විත උපායමාර්ගය ණය කන්ද ගොඩ ගැහෙන ආයෝජන ණයවලින් සහ පරිභෝජන ණය වලින් දුරස්වීමය. එහෙත් ඒ දෙක කීමද පහසු නොවේ. විරැකියාව සහ චීන්නු භාණ්ඩ මිලදී ගැනීමේ මට්ටම අවම කර ඇති බැවිනි.
රටේ ආර්ථිකය පහළ වැටෙන්න වැටෙන්න බොහෝ කර්මාන්ත සහ ව්‍යාපාර වැසීගොස් තිබේ. එමගින් විරැකියාව ඉහළ ගොස් තිබේ. දෙදහස් දහ නමයේ (2019) මුල් අවදියේ විරැකියාව සියයට පහයි දශම තුනකි (5.3%). කොරෝනා වසංගතයෙන් පසුව එය ඓතිහාසක මට්ටමකට ඉහළ ගොස් ඇත්තේ රටේ ආණ්ඩුවට මුඛවාඩම් බඳිමිනි. කර්මාන්ත ශාලා සහ මහා පරිමාණයේ සේම සුළු පරිමාණයේ ද ව්‍යාපාර වැසී යාමෙන් වැටුප් මට්ටම ඉතාම පහළ මට්ටමකට අවතීරණ වීමටද හේතු වී ඇත.
චීන දේශීය වෙළෙඳපොළේ භාණ්ඩ අලෙවියද නොහිතූ විරූ අන්දමින් පහළ බැස තිබේ. උදාහරණයක් ලෙස වාහන (විශේෂයන් මොටෝ රථ) අලෙවියෙන් රටේ ආර්ථිකයෙන් සියයට පහක් (5%) තරම්ය. දෙදහස් දහඅටේ (2018) සිට ඒ තත්ත්වය වෙනස් වෙමින් ඇත.
මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් එකසිය හතළිහකටත් (140) අඩු මට්ටමේ ජීවත් වෙන කෝටි හැටකටත් (60,00,00,000) අධික පිරිසක් චීනයේ සිටින බව අගමැති ලි කෙකියෑං පසුගියදා (මැයි 28) ප්‍රකාශ කෙළේය. වැඩිදුරටත් ඒ පිළිබඳව අගමැතිවරයා ප්‍රකාශ කළේ ඒ මුදල නගරයේ ජීවත්වෙන කෙනකුට අඩු තරමින් ගෙවල් කුලිය හෝ ගෙවා ගැනීමට ප්‍රමාණවත් නැති බවය. ඇත්ත වශයෙන්ම සත්‍ය තත්ත්වය ඊටත් වඩා දරුණුය.
චීනයේ ප්‍රජා විදා්යාඥයෝ රටේ පවත්නා ආර්ථික වර්ධනය ගැන එතරම් ප්‍රසන්නතාවෙන් අදහස් නොදක්වති. ඔවුන් පවසන්නේ චීනය මහලු වන බවය. රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩිවන බවය. එන්න එන්නම ශ්‍රම බළකාය (වැඩ කරන පිරිස) අඩුවෙන බවය.
එක පවුලකට එක දරුවෙකි යන නීතිය චීනය එක්දහස්නමසිය හැත්තෑනමයේදී (1979) ගෙනාවේය. දෙදහස් පනහ (2050) වන විට විශ්‍රාමික සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් සියයට හතළිහක් (40) බවට ගණන් බලා තිබේ.
වාර්ෂික දළ දේශීය නිෂ්පාදන ඉලක්කය රටේ ආර්ථිකයේ දිසානතිය දක්වන මාලිමාවයි. මේ වසරේ එවන් ඉලක්කයක් ප්‍රකාශ නොකිරීම යනු වර්තමාන ආර්ථිකය කවර තැනක පවත්නේදැයි යන්න ගැන පෙන්වන ඉඟියකි. එමතුද නොව එම ඉඟිය චීනය ගතවූ දශකයක තරම් කාලය තුළ මුහුණ දුන් අභියෝගය පිළිබඳව කඩතුරා හැරීමකි. චීන ආණ්ඩුවේ ද පොරොන්දුව (නීතිමය වගකීම) මහජනතාවට ගුණාත්මක ජීවිතයක්, රැකියාවක්, ස්ථිරභාවයක් සැලසීම වේ. මේ වසර (2020) චීන නායක ෂී ජිංපිංගේ ‘චීන සිහිනය’ පිළිබඳ වර්ෂයය. ඔහු නිරාවරණය කළ සැලැස්ම සමස්ත චීනයේ දිළිඳුකම තුරන් කිරීමයි. සමස්ත ප්‍රජාවගේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය වර්ධනය කිරීමයි.
එහෙත් මේ වන විට ඒ සිහිනය බොඳවී ඇතිවා නොවේ. සුන්නද්දූවිලි වී ගොස් ඇති සෙයකි. එසේ වී ඇත්තේ ෂී ජිං පිංට පමණක් නොවේ. ෂී ජිං පිං කෙරෙහි සහ ඔහුගේ පාලනය කෙරෙහිද දැඩි විශ්වාසය තැබූ කෝටි සංඛ්‍යාත ජනතාවගේ සිහිනද, සැලසුම්ද දැන් මුහුදු වෙරළේ තැනූ වැලි මාලිගා සේ වී ඇත.
චිනය ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් පැමිණි කාල පරිච්ඡේදය වසර ගණනාවකි. දශලක්‍ෂ ගණනින් වූ චීන දරුවන්ට සිය මාපියන් භුක්ති වින්ද කිසියම් ප්‍රමාණයක සමෘද්ධිය අහිමිවීමේ ලකුණු පහළ වී තිබේ. තමන්ගේ තම රටේ සමාජ ස්ථාවරභාවය කොහිදැයි යන ප්‍රශ්නය අසමින් රටේ නායක ෂී ජිං පිංට අභියෝග කිරීමේ කාලය උදාවී ඇතැයි චීන මහජනතාවට සිහිපත් කර දිය යුතුව ඇත.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

එජාප නායකත්ව සටනට කරුත් එයි

Next Post

අලුත් මන්ත්‍රීවරු එක්ක කොරෝනා මාරයා 20 වැනිදා පාර්ලිමේන්තුවටත් රිංගයිද?

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.