එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සදහා දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටින 80 වියැති කරු ජයසූරිය මහතාගේ නම යෝජනා කිරීමට එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මෙම පිරිස කරු ජයසූරිය මහතා සමග පසුගිය දින කිහිපයේදී සාකච්ජා කොට ඇති බවද දැනගන්නට ඇත.
ඒ සදහා කරු ජයසූරිය මහතාගේ එකගතාවද පළවී ඇති බව පැවසේ.
මෙම යෝජනාව අද දින එජාපයේ පැවැත්වෙන රැස්වීමට ඉදිරිපත් කිරීමට මෙම පිරිස සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.
අවසන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළ කරු ජයසූරිය මහතා තමන් දේශාපලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කරමින් මෙවර මහමැතිවරණයට කිසිදු පාර්ශ්වයකින් ඉදිරිපත් නොවීමට පියවර ගෙන තිබිණ.










