• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අලුත් මන්ත්‍රීවරු එක්ක කොරෝනා මාරයා 20 වැනිදා පාර්ලිමේන්තුවටත් රිංගයිද?

August 10, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
අලුත් මන්ත්‍රීවරු එක්ක කොරෝනා මාරයා 20 වැනිදා පාර්ලිමේන්තුවටත් රිංගයිද?
Share on WhatsAppShare on Facebook

මාස ගණනක් පුරා ඇදී ගිය මැතිවරණ උණුසුම පසුගිය 05 වැනිදා අවසන් වීමත් සමඟ මේ වන විට හැම දෙනාගේම අවධානය යොමු වී ඇත්තේ අභිනව පාර්ලිමේන්තුව කෙරෙහිය. මැතිවරණය ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ලබන 10 වැනිදා වන විට ගැසට් කර අවසන් කළ හැකි වෙතැයි යන්න මැතිවරණ කොමිසමේ බලාපොරොත්තුව වී ඇත. එමෙන්ම අභිනව පාර්ලිමේන්තුව එළැඹෙන අගෝස්තු 20 වැනිදා රැස්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා නිවේදනය කළේය.
කොරෝනා අවදානම හේතුවෙන් මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ අන් කවරදාටත් වඩා සුවිශේෂී ආකාරයකටය. එබැවින් ඒ සඳහා වියදම් කළ මුදලද වෙනදාට වඩා බෙහෙවින් වැඩි විය. කොරෝනා අවදානම ලෝකයේ බොහෝ රටවලට තවමත් දැනෙමින් තිබෙන පසුබිමක මීළඟ පාර්ලිමේන්තුව රැස් කිරීමද කළ යුතුව ඇත්තේ වෙනදාට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය.
අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය ප්‍රකාශ කිරීමට පෙර සිටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් කටයුතු කර තිබිණි. එහිදී ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ කොරෝනා අවදානම මැද පාර්ලිමේන්තුව රැස් කෙරෙන බි්‍රතාන්‍ය, කැනඩා සහ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව කෙරෙහිය. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු බලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව රැස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සඳහා විශේෂ නියෝජිතයකු පත් කිරීමට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රධානීන් කටයුතු කර තිබිණි. ඒ අනුව එම විශේෂ නිලධාරියා ලෙස පත් කළ ඇන්ඩෲ කෝල්මන් මහතා පසුගිය දින කිහිපය පුරාම මෙරට පාර්ලිමේන්තු බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
එම සාකච්ඡාවලදී ලත් උපදෙස් අනුව අභිනව පාර්ලිමේන්තුව රැස් කළ යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් නව නීති රීති මාලාවක් සම්පාදනය කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මේ වන විට සමත් වී ඇත.
ඒ අනුව එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම සහභාගිත්වයෙන් නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. කැනඩා සහ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සියලුම මන්ත්‍රීවරුන් කැඳවීම තවමත් සිදු නොකෙරන නමුත් සෞඛ්‍යාරක්ෂිතව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම රැස් කළ හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය ලබා දී ඇත. එමෙන්ම බටහිර රටවල පාර්ලිමේන්තු මෙන් මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ඔන්ලයින් තාක්ෂණය හරහා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේදී තවමත් ප්‍රායෝගික නොවන බවද බලධාරීන්ගේ මතය වී ඇත.
සුපුරුදු පරිදි අසුන් ගත්තද, සෑම මන්ත්‍රීවරයකුම පාර්ලිමේන්තුව තුළ මුව ආවරණය පැලඳීම අනිවාර්ය කටයුත්තක් බවට පත් කර ඇත. එමෙන්ම හැන්සාඞ් වාර්තා ඇතුළු අනෙක් වාර්තා වෙනදා මෙන් පත්‍රිකා හරහා නොව හැකිතාක් ඔන්ලයින් තාක්ෂණය හරහා මන්ත්‍රීවරුන් වෙත ලබා දීමටද මේ වන විට තීරණය කර ඇත.
225 රැස් කිරීමට තීරණය කිරීමත් සමඟ සභා ගර්භයේ අසුන්ගතව සිටිමේදී මීටරයක පරතරය තබා ගැනීම ප්‍රායෝගිකව සිදු කළ හැකි කරුණක් නොවෙතත්, අනෙක් සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ එකිනෙකා අතර මීටරයක පරතරය තබා ගැනීමට මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතුය. මන්ත්‍රී ආලින්දය, පුස්තකාලය, ආපනශාලාව ඇතුළු සෑම ස්ථානයකටම එම නීතිය එකසේ අදාළ බව නව නීති රීති මාලාවේ පැහැදිලිව සඳහන්ව ඇත. එමෙන්ම අතට අත දීම සහ සිප වැලඳ ගැනීමද සියලු මන්ත්‍රීවරුන්ට තහනම් කර ඇත.
ඊට අමතරව මන්ත්‍රී පිවිසුම, කාර්ය මණ්ඩල පිවිසුම සහ ආරාධිත අමුත්තන්ගේ පිවිසුම යන සෑම පිවිසුමකම දෑත් සේදීමේ උපකරණ සහ සැනිටයිසර් යෙදවීමට බලධාරීන් කටයුතු කර ඇත. එමෙන්ම වෙනදා මෙන් මෙවර පාර්ලිමේන්තුව වෙත ආරාධිත අමුත්තන්ට පැමිණීමේ හැකියාවක් නොලැබෙන අතර පළමු දිනයේදී එක් මන්ත්‍රීවරයකුට තම සමීපතමයන් දෙදෙනකු පමණක් ගෙන්වා ගැනීමට අවසර ලබා දී ඇත. පාර්ලිමේන්තු සභා ගර්භයේ මීටරයක පරතරය නොමැතිව අසුන් පනවා තිබුණද, පාර්ලිමේන්තු ගැලරියේ අසුන් පනවා ඇත්තේ මීටරයේ පරතරය සහිතව වීමද විශේෂත්වයකි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීමටත් පෙර සිටම බොහෝ දෙනකුගේ මතය වී තිබුණේ ඊළඟ පාර්ලිමේන්තුව සඳහා හැකිතාක් නවක මන්ත්‍රීවරුන් පත් කර යැවිය යුතු බවය. මෙම සටහන ලියැවෙන්නේ මනාප ප්‍රතිඵල නිකුත් වීමට පෙර බැවින් ජනතාවගේ එම තීරණය එලෙසින්ම ක්‍රියාත්මක කර ඇද්දැයි පැවසීමේ හැකියාවක් නැත. නමුත් මීළඟ පාර්ලිමේන්තුව සඳහා අලුතෙන් පත්වන මන්ත්‍රීවරුන්ගේ ලියාපදිංචිය මෙවර සිදු වන්නේද අලුත්ම ආකාරයටය. ඒ කොරෝනා අවදානම මත නවක මන්ත්‍රීවරුන්ගේ ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමය හරහා සිදු කිරීමට බලධාරීන් තීරණය කිරීමත් සමඟය. ඒ ආකාරයෙන් නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකාවේදී සිදු කෙරෙන පළමු අවස්ථාව වන්නේද මෙයය.
මේ සියල්ලට අමතරව පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පූර්ණයෙන් විෂබීජහරණය කිරීමද පසුගියදා සිදුවූ අතර ලබන 20 වැනිදාට පෙර නැවත වරක් එය විෂබීජහරණයට ලක් කිරීමටද නියමිතව ඇත. නැවුම් ආරකට පැවැති මැතිවරණයකින් පත්වන මන්ත්‍රීවරුන්ගේ පළමු පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන්නේද නැවුම්ම ආකාරයටය. එබැවින් එම නැවුම් පාර්ලිමේන්තුව හරහා ගනු ලබන තීන්දු තීරණද රටේ අනාගතයට යහපත් ආකාරයෙන් බලපාන නැවුම් ඒවා වනු ඇතැයි යන්න ජනතාවගේ පාර්ශ්වයේ සිටින අපේ බලාපොරොත්තුව වන බවද පැවසිය යුතුය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආර්ථිකය බිමටම වැටී චීන හීන කුඩුපට්ටම්

Next Post

කැබිනට් දිව්රුමෙන් පසු රජගෙදර රජකෑමක්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.