• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

යෂ් එක්ක බෙඩ් සීන් එකක ඉන්න වෙන එක ගැන ඇහුවාම මම තිගැස්සුණා…! අයින් කරන්න බැරිද ඇහුවා…! ටිකක් කල් බලාගෙන ඉන්න වුණා…! රිජෙක්ට් කරන්න තරම් මම මහා ලොකු නිළියක් නෙවෙයි…! සුහන්දි උපෙත්මා! Sri Lanka Latest News

January 11, 2026
in Heart
Reading Time: 3 mins read
A A
යෂ් එක්ක බෙඩ් සීන් එකක ඉන්න වෙන එක ගැන ඇහුවාම මම තිගැස්සුණා…! අයින් කරන්න බැරිද ඇහුවා…! ටිකක් කල් බලාගෙන ඉන්න වුණා…! රිජෙක්ට් කරන්න තරම් මම මහා ලොකු නිළියක් නෙවෙයි…! සුහන්දි උපෙත්මා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ටෙලි සිනමාවේ මේ දවස්වල කා අතරත් කතාබහට ලක්වෙලා ඉන්න සුරංගනාවියක් වගේ නිළි කෙල්ලක් ගැනයි මේ ලියන්න ලකලැහැස්ති වෙන්නේ. ඈ සුහන්දි මොසදි උපෙත්මා. කලා ලොවේ කවුරුත් ඇයව අමතන්නේ සුහන්දි කියලයි. මේ දවස්වල සුහන්දි ගැන හැමෝම වගේ කතා කරන්නේ ‘ආලේ’ ටෙලිනාට්‍යය කා අතරත් ජනප්‍රිය නිසයි. ‘හේලි’ ලෙස සුහන්දි රඟන චරිත නිරූපණය ගැනත් තව තව අලුත් වංහුං ගැනත් කතාකරන්න අපි ඇයව විනාඩි ගණනකට ‘මව්රට’ ‘හාට්’ ටැබ්ලොයිඩ් එක වෙනුවෙන් කොටුකර ගත්තා.

සුබම සුබ අලුත් අවුරුද්දක් එක්ක ආයුබෝවන් කියලා කිව්වා සුහන්දි ඔන්න…
ඔයාලා හැමෝටමත් ඒ විදියටම ප්‍රාර්ථනා කරනවා මමත්.
කොහොමද ඉතින් නව වසරේ අලුත් තොරතුරු?
සුපුරුදු විදියට කලා කටයුතුවල නියැළෙනවා. අලුත් ටෙලි නිර්මාණ සඳහා ආරාධනා ලැබෙමින් තියෙනවා. ඕවා තමයි ඉතින් අලුත් තොරතුරු.
ඔබ රඟපෑ චිත්‍රපටයක් මේ වසරේ තිරගත වීමට නියමිතයි?
ඔව්. මම පළමුවරට රඟපෑ ‘සුරදෙටුවෝ’ චිත්‍රපටය මේ වසරේ තිරගත වීමට නියමිතව තිබෙනවා.
ඒ ගැන තොරතුරු ටිකක් කියමුද සුහන්දි?
වැඩිදුර තොරතුරු කතා කරන එක හොඳ මදියි කියලයි මම හිතන්නේ. අනේ අමනාප වෙන්න එපා. ‘සුරදෙටුවෝ’ චිත්‍රපටය කලඑළියට එනතුරු ඒ ගැන කතා නොකර ඉමු කියන එක තමයි ප්‍රඩක්ෂන් එකේ තීරණය වුණේ. ඒ නිසා චැට් ෂෝ එකකට ගියත් ඒ ගැන කතා කරන්නේ නැහැ මම.
ඒකට කමක් නැහැ. එහෙනම් අලුතෙන් තව චිත්‍රපටයකට ගිවිසුම් අස්සන් කරන්න යන ආරංචිය ඇත්තද කියන්නකෝ?
ඔව්. තවත් චිත්‍රපටයකට ඇරයුම් ලැබිලා තියෙනවා. ගිවිසුම් අස්සන් කරන සූදානමක ඉන්නවා. හැබැයි ඒ ගැන වැඩි විස්තරයක් තවම කියන්න අපහසුයි.
චිත්‍රපටයක රඟපාන්න ඔයා ලොකු කැමැත්තකින් හිටියා නේද?
සත්තකින්ම ඔව්. ඒක මගේ හීනයක් වෙලා තිබුණා. ටෙලි සිනමාවට එන හුඟක් නළු නිළියන්ගේ ලොකුම හීනයක් තමයි චිත්‍රපටයක රඟපාන එක. මටත් ඒක එහෙමම තිබුණා.
ඒ හීනේ හිතුවට වඩා ඉක්මනින් සැබෑ වුණා?
එහෙමමත් කියන්න බෑ. ටිකක් කල් බලාගෙන ඉන්න වුණා. ඒත් ඉතින් ආරාධනාව ආපු වෙලාවෙ පුදුමයක් දැනුණා තමයි. මොකද මම හිතාගෙන හිටියේ මට තව කල් බලාගෙන ඉන්න වෙයි කියලයි.


හිතුවට වඩා හැම දෙයක්ම සුහන්දිට ලැබුණු අවස්ථා වැඩියි?
එහෙම වෙන්න ඇති සමහර විට. ටෙලි සිනමාවට මම ඇවිදින් අවුරුදු දෙකයි. ඒ අවුරුදු දෙකට ටෙලි නිර්මාණ දහතුනක් කරලා තියෙනවා. ඇත්තටම ඒ ගැන අහිංසක ආඩම්බරයක් එක්ක සතුටක් දැනෙනවා.
ඒ අතර රිජෙක්ට් කරපු ටෙලි ඩ්‍රාමා තියෙනවා කියලත් ආරංචියි?
මෙහෙමයි. ටෙලි ඩ්‍රාමා රිජෙක්ට් කරන්න තරම් මම මහා ලොකු නිළියක් නෙවෙයි. ටෙලි ඩ්‍රාමා රිජෙක්ට් කරන්නේ හැම දේම ඕනෑවට වඩා බදාගත්තම එකක්වත් හරියට කෙරෙන්නේ නැති හින්දයි. ඒ නිසා ටිකක් හිතලා මතලා වැඩ ටික රිලැක්ස් එකේ බැලන්ස් කරගන්න පුළුවන් විදියටයි චරිත භාරගන්නේ.
ටෙලි ඩ්‍රාමා කිහිපයක් කරනවට වැඩිය හැමෝටම මතක හිටින හැමෝගෙම හිතට දැනෙන එකම එක චරිතයක් කරන්න මම හුඟක් ආසයි.
‘ආලේ’ ටෙලියේ අහිංසක හේලිගේ චරිතය තුළින් ඔයා ඒ ආසාව ඉටුකරගෙන හමාරයි සුහන්දි?
අවංකවම කියනවා නම් මටවත් හිතාගන්න බැරි තරමට ආලේ ටෙලි ඩ්‍රාමා එකට ප්‍රතිචාර ලැබෙන්න අරගෙන තියෙන්නේ පුදුමාකාර විදියටයි. විශේෂයෙන්ම තරුණ ගැහැනු ළමයි මං එක්ක හේලිගේ චරිතය හරහා හුඟක් සමීප වෙලා.
ආලේ හැම කොටසකම පාහේ විකාශයෙන් පස්සේ ඔවුන් මට මැසේජ් කරනවා. මං එක්ක චැට් කරනවා. සමහර අම්මලා පවා ආලේ ගැන කතා වෙනවා. මෙතෙක් කතා නොකරපු, කතා කරන්න උත්සාහ නොකරපු, හැබැයි කතා කළයුතු අද සමාජයේ තියෙන හොඳම කතා තේමාවක් ගැන ආලේ හරහා ප්‍රසිද්ධියේ කතාකරන එක ගැන බොහෝ දෙනා ඉන්නේ හොඳ මතයකයි.
තිර පිටපත අතට ගනිද්දි යෂ් සමග හෝටල් කාමරයක ඉන්න දර්ශනය ගැන සුහන්දි තිගැස්සුණාලු?
ඔව්. ඇත්තටම මම තිගැස්සුණා. තරමක් අවුල් වුණා. හෝටල් කාමරයක ඇඳක ඉන්න දර්ශනයක් අවශ්‍යමද කියලා හිතුණා. පස්සේ මම අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක අයියට කතා කළා. මේ සීන් එක අවශ්‍යමද, අයින් කරන්න බැරිද ඇහුවා. ඉන් පස්සේ ඉන්දික අයියා කිව්වා ඒ සීන් එක අයින් කළොත් ‘ආලේ’ ටෙලිය වැඩක් නැහැ කියලා. ඔහු කිව්වා කතාවේ කේන්ද්‍රස්ථානය ඒකයි කියලා. එතැනින් තමයි කතාවේ ආරම්භයට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ කියලා. හේලිගේ තාත්තා අයියා ඈ ගැන බිඳවැටෙන්නේ, හේලිව බ්ලැක් මේල් කරන හතුරාට අවශ්‍ය තුරුම්පුව ලැබෙන්නේ මේ සීන් එක හරහා කිව්වා. ලොකු හානියක් නොවන විදියට ඒ සීන් එක කලාත්මකව කරමු කියලා ඔහු කිව්වම තමයි මගේ හිත හැදුණේ.
ප්‍රේක්ෂකයන් ඔබට දොස් නැගුවද එවැනි දර්ශනයක පෙනීසිටියා කියලා?
කවුරුත් එහෙම දොසක් කිව්වේ නැහැ. හැමෝගෙම ප්‍රතිචාර ලැබුණේ අද සමාජය තුළ තරුණ ගැහැනු ළමයි මැදිවන ලොකුම ව්‍යසනයක් ගැන කතාකරන්න ‘ආලේ’ සමග එක්වෙච්ච එක ගැන ප්‍රශංසා කරලයි.
ඒ වගේම ඉන්දික අයියා කිව්වා වගේම ඒ දර්ශනය ඕනෑවට වඩා ඉලිප්පෙන විදියට කළේ නැහැ. හේලිව බ්ලැක් මේල් කරන සීන් පවා කළු සුදු ආකාරයට සීසීටීවී කැමරාවක ක්ලෝස්-අප් නොවන විදියටයි සටහන් වෙන්නේ.
යෂ්ගෙනුත් ඒ දර්ශන සඳහා අවැසි සහයෝගය ඔබට නොමඳව ලැබුණා?
අනිවාර්යයෙන්ම ඔව්. යෂ් විතරක් නෙවෙයි අපේ කෲ එකේ හැමෝම ලොකු සහයෝගයක් දුන්නා හේලිගේ චරිතය කරන්න.
‘ආලේ’ කියන්නේ හේලි විතරක් නෙවෙයි තව බොහෝ කතා එහි තියෙනවා.
හේලිගේ අයියා තමන්ගේ නංගිව විතරක් පරිස්සම් කරලා වෙනත් ගැහැනු ළමයින්ගේ ජීවිත විනාශ කරනවා. හේලිගේ තාත්තාගේ පරණ ප්‍රේමය. ගැහැනු ළමයින්ගේ පෞද්ගලිකත්වය එක්ක අමානුෂික විදියට සෙල්ලම් කරන නරුම බ්ලැක්මේල්කාරයො ගැන හරි අපූරුවට ‘ආලේ’ හරහා ගලා යනවා.
අනෙක ආලේ කතාවේ කියන තවත් විශේෂයක් වන්නේ හේලි තමන් කළ වරද ගැන පසුතැවෙන එක සහ නාට්‍ය පුරාම ගැහැනු දරුවෙක් ඉගෙන ගන්න වයසෙදි ඒ විදියට තමන්ගේ පෙම්වතා එක්ක කාමරයක තනිවෙන එක වැරැදියි කියන කාරණය පුන පුනා කියන ආකාරයයි. සමහර විට ‘ආලේ’ මේ තරම් ජනප්‍රිය වුණෙත් කතාව හොඳ නරක සියල්ල සමග එහෙම බැලන්ස් වුණු නිසා වෙන්න ඇති.
බොහෝ විට ‘ආලේ’ කියන්නේ ඔබේ හැරවුම් ලක්ෂ්‍යයයි?
ඔව්. ආලේ කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි.
හෙට දවස ගැන යමක් කියමු නේද?
චරිතාංග නිළියක් ලෙස කාටත් මතක හිටින චරිත රඟපාන පිපාසයක මම ඉන්නවා. ඒ පිපාසය සංසිඳවා ගැනීමේ බලාපොරොත්තුව ඉටුවන තුරු මම හෙමින් ගමනක යෙදෙනවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

කවදා හරි කලා ක්ෂේත්‍රයේ හොඳ සලකුණක් තියනවා! තවම මගේ ඉලක්කෙට ගියේ නැහැ…! ඒක මට කවදාවත් අමතක කරන්න බැරි අත්දැකීමක්…! නේහා බාලසූරිය I Sri Lanka Latest News

Next Post

විකෘති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙවියන් ඉස්සරහට යයි! අම්මලා කතරගම දෙවියන් ඉදිරියේ පොල් ගසා කන්නලව් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.