• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලතාගේ සිහිනය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

January 3, 2026
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
සජිත් සමග යූඑන්පී ප්‍රබලයෝ තීරණාත්මක හමුවක! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජේ.ආර්. එවක ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ආරාධනයක් මත ඇමෙරිකාවේ ධවල මන්දිරයට රාජ්‍ය සංචාරයක් යෑමට පෙර ජේ.ආර්.ට ඇමෙරිකාවෙන් ප්‍රශ්නාවලියක් ලැබුණේය. එහි අසා තිබුණේ ජේ.ආර්. ආසම කෑම, ආසම සින්දුව ගැනය. ජේ.ආර්. තමා ආසම සින්දුව ලෙස සඳහන් කර තිබුණේ ෆ්‍රෑන්ක් සිනාත්රාගේ ‘අයි ඩිඩ් ඉට් මයි වේ’ සින්දුවය. ජේ.ආර්. ධවල මන්දිරයට ආ විට ඇමෙරිකානු ජනාධිපති රේගන් ලෝ ප්‍රකට ගායක ෆ්‍රෑන්ක් සිනාත්රාව ගෙනැවිත් ජේ.ආර්. ඉදිරිපිට ඒ සින්දුව ගායනා කරවූයේය. ජේ.ආර්. මවිතයට පත්විය.Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ආසම ඉංග්‍රීසි සින්දුව ෆ්‍රෑන්ක් සිනාත්රාගේ ‘අයි ඩිඩ් ඉට් මයි වේ’ සින්දුවය. ජේ.ආර්. ආසම සිංහල සින්දුව දන්නේ එවක අගමැති ප්‍රේමදාසය.

ප්‍රේමදාසගේ ගම්උදාවට එකල නැතුවම බැරි ගායිකාවක් වූයේ ලතා වල්පොලය. ගම්උදාව විවෘත කරන්න ජේ.ආර්. ආ විට ජේ.ආර්., ලතාගෙන් ජේ.ආර්.ගේ ප්‍රියතම සිංහල සින්දුව ගායනා කරවා ගැනීම පුරුද්දක් විය. ජේ.ආර්.ගේ පණිවුඩය ලතාට ගෙනියන්නේ ගම්උදා නිර්මාතෘ ප්‍රේමදාසය.

සින්දුව නම් ‘ශ්‍රීනි විභූෂිත ලංකා බැබළේ’ සින්දුවය. ජේ.ආර්. ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු ඇය මේ ගීතයේ පද රචනය වෙනස් කොට ගැයුවාය.

‘ජනපති ජය මංගල්ලේ
ජනපති කිරුළ දරා
ලක්දිව අසුන අරා
වැජඹෙනු රකින අපේ ලංකා…’

මේ, ඇය එම ගීතයට එක් කළ අවසාන පද පේළියය. ජේ.ආර්. ඒ පද වැලට කන් දුන්නේ ඉමහත් ප්‍රීතියෙනි. ඒ ඔහුගේ ප්‍රියතම ගීතය ඔහු වෙනුවෙන්ම ලංකාවේ ගීත කෝකිලාවිය ගායනා කළ නිසාය.
ජේ.ආර්.ටත් වඩා ලතාට ප්‍රිය කළේ ප්‍රේමදාසය. ප්‍රේමදාසට ලතාගේ ගීත කටපාඩම් විය. ඒ වගේම ජෝතිපාලත් ප්‍රේමදාසගේ ප්‍රියතම ගායකයකු සහ ළඟම මිතුරකු විය. පසු කලක ජෝති සහ ලතා විවාහ විය. ජෝතිගේ මරණය වෙලාවේ ජෝතිගේ දේහයට අවසන් බුහුමන් දක්වන්න ලතා එනවාට ජෝතිගේ පවුලේ ඇතැමුන් කැමැති වූයේ නැත. ලතා මේ අවනඩුව කීවේ ප්‍රේමදාසටය. එකල ප්‍රේමදාස අගමැතිය. ප්‍රේමදාස ලතාව වාහනයේ නංවාගෙන ගොස් ජෝතිපාලගේ දේහයට අවසන් බුහුමන් දක්වන්න ලතාට ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නේ ජෝතිපාලගේ පවුලේ අයට කරුණු කාරණා තේරුම් කරදීමෙන් පසුවය. එපමණක් නොව ජෝතිගේ අවසන් කටයුතු කරන වෙලාවේ ප්‍රේමදාස ප්‍රවීණ ගීත රචකයකු ලවා ජෝති උපහාර කවියක් නිර්මාණය කොට ලතා ලවා එය ගායනා කෙරෙව්වේය.

ජේ.ආර්., ප්‍රේමදාසව 1988 ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කළේ රට ගිනි ගනිද්දීය. ඒ, යූ.ඇන්.පී.ය සහ ජවිපෙ ගහමරා ගන්නා භීෂණ කාලයයි. 1988-89 ජවිපෙ කැරැල්ලට උත්තේජනය ලැබුණේ ප්‍රවීණ ගායිකා නන්දා මාලනීගේ ‘පවන’ ප්‍රසංගයෙනි. ඇය ‘පවන’ ප්‍රසංගයේ කී සින්දු ජවිපෙ කැරැල්ල සාධාරණීකරණය කරමින් ලියපු ගීය. මේ නිසා එකල ජවිපෙ සහ විපක්ෂයේ ජනප්‍රිය තරුව වූයේ නන්දා මාලනීය. ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂිකා බණ්ඩාරනායක මැතිනියගේ මැතිවරණ රැස්වීම්වල රැස්වීම් පටන් ගැනීමට පෙර විකාශය කළේ නන්දා මාලනීගේ පවන සින්දුවය. ජවිපෙ තරුණ තරුණියන් ‘මවුබිම නැත්නම් මරණය’ කියා ටී-56 තුවක්කු අරගෙන පාරට ආවේ නන්දා මාලනී පවනේ ගායනා කළ පරයන්ගෙන් බොටුව කපන්නටය.

නන්දා එලෙස ජවිපෙට සහ විපක්ෂයට උත්තේජනය දෙද්දී ප්‍රේමදාස ඔහුගේ ජනාධිපති අපේක්ෂකකම ප්‍රකාශයට පත්කළාට පසු රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයට පසු විකාශය කරන්න ගීතයක් ලතාට ගයන්න කීවේය.

‘රන් හිරු පායන දිනයක්
හෙට උපදින්නා…
අප එහි යන්නා…
ඔබ අප සැමගේ යුතුකම්
ඉටුකරමින්නා
හදවත් බන්දා
එක්වී ඉන්නා…’

දේශපාලනයක් අර්ථවත් නොකළ ඒ ගීතය එකල බෙහෙවින් ජනප්‍රිය විය. ලතාගේ මේ ගීතයෙන් අර්ථවත් කරන්නේ ප්‍රේමදාස සම්ප්‍රාප්තිය බව හැමෝම තේරුම් ගත්තේ ඒ සින්දුවේ අවසාන පදයේ ප්‍රේමදාසගේ නිවාස වැඩපිළිවෙළ සෙවණ තේමාව අඩංගු වූ නිසාය. නන්දා මාලනීගේ සින්දුවේ තිබුණේ වෛරයය. එය ජවිපෙට සහ විපක්ෂයට හොඳට ගැළපුණි. ලතාගේ සින්දුවේ තිබුණේ ප්‍රේමයය. එය ප්‍රේමදාසට හොඳට ගැළපුණි.

ප්‍රේමදාසට පසු යූ.ඇන්.පී. නායකත්වයට පත් රනිල් ප්‍රිය කළේ නව පරපුරේ ගායකයකු වූ රූකාන්තටය. ඔහු ඔහුගේ ජනාධිපතිවරණ තේමා ගීතය ගායනා කරවා ගත්තේ රූකාන්ත ලවාය.
ඒත් යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක කරු ජයසූරියගේ ප්‍රියතම ගායිකාව ලතා විය. ඔහු 1997 කොළඹ නගර සභා ඡන්දයේදී යූ.ඇන්.පී.යේ සංකේතයක් බඳු ලතාව යළි වේදිකාවට ගත්තේය. කරුගේත් ප්‍රියතම ගීතය වූයේ ජේ.ආර්. කැමැති ‘ශ්‍රීනි විභූෂිත’ ගීතයය. 1999 බස්නාහිර පළාත් සභා ඡන්දයේදී කරු ජයසූරිය ලතාට කියා ඔහු වෙනුවෙන් තව ගීතයක් ගායනා කරවා ගත්තේය.

එහෙත් පක්ෂ නායක රනිල්ගේ මතය වූයේ ලතාගේ ගීත නූතන පරම්පරාවට ගැළපෙන්නේ නැති බවය. 1999 පළාත් සභා මැතිවරණයේදී කොස්ගස් හන්දියේ රැස්වීමේදී ලතාගේ සින්දුව නතර කළේ නැත්නම් තමන් වේදිකාවට නගින්නේ නැතැයි රනිල් කරුට තර්ජනය කළේය. කරු ලතාගේ සින්දුවලින් පරණ යූ.ඇන්.පී.ය කරළියට ගෙන එන්න හදන බවට පක්ෂයේ කරු විරෝධීහු රනිල්ට කේළාම් කීහ. රනිල් කෝප වුණේ ඒ කේළාම් අහලාය.

යූ.ඇන්.පී.යේ ලතා සම්ප්‍රදාය දිගටම ආරක්ෂා කරගෙන ආවේ සජිත් ප්‍රේමදාසය. ඔහු කවදාවත් ලතා ලවා දේශපාලන සින්දු ගායනා කරවා ගත්තේ නැත. හැබැයි ලතාගේ උපන් දිනයට ලතාගේ ගෙදර ගොස් ලතාගේ ගීතයට පියානෝව වැයීම පුරුද්දක් කරගත්තේය. ප්‍රේමදාස වගේම සජිත්ද ලතාගේ ගීතවලට ඇලුම් කළේය. ලතාගේ උපන් දිනයට ලතා බලන්න එන සජිත්ගෙන් ලතා හැමදාම සජිත්ගේ දෑත් අල්ලාගෙන ඇසූ ප්‍රශ්නයක් තිබිණි.

‘කවදද ජනාධිපති වෙලා මාව බලන්න එන්නේ…?’

ඒ, ලතා අහපු ප්‍රශ්නයයි. ලතාගේ දේහය මල්ශාලාවේ තිබියදී දේශපාලනය කලඹන අපූරු සිද්ධියක් සිදුවිය. එනම් සජිත් යූ.ඇන්.පී.යේ ප්‍රධාන පෙළේ නායකයන් හමුවී සජබ සහ යූ.ඇන්.පී. එකතු කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමය.

ලතා, ධර්මදාස වල්පොල සමග විවාහ වූයේ වෙන කොහේවත් නොව සිරිකොතේය. ඒ, කෝට්ටේ සිරිකොත නොව කොල්ලුපිටියේ සිරිකොත මන්දිරයේය. එකල කොල්ලුපිටියේ සිරිකොත මන්දිරය විවාහ මංගල්‍ය සඳහා කුලියට දෙනු ලැබීය. ලතා සහ ධර්මදාස කොල්ලුපිටියේ සිරිකොත මන්දිරයේ විවාහ වුණේ මන්දිරය කුලියට ගෙනය. ඒ සිරිකොත මන්දිරය යූ.ඇන්.පී.යේ හිටපු නායක සර් ජෝන් කොතලාවලගේය. ලතා සහ ධර්මදාසගේ විවාහ දිවිය යූ.ඇන්.පී. මූලස්ථානය වූ සිරිකොතෙන් ආරම්භ වීමම දෛවෝපගතය.

‘එදා ඉඳන් ආ ගමනේ
හැරිලා බලන්න ආ මග
මල් පිපිලා
වාසනාවන්… වාසනාවන්…
ඒ සෙවණේ මාද එක්වේවා….
ඒ සෙවණේ මාද එක්වේවා…’

මේ, එදා ලතා ප්‍රේමදාසට ගයපු සින්දුවේ අවසන් පද පෙළය. යූ.ඇන්.පී.ය සහ සජබය එක සෙවණට එක්වෙන දිනයක් ගැන ලතා හීන මවන්න ඇත. එක්වුණොත් ඒ සෙවණට ඈද එක්වන්නට සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වහිනවා… ආයෙත් වහිනවා…! Sri Lanka Latest News

Next Post

ඉන්දියාවට නැතුවම බැරි වගීෂා…! ඒක මම ලබපු වෙනස්ම අත්දැකීමක්…! ‘අවසන් සටන’ නැතිනම් වගීෂා සල්ගාදු කියලා කෙනෙක් නැහැ… ! වගීෂා සල්ගාදු I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.