මෙවර මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නව දේශපාලන වාර්තාවක් තබා තිබේ.
ඒ, පක්ෂයක් පිහිටුවා ඉතාම කෙටි කාලයකින් විපක්ෂයේ බලය තහවුරු කර ගත් පළමු දේශපාලන පක්ෂය බවට පත්වීමෙනි.
මෙවර මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට ආසන 47ක් හිමි විය. ජාතික ලයිස්තුවෙන් හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාවත් සමග එය 54 දක්වා ඉහළ යනු ඇත.
ඒ අනුව නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට හිමි වනු ඇත.










