• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දේශපාලනයෙන් මං බැට කෑවා

August 8, 2020
in Heart
Reading Time: 2 mins read
A A
දේශපාලනයෙන් මං බැට කෑවා
Share on WhatsAppShare on Facebook

පබා ගැන මතකය මට මෙන්ම ඔබටද අමතක නැති බව නිසැකය. කොහොම අමතක කරන්නද? රෑ අටට පෞද්ගලික නාලිකාවක් හරහා ආලින්දයේ සිනමාව ග්‍රහණය කරගත් ‘මහ ගෙදරට කුල්සිට’ පබා නිසා සිය කාල වේලාව පවා එදා වෙනස්කර ගැනීමට සිදුවිය. එලෙසින් ප්‍රේක්‍ෂකයන් අතර පබා ‘හිට්’ එකක් කරලීමේ මෙහෙවරට උරදුන් ප්‍රධානම පංගුකාරත්වයට උරදුන්නේ ‘උපේක්‍ෂා ස්වර්ණමාලිය.’ එතැන් පටන් විවිධ චරිතයන් තුළින් ප්‍රේක්‍ෂක සිත්සතන් තුළ කදිම මතකයක් තැබූ ඈ ඉතාම කැමැත්තෙන් තමා රඟපෑ තවත් අලංකාර චරිත නිරූපණයක් ගැන කතාබහ කිරීමට ‘හාට්’ විශේෂාංගයට සිය හදවතින්ම එක්වූයේ මෙලෙසිනි.
ඉතින් උපේක්‍ෂා, කොතැනින්ද අපි දැන් පටන්ගන්නේ?
ඕනෑම ආරම්භයකට මම කැමැතියි.
අපි පබාගෙන් ආරම්භ කරමු එහෙනම්?
අයියෝ, පබා ගැන කතා කළ වාර අනන්තයි. වෙන තැනක් හොයමු නේද?
එහෙම නම් නොසිතූ ලෙස ඔබ මැදිවූ දේශපාලන ඉසව්වෙන් පටන් ගනිමුද?
දේශපාලනය කියන්නේ නම් මට කතා කරන්න අකැමැතිම මාතෘකාවක්. එයට මම යොමු වුණේද කිසිවකුගේ බලපෑමක් මතයි. අනෙක දේශපාලනය නිසා මාධ්‍ය තුළින් මම බොහොම බැට කෑවා. ඒ වගේම දේශපාලනයට මැදිවීම නිසා හොඳ කලා නිර්මාණ පවා මට අහිමි වුණා. උසස් නිර්මාණකරණයෙහි යෙදෙන ස්වාධීන නිර්මාණකරුවන් ඒ දවස්වල මාව ඔවුන්ගේ ටෙලිනාට්‍යවලට සම්බන්ධකර ගන්නත් කැමැති වුණේ නැහැ. විශේෂයෙන්ම ‘පබා’ ටෙලිනාට්‍යයෙන් කිසිම හේතුවක් නැතුව අවසාන භාගයේදී මගේ චරිතය කපා දැමුවේ මාව අයින් කළේ මම යූ.එන්.පී. පක්‍ෂයෙන් ඡන්දය ඉල්ලූ නිසයි. ඇත්තෙන්ම ඒ දේශපාලන මතකයන් හරිම අමිහිරියි. ඒ නිසා අප එය අතහැර දමමු. අනෙක මම රංගන ශිල්පිනියක්. ඔබ ආවේ ඒ රංගන ශිල්පිනිය හමුවෙන්නයි. ඒ නිසා අප ‘උපේක්‍ෂා ස්වර්ණමාලි’ කියන රංගන ශිල්පිනිය ගැන කතා කරනවා නම් එය ඉතාම ප්‍රියජනක වේවි මං හිතන්නෙ.
හොඳයි එහෙම නම් අප ‘පානාමංකඩ’ වෙතට පියනඟමු උපේක්‍ෂා?
ඉතාම සතුටින් මම බාරගත් චරිතයක් තමයි ඒ. නිතර බිහි නොවන නිර්මාණයන් අතර පානාමංකඩ ටෙලි කතාව ප්‍රේක්‍ෂකයනට නවමු අත්දැකීමක් වේවි.
කතා තේමාව ගැන කෙටියෙන් සඳහන් කරමුද?
ඔව්, ‘පානාමංකඩ’ ටෙලිනාට්‍ය හරහා විකාශනය වන්නේ අපේ හෙළ සංස්කෘතිය ගැනයි. ගැමිකමෙහි පරතෙරට ගිය මේ ලස්සන නිර්මාණයට සහභාගි වෙන්න ලැබීමත් විශාල භාග්‍යයක් කියලයි මට හිතෙන්නේ. මෙයට තේමා වන්නේ උඩරට සුප්‍රසිද්ධ නැට්ටුවකුගේ අලංකාර කතාවක්. සිංහල සංස්කෘතිය සමඟ නැටුම් කලාවට ඒ ගුරුතුමා දක්වන අසීමිත ලැදියාව, එය රැකගැනීමට ඔහු දරන වෙහෙස මෙම ටෙලිනාට්‍ය හරහා විකාශනය වෙනවා. නැටුම් ගුරුතුමාට දූවරු පස්දෙනෙක් සිටිනවා. ඒ දූවරු පස්දෙනා අතර වැඩිමල් දුව මමයි. ‘ලොක්කි’ යන චරිතය ඔස්සේ මගේ රංගනය දිගහැරෙනවා.
ඒ කියන්නේ ඔබ මෙහි රඟන්නේ නර්තන ශිල්පිනියක ලෙසයි?
ඔව්, මෙහි නිර්මාණකරණය සඳහා සහාය වන්නේද නර්තන ශිල්පිනියක්, ඈ වෘත්තීමය වශයෙන් උඩරට නැටුම් ගුරුවරියක වූ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනී මේනකා පීරිස්ය. ‘පානාමංකඩ’ අධ්‍යක්‍ෂණය කරන්නේ ඇගේ සැමියා වූ රනිල් කුලසිංහයි. අනෙක මේනකා පීරිස් කියන්නේ මා හා බොහෝ අවස්ථාවල සමීපතව කටයුතු කළ සුහද රංගන ශිල්පිනියක්. ‘පානාමංකඩ’ ලොක්කිගේ චරිතය සඳහා මට ආරාධනා කළේද ඇයයි.
‘පානාමංකඩ’ ලොක්කි ගැන ඔබ බොහොම උනන්දුවෙන් කතා කරනවා වාගේ?
දැඩි ආත්ම ශක්තියකින් තමයි ලොක්කිගේ චරිතය කළේ. ඒ වෙනුවෙන් මම ආධ්‍යාත්මිකව කැපවුණා කිව්වොත් හරියටම හරි. ඉතාම දුරබැහැර ප්‍රදේශයක තමයි මෙහි රූගත කිරීම් සිදුවුණේ. සති එකහමාරක් පමණ වැඩ කරලා ඡන්දය දාන්න ඕනෑ නිසා අපි හැමෝම කොළඹ ආවා. හැබැයි ‘පානාමංකඩ’ ලොක්කිගේ රංගනයෙන් මඳකට වාගේ ඈත් වුණාට ගෙදරදි එහා මෙහා යනකොට පවා මට දැනෙන්නේ ලොක්කි මාත් එක්කම ඉන්නවා කියලයි. බොහෝ විට මට මේ මොහොතේද දැනෙන්නේ මට ‘පානාමංකඩ රූගතකිරීම්වල නියැළී සිටින බවයි. සත්තකින්ම ඒ තරමටම මම ‘ලොක්කිගේ’ චරිතයට ප්‍රවිෂ්ටව සිටියා.
ප්‍රේක්‍ෂකයන් ලොක්කිට හොඳ ප්‍රතිචාරයක් දෙයි කියා හිතනවද?
ඒ ගැන මා තුළ තියෙන අදහස මෙහෙම කියන්නම්. ප්‍රේක්‍ෂකයා අපට හොඳ ප්‍රතිචාරයක් දෙයි කියන බලාපොරොත්තුව මත නිර්මාණයක නියැළීම මම අනුමත කරන්නේ නැහැ. පබාගේ චරිතය කරනවිට වුවද මට ඒ තරම් ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබෙතැයි මම හිතුවේ නැහැ. හැබැයි නොසිතූ ලෙසයි එය මට ලැබුණේ. යම් චරිතයක් නිරූපණය කරන විට අප තුළ තිබිය යුත්තේ කැපවීමයි. එම කැපවීම තුළ අප සතු උපරිම දායකත්වය අප ඒ කියන චරිතයට දිය යුතුමයි. ‘පානාමංකඩ’ සෙට් එකේදී මේනකාගේ මහත්තයා අපි හැමෝටම කිව්වේ ‘මේක අපේ වැඩක් අපේ තෘප්තිය සඳහා කරන නිර්මාණයක්. අන්න ඒ නිසා මේ වෙනුවෙන් උපරිමව කැපවෙන්න කියලයි. රනිල් කුලසිංහ වන ඔහු තුළ ‘පානාමංකඩ ප්‍රේක්‍ෂකයා අතර අංක එකේ ටෙලිනාට්‍යය කරන හැඟීමක් තිබුණේ නැහැ. ඔහුට අවැසි වුණේ ‘කැපවීමයි’ මමත් සිටින්නේ අන්න එැතනයි.
ඒ කැපවීම හරහාද උපේක්‍ෂා ‘පානාමංකඩ ලොක්කි’ ගැන තෘප්තිමත්ව සිටින්නේ?
අනිවාර්යයෙන්ම මම එයට ‘ඔව්’ කියනවා. අනෙක මම විතරක් නෙවෙයි ‘පානාමංකඩ’ ටෙලියේ රූගත කිරීම් තුළදී හැමෝම ඒ කැපවීම මත තමයි කටයුතු කළේ. ‘පානාමංකඩ’ නැටුම් ගුරුවරයාගේ විශාල පොල්අතු ගේ පවා හැදුවේ එහි ප්‍රඩක්ෂන් එක විසින්. ඒ ගෙදරට පාර කැපුවේද ඔවුන්මයි. කලා කටයුතු බාරව සිටින ධම්මික මල්ලි ඉතාම නිර්මාණශීලීව එම කටයුතු මෙහෙයවූවා. ඒ සියල්ල සිදුවන පරිසරය තුළ අප ගෙවූ දවස් හරිම සුන්දරයි, ඇත්තටම නිතර සිහි කරමින් සතුටු වෙන්න පුළුවන් ලස්සන කාලයක් එතැන තිබුණා.
‘පානාමංකඩ’ ගැන තව සොඳුරු කතා තියෙනවද උපේක්‍ෂා කියන්න?
මං හිතන්නෙ අදට මේ ඇති. ඉතිරි සොඳුරු කතා ගෙතීම ප්‍රේක්‍ෂකයාට අයිති දෙයක් මම හිතන විදියට.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වාසනාව පාදන කේන්දරයේ ත්‍රිකෝණ බලය

Next Post

ආන්දෝලනාත්මක කුරුණෑගල රජ මාලිගය

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.