• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘ඔය වගේ දේවල් කරන්න එපා අර පොඩි හාමුදුරුවන්ට…!’ මට කරන්න හම්බෙන්නෙම විලන් රෝල් ! බැණුම් ඇහිල්ලේ ඉවරයක් නැහැ! අනිත් අයත් සතුටු කරලා මාත් සතුටු වෙනවා…! රඟපාන්නේ මිනිසුන්ට යහපතක් කරන්න…!- නදීශානි පේලිආරච්චි I Sri Lanka Latest News

December 21, 2025
in Heart
Reading Time: 3 mins read
A A
‘ඔය වගේ දේවල් කරන්න එපා අර පොඩි හාමුදුරුවන්ට…!’ මට කරන්න හම්බෙන්නෙම විලන් රෝල් ! බැණුම් ඇහිල්ලේ ඉවරයක් නැහැ! අනිත් අයත් සතුටු කරලා මාත් සතුටු වෙනවා…! රඟපාන්නේ මිනිසුන්ට යහපතක් කරන්න…!- නදීශානි පේලිආරච්චි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාසල් වේදිකාවෙන් වේදිකා ජීවිතය ආරම්භ කර අද වනවිට සම්මානනීය වේදිකා නිළියක් වන නදීශානි පේලිආරච්චි ඉදිරියේදී වේදිකාගත වීමට නියමිත ‘බි්‍රස්බේන් මනාලයා’ තුළින් ආදරණීය ඔබ හමුවීමට නියමිතයි. නදීශානි සමග ඒ ගැන කතාබහ කරන්න ‘හාට්’ අපි ඇයව සම්බන්ධ කරගත්තා.Sri Lanka Latest News

කොහොමද මේ දවස්වල රංගන ජීවිතේ?
මේ දවස්වල අසංක සායක්කාර අධ්‍යක්ෂණය කරන කොටු ටෙලිඩ්‍රාමා එකේ වැඩකටයුතු සහ ඉදිරියේදී විකාශනය වීමට නියමිත සිත නිදි නෑ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරනවා. ඒ වගේම වේදිකාව පැත්තෙන් ගත්තොත් අජිත් ලොකුගේ අධ්‍යක්ෂණය කරන සිත නිදි නෑ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරනවා. ඒ වගේම වේදිකාව පැත්තෙන් ගත්තොත් අජිත් ලොකුගේ අධ්‍යක්ෂණය කරන කපිල කුමාර සාරංග රචනා කරපු බි්‍රස්බෙන් මනාලයා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂවරයාගේ නාට්‍යයකටත් මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා.
‘බි්‍රස්බෙන් මනාලයා’ වේදිකා නාට්‍යය ගැන කතා කළොත්?
මට ලැබිලා තියෙන්නෙ මැදි වියේ චරිතයක්. මං මේ වගේ චරිතයක් රඟදක්වන පළමුවැනි වතාව. විහිළු චරිතයක්. සුන්දර මැදි වියේ කාන්තාවකගේ සිතුවිලි එක්ක ජීවිතේ තියෙන ඒකාකාරීකම වගේම ජීවිතේ හොයාගෙන යන ලස්සන චරිතයක්.
කලා මාධ්‍යයන් තුන අභියෝගාත්මකද?
වේදිකාව, රූපවාහිනිය, සිනමාව එකිනෙකට වෙනස් ශානරයන් තුනක්. ඇත්තටම අභියෝගාත්මකයි. අරකට වැඩිය මේක හොඳයි නරකයි කියලා කියන්න බෑ. අභියෝගාත්මක වුණත් ඉදිරියට යන්න පදනම වැටුණේ වේදිකාවෙන්.

වේදිකාව තුළදී ලැබෙන ක්ෂණික ප්‍රතිචාර රංගනයට බාධාවක් වුණාද?
වේදිකාවේ මුල් කාලයේ රංගනයේ යෙදෙන විට ඒක අමුතු කුතුහලයක් මොකක්ද දැන් මේකට කරන්නේ කියලා හිතනවා මිසක් ඒක බාධාවක් නෙමෙයි. නාට්‍යය යන අතරතුරේ ප්‍රේක්ෂකාගාරය හිනාවෙනකොට අපිට නාට්‍යය නතර කරන්න බෑ. මුල් කාලේ කුතුහලයක් තිබුණත් දැන් එහෙම නෑ. ඇත්තටම මේවා හරි තාක්ෂණික කාරණා. අත්දැකීමෙන් තමයි ලැබෙන ක්ෂණික ප්‍රතිචාර බාධාවක් නොවන ආකාරයට ගොඩනගා ගන්නේ. මං රඟපාපු හැම නාට්‍යයකම වගේම මේ වගේ ප්‍රතිචාර ලැබිල තියෙනවා.
ඔබ රංගනයට අමතරව මනෝ උපදේශකවරියක්. කොහොමද වෘත්තීන් දෙකක් කරන්නේ?
ඇත්තටම මේ වෘත්තීන් දෙකම එකිනෙකට සම්බන්ධ වෘත්තීන් දෙකක්. මුල් කාලයේ මගේ වෘත්තිය රංගනය. මේ වෙනකොට මගේ ප්‍රධාන වෘත්තිය මනෝ උපදේශකවරියක් ලෙස කටයුතු කිරීම. විශේෂයෙන් කියන්න ඕනෙ කාරණාවක් තමයි මම රංගනය කරන්න ගත්තේ සමාජයේ මිනිස්සුන්ට යහපතක් කරන්න ඕනෙ කියල හිතාගෙන. ඒක මං අද කරනවා. මම රංගනය ජනප්‍රිය වෙන්න හිතාගෙන කළේ නෑ. සමාජයට යහපතක් කරන්න තමයි පටන් ගත්තේ. මිනිස්සුන්ට යහපතක් කරන්න පුළුවන් වෘත්තීන් දෙකක්. මම සතුටු වෙනගමන් මම අනික් මිනිස්සුත් සතුටු කරනවා.
රංගන ජීවිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
වාසනාවකට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං මේ වෙනකම් රඟපාපු හැම චරිතයකටම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා. මට කරන්න හම්බෙන ගොඩක්ම චරිත විලන් රෝල්. මං රඟපාපු චරිතවල තරහට මට බණින ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. චරිතේ නම කියලම බණින අවස්ථා තියෙනවා. ‘සිදු’ ටෙලිඩ්‍රාමා එක රඟපාපු කාලේ ආච්චි කෙනෙක් ඇවිල්ල මගේ අතින් රිදෙන්න අල්ලලා නම මොකක්ද කියලා ඇහුවා. ‘මොන නදීශානියෙක්ද රූපිකා නම, ඔය වගේ දේවල් කරන්න එපා අර පොඩි හාමුදුරුවන්ට’ කියලා බැන්නා. ඒවත් මට ලැබෙන ප්‍රතිචාර තමයි. මං ඒ චරිත හොඳට කරලා තියෙනවා කියල තේරුණාම. ඒ වගේම දුකයි විලන් චරිත නිසා හැමෝගෙන්ම බැණුම් අහන්න වෙනවා.
කොහොමද පවුලෙන් ලැබෙන සහයෝගය?
මට ඉතාමත් අවබෝධයෙන් සිටින ස්වාමිපුරුෂයෙක් ලැබිලා තියෙනවා. එයත් මේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. ඒ වගේ මගේ අම්මා මගේ කැමැත්තට ඉඩ දීලා මට සහාය දුන්නා. තාත්තා නම් කැමැති නෑ මං රඟපානවාට. ඉතින් මගේ පවුලෙන් මට ගොඩක් හොඳ අවබෝධයක් සහ සහයෝගයක් දෙනවා.

SendShareShare
Previous Post

හැම දෙයක්ම ඕනෑකමින් කැපවීමෙන් කළා! මට ලොකුම හයිය වුණේ මහේන්ද්‍ර අයියා…! ගයාන් වික්‍රමතිලක I Sri Lanka Latest News

Next Post

වැඩ ඉල්ලගෙන පස්සෙන් ගියේ නෑ…! ඒ ගැන කතා නොකර ඉමු… ! කොහොමත් මම සම්මාන හඹායන නිළියක් නෙවෙයි…! සයනයිඩ් කියන්නේ ප්‍රබල නිර්මාණයක්…! ගීතා කාන්ති ජයකොඩි I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.