• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

එදා සහ අද වන්දනාවේ වෙනස

August 31, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
එදා සහ අද වන්දනාවේ වෙනස
Share on WhatsAppShare on Facebook

පහුගිය නිකිණි පුර පසළොස්වක පෝය දවසේ අපි බෞද්ධ විහාරස්ථාන කිහිපයකටම ගියා. ඇත්තටම අපි එහෙම ගියේ වන්දනා ගමනක්. කෑගල්ලෙන් පටන් ගත්තු වන්දනා ගමන අපි ඉවර කළේ අනුරාධපුරයෙන්. යන අතරමගදි අපි ප්‍රසිද්ධ විහාරස්ථාන කිහිපයකට යන්නත් අමතක කළේ නෑ. එදා පෝය දවසක් හින්දා අපි ගිය විහාරස්ථානවල හිටියේ පුදුම සෙනඟක්. ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය යහපත් පැත්තකට හැරිලා තියෙන එකේ ඒ සෙනඟ ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ. කොහොමින් හරි අපි ඒ වන්දනා ගමන් තුළදි දකින්න උවමනා නැති හුඟාක් දේවල් දැක්කා. ඇත්තටම අද මෙහෙම ලිපියක් ලියන්න හේතුවත් ඒකම තමයි.

කතාව කියන්න කලින් අපි අපිටම එක බරපතළ කොන්දේසියක් දාගත්තා. ඒක තමයි ලිපියේ කොයිම තැනකවත් අපි කියන සිදුවීම දැකපු විහාරස්ථානයේ නම සටහන් නොකරන්න. මොකද අපේ මිනිස්සු කරන සමහරක් දේවල්වලට ඔවුන් යන එන විහාරස්ථානය පලි නෑ. ඇත්තටම අපි මේ අනුන්ගේ දේවල් හොයනවා කියලා හිතන්න එපා. අනුන්ගේ කුණු ඇත්තටම අපිට එපා. ඒත් අපේකම වෙනුවෙන් අපිට මේ කතාව නම් ලියන්නම වෙනවා. සමහර විට අපේ කතාව අස්සේ ඔබත් ඇති. එහෙම හිටියොත් අපි ඔබට සමාවෙන්න කියන්නේ නෑ. පුළුවන් නම් ඔබ හැදෙන්න. අපි ජාති ආගම් භේදයක් නැතුව ඔබෙන් ඉල්ලන්නේ එච්චරයි. ඉතින් කතාව අස්සේ ඔබත් හිටියොත් ඔබ ගැන ඔබම තීරණයක් ගන්න.

අපි එක්තරා විහාරස්ථානයකට ගියා. අපි යද්දිත් බණ මඩුවේ හාමුදුරුනමක් බණක් දේශනා කරනවා. ඒක හරි ලස්සන බණක්. උපාසක අම්මලා ඒ බණ අහනවා. හාමුදුරුවෝ හිතන්නේ එහෙමයි. අපි හිතන්නෙත් එහෙමයි. ඒත් හැමදේම එහෙම නෑ. අපි දැක්කා සමහර උපාසක අම්මලා බිත්තියකට කොන්ද හේත්තු කරන් හරිම සැපට නිදි. සමහරු කට ඇරන් ගොරවන සයිස් එකට නිදි. හැබැයි අපේ හාමුදුරුවෝ ලස්සන බණක් කියනවා. ඔය අස්සේ තවත් උපාසක අම්මෙක් තමන් ගෙදරින් ගෙනාපු මල්ලකට අතක් යවලා මොකක්ද හොයනවා. අපි බැලුවා ඒ මොකක්ද කියලා. කියවන ඔබ හිනාවෙන්න එපා ඒ හොයන්නේ බුලත් විටක්. අපි දන්නේ නෑ බණ අහන ගමන් ඔය කරන දේවල් හරිද වැරැදිද කියලා. ඒත් නිදියන ගමන් බණ අහන වගේම බුලත් විටක් හපන ගමන් බණ අහන රටක් අපි මීට කලින් අහලවත් දැකලවත් නෑ. ඒ හින්දා අපිට මේ දේවල් මාරයි.

අපි ඊළඟට ගියේ ලංකාවේ ඉතාමත්ම සුප්‍රසිද්ධ විහාරස්ථානයක් වඳින්න. එහෙදිත් අපි ඊටම සමාන දේවල් ටිකක් දැක්කා. එක උපාසක අම්මෙක් පන්සලේ ගහකට මුවාවෙලා හෙමිහිට මුමුණනවා. කවුරුත් එක්කද එහෙම මුමුණන්නේ කියලා ඇත්තටම අපිට බලන්න හිතුණා. දෙයියනේ ඒ උපාසක අම්මා මේ සිල් සමාදන් වෙන්න ඇවිත් තියෙන්නේ ෆෝන් කෑල්ලකුත් උස්සගෙන. කඩන්නේ මල් නොවුණට එක දවසකට හරි ෆෝන් එක ගෙදර තියලා එන්නම බැරිද කියලා අපිට හිතුණා. ඒක දැකපු අපේ සහෝදරයෙක් එදා මට හොඳ කතාවක් කිව්වා.
“අපේ අම්මගේ අම්මා ඔයිට හපන් මචං. එයා සති අග සෙනසුරාදට ඉරිදට එහෙම ඔය පෝයක් වැටුණොත් සිල්ගන්න යන්නෙත් නෑ. ඇයි ඔය සිල් ගත්තම ගෙදර යන්නේ පහුවදාට හින්දා ටීවී එකේ රෑට පෙන්නන අර මොකක්දෝ කතාවක් බලන්න බැරි වෙනවලු. එව්වා මොන සිල්ද මන්දා මචං. මම ඔය වැඬේට දවසක් එයා අමතලා හොඳටම කියලා දුන්නා…”

අපි දන්න විදියට පෝයට සිල් ගන්න යන්න ඕනේ විදියක් තියෙනවා. ඒ විදිය ඇතුළේ ඔය සියලුම බැඳීම් ප්‍රශ්න කරදර රාගය ආශාව යන බොහෝ දේවල් අපිට විහාර දොරෙන් ඇතුළට ගෙනියන්න බෑ. ඒත් අපේ මිනිස්සු හරි වෙනස් කියනවනේ. ඒ හින්දම එයාලා ඕං සිල් ගන්න යද්දි ෆෝන් එකේ ඉඳන් බඩගින්නක් ආවම කන්න බිස්කට් එකක් වගේම බුලත් විටට යනකල් දේවල් ගෙනියනවා. ඒ මදිවට රෑට පෙන්නන බහුබූත ටෙලිනාට්‍ය ටිකත් ඇරන් යනවා. ඉතින් එහෙම ගන්න සිල් යන්නේ කොහාටද කියලා අපිට තියෙන්නේ පොඩි අවුලක්. ඒත් ඉතින් ඒ අවුලට උත්තර අපි දන්නේ නෑ.

සිදුහත් බෝසතුන් සියල්ල අත්හැරපු තැන තමයි බෝධිය කියලා කියන්නේ. ඒත් අපේ මිනිස්සු සියල්ලම ඉල්ලන්න යන්නෙත් බෝසතුන් ඒ සියල්ල අත්හැරපු බෝධිය ළඟට. අපි දැක්කා සමහර බෝ ගස් තියෙනවා පඬුරු බරට බිම ගෑවෙනවා. පාට පාට කොඩිවල බරට එල්ලෙනවා. අපේ මිනිස්සු අන්න ඒ විදියයි. තවත් එක විහාරයක අපි දැක්කා හරිම ලස්සන පවුලක් පන්සල් ඇවිත් හිටියා. ඒ පවුලේ හිටියේ අම්මයි දුවලා දෙන්නා සහ ආච්චියි. පවුලක ඉන්නම ඕනේ කියන අප්පච්චි නැත්නම් තාත්තා අපි එතැන දැක්කේ නෑ. දුවලා දෙන්නා හරිම ලස්සනයි. ඇඳලා හිටියේ දිග සායක් එක්ක අත් දිග බ්ලවුස්. හැබැයි ඒ ගෑනු ළමයි දෙන්නට නිදහසේ වඳින්න කරන්න ඉඩක් ලැබුණේම නෑ. මොකද පිරිමි ළමයින් දහයක් පහළොවක් පොඩි තුණ්ඩු කෑලි වගයක් ඇරන් අර දෙන්නගේ පස්සෙන් පන්නනවා. අර තුණ්ඩු කෑලි අස්සේ ඇත්තේ ෆෝන් නම්බර්ස් වෙන්න ඇති. ඇත්තටම මට ඒ ගෑනු ළමයි දෙන්නා ගැන දුක හිතුණා. අඩුම තරමේ තමන් ඉන්නේ පන්සලේ කියලාවත් ඒ ආපු පිරිමි ළමයින්ට තේරුණේ නැද්ද මන්දා. ඒ අපි දැකපු තවත් එක සිදුවීමක් විතරයි.

මල් කෙල්ලන්ගෙන් නෙලුම් මල්, ඕලු මල් ගන්න සමහර මිනිස්සු නැට්ට කඩලා බිමට දානවා. සමහර අය නැට්ට හංගනවා. තවත් අය පස්සේ ගන්න වගේ බැම්මක් උඩ තියලා මාරු වෙනවා. අපි ඒක දැක්කේ අනුරාධපුරේ. අන්න ඒ කියපු ටික අර රුවන්වැලිසෑය ළඟදි හොඳටම බලන්න පුළුවන්. රුවන්වැලිසෑයට මල් තියන මිනිස්සු අත් දෙක නළලට ඇරන් “සාධු සාධු සාධු” කියලා අත් පහළට දානවා. ඇයි ඒ අය අර චෛත්‍යය වඳින ගාථාව දන්නේ නැද්ද? අඩුම තරමේ පන්සිල්වත් ගන්න බැරිද? ඒවා දකිද්දී ඇත්තටම අපිට එහෙම හිතෙනවා. ඒත් අපි නොදැක්කා වගේ බලන් ඉන්නවා. සමහර තරුණ උදවිය රුවන්වැලිසෑය ළඟට එන්නෙත් කනේ හෑන්ඞ් ෆ්‍රී දෙක ගහගෙන. ඒක හරි කැතයි. ඒ අස්සේ තවත් තරුණයෝ දෙතුන් දෙනෙක් ගෑනු ළමයින්ට උප්පැන්න හදනවා. හැබැයි සුද්දෝ සුද්දියෝ හැදියාවක් ඇතුව ඇවිත් මල් තියලා මළුවේ අයිනක ඉඳගෙනත් ඉඳලා යනවා දැක්කා. අවංකවම අපිට අපේ මිනිස්සු ගැනම එදා නම් ලැජ්ජා හිතුණා.
ශ්‍රී මහා බෝධිය වඳින්න මහා සෙනඟක් ඇවිත් හිටියා. තමන්ගේ වාරේ එනකල් ඉන්නේ නැතුව අපේ සමහරු රිංගනවා. තෙරපෙනවා. තල්ලු කරනවා. ඒත් නැත්නම් බණිනවා. ඔය වගේ හිතකින් ගිහින් උතුම් ශ්‍රී මහා බෝධිය වඳින එකෙන් ඇති වැඩක් නෑ. අපි බලන් හිටියා. ටිකකින් සෙනඟේ අඩුවක් පෙනුණා. අපිත් උඩ මළුවට ගිහින් බෝධිය වැන්දා. නිකමට වගේ ප්‍රාර්ථනා වෘක්ෂය තියෙන පැත්ත බැලුවා. ලොකු ඉතිහාසයක් නැති එතැන මිනිස්සු පිරිලා. එයාලා එතැන ඉඳන් මහා හුඟාක් දේවල් ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් දේවල් ඉල්ලනවා. අපිට ඉල්ලන්න දෙයක් නෑ. අපි අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා ඔන්න පහළට ආවා. ඒ ප්‍රාර්ථනාව කළේ උතුම් ශ්‍රී මහා බෝධිය ඉස්සරහා මිසක් ප්‍රාර්ථනා වෘක්ෂය ළඟ නම් නෙවෙයි. කොහෙත් උපාසක අම්මලා එකයි. සමහරු හරි සැපට නිදි. තවත් අය කතා කරනවා. හැබැයි බණ පොතක් කියවන් නිදහසේ ඉන්න අයත් ඔය අස්සෙන් ඉන්නවා. ඒත් නිදන් ඉන්න අය දැක්කම එපා වෙනවා. ඔය අතරේ කවුදෝ මන්දා මහත්තයෙක් නොමිලේ බණ සී.ඩී. වගයක් බෙදනවා. නිකන් දෙනවා නම් පොලු පාරක් හරි කමක් නෑ කියන මිනිස්සු ඒවා ගන්න පොරකනවා. මිනිස්සු බණ අහන්න මෙච්චර කැමතිද? අපිට එහෙමත් හිතෙනවා. කොහොමින් හරි අපි වාහනේට නැඟලා ගෙදර එන්න හදද්දී අත පය හතර හොඳට තියෙන මනුස්සයෙක් වාහනේ වීදුරුව කඩන්න හදනවා. අනුරාධපුරේ එහෙම කතා දැන් තියෙනවා.

අපි දැන් අපේ කතාව ඉවර කරන්නයි යන්නේ. අපි මේ කිව්වේ පිටරට කතාවක් නෙවෙයි. ඇත්තටම අපි මේ කිව්වේ ලංකාවේ අපේ කතාවක්. මේ කතාව මහා හුඟාක් පරණ නෑ. වැඩිම වුණොත් දවස් දහයක් විතර පරණයි. අපි මේ වන්දනා ගමන ගියේ පෝය දවසක හින්දා අපිට වැරැදි පෙනුණා වැඩියි. දැන් කියවන ඔබ අහයි අපි වන්දනා ගමන ගියේ වැරැදි හොයන්නමද කියලා. ඇත්තටම නෑ. අපි ගියෙත් වන්දනා ගමනක්. ඒ වුණාට අපි පෑනට හුරු මිනිස්සු. ඒ හින්දා වැරැද්දක් දැක දැක අපිට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න බෑ. ඉතින් අවසානයේ අපි කියන්නේ මෙච්චරයි. බෞද්ධ විහාරස්ථානයක් කියන්නේ මොකක්ද කියලා ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔබත් වැරැදි කරනවා ඇති. ඒත් විහාරස්ථානයක දොරටුවෙන් එහා කියවන ඔබ හැසිරෙන විදියටම ඒ දොරටුවෙන් මෙහාදි ඔබට හැසිරෙන්න බෑ. ඒක නීතියක් නෙවෙයි රීතියක්. අන්න ඒකමයි අපි මෙහෙම කතාවක් ලිව්වේ. ඉතින් කතාව ලියපු මං හරිද නැද්ද කියලා කියවන ඔබම තීරණය කරන්න.
නලින්ද සෙනෙවිරත්න

SendShareShare
Previous Post

දේවිකාගේ අමතක නොවන අතීතය

Next Post

සුනාමියටත් සෙලවුණේ නැති මහා බලගතු සීනිගම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.