ජාත්‍යන්තරව පිළිගත් සම්මානනීය රෝහලක් ලෙස ප්‍රචලිත ලංකා හොස්පිටල්ස් හෘද හා ස්නායු වෛද්‍යමය විශේෂිත කැතීටකරණ ඒකකය අධි තාක්ෂණික උපකරණ යොදා නවීකරණය කර ඇත. මේ ඒකකයේ උපකරණ ඇසුරින් රෝගීන්ට හෘද විද්‍යාත්මක හා ස්නායු විද්‍යාත්මක ප්‍රතිකාර වන ඇන්ජියෝග්‍රෑම්, ඇන්ජියෝ ප්ලාස්ටි, ස්ටෙන්ට් දැමීම හා උපකරණ බද්ධ කිරීම ආදිය කළ හැකිය. “ලංකා හොස්පිටල්ස්හි නවතම අධි තාක්ෂණික කැතීටකරණ පහසුකම් යටතේ හෘද රෝග ප්‍රතිකාර කඩිනමින් හා ඉහළ නිරවද්‍යතාවකින් කර ගත හැකියි. එමගින් විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට වඩාත් නිවැරැදිව රෝග හඳුනා ගැනීම පහසු වෙනවා. මෙය ලංකා හොස්පිටල්ස් හෘද මධ්‍යස්ථානයේ තවත් විශාල ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකියි.” ලංකා හොස්පිටල්ස්හි වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ මහතා පැවසීය. මේ දක්වා සාර්ථක හෘද සැත්කම් 8000කට අධික සංඛ්‍යාවක් කර ඇති ලංකා හොස්පිටල්ස් හෘද මධ්‍යස්ථානය මෙරට පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ හෘද සත්කාර පුරෝගාමීයා වශයෙන් සැලකේ.
සෞඛ්‍ය සේවා අංශයේ අතිශය කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකීය රෝහල වන ලංකා හොස්පිටල්ස් JCI ජාත්‍යන්තර තත්ත්ව සහතිකයේ 6 වැනි අදියර මෙන්ම වෛද්‍ය සංචාරක තත්ත්ව සංධානයේ (Medical Travel Quality Alliance – MTQUA) World Respected Medical Tourism සහතිකයද දිනා ගත් රෝහලකි.











